වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – වෙබ් අඩවිය සෙවුම්යන්ත්‍රවලට ඇතුල්කරගැනීම

වෙබ් අඩවියක් හදාගත්තාම ඊගඟට කරන්න තියෙන්නේ ඒ හදාගත්ත සයිට් එක Search engine වලට හසුකරවීමයි. මේ විදියට හසුකලාම අපිට ලැබෙන වාසිය තමයි අපේ වෙබ් සයිට් එකට එන අමුත්තන් ගනන වැඩිකරගන්න පුලුවන්. ඒ වගේම ගුගල් ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරන්නත් තමන්ගේ වෙබ් අඩවිය Search engine වල හොද රෑන්ක් එකක් තියෙන්න ඕන. මේකට කියන්නේ Search Engine Optimization කියලා. මේ සදහා පහල තියන අඩවි වලට ගිහින් ඔබේ විස්තර ලබාදෙන්න. එවිට දින කීපයකින් ඔබේ වෙබ් අඩවිය ඇතුලත් වේවි. ඇතැම්විට දින ගනනක් යාමටත් පුලුවන්.

http://www.addme.com/
www.submitexpress.com/submit.html
www.freewebsubmission.com/
www.submitcorner.com/  

http://www.addpro.com/submit30.htm
www.ineedhits.com/free-tools/submit-free.aspx

ඊට පස්සේ කරන්න තියෙන්නේ වෙබ් අඩවියේ සයිට්මැප් එකක් එහෙම හදන්න. ඒ ගැන සහ ගුගල් වෙබ්මාස්ටර්  වලින් වැඩකරන ආකාරය මීලඟ ලිපියෙන්

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – WordPress Auto install කිරීම – කුප්පි 4

ඔන්න කලින් ලිපියේ පොරොන්දු වුන ආකාරයටම වර්ඩ්ප්‍රෙස් ඔටෝ ඉන්ස්ටෝල් කරන හැටි කියන්න යන‍්නේ. මේ සදහා මූලික වශයෙන් අපට වෙබ් හොස්ටින් තියෙන්න ඕන. දැන් ගොඩක් වෙබ් හොස්ටින් පැකේජ් වල මේ පහසුකම ලබා දෙනවා. මේ පහසුකම අප්ලෝඩ් කරන්න අමාරැ නෙට් කනෙක්ෂන් තියන අයට ඉතාම වැදගත් එකක්. ලේසියෙන්ම කරගන්න පුලුවන්. මේකට කියන්නේ Fantastico (ෆැන්ටාස්ටිකෝ) කියලා, මෙහිදී ඩේටාබේස් සෑදීමක් අවශ්‍ය වෙන්නේ නෑ.

සබ් ඩොමේන් එකකට දානවානම් පලමුව මේ විදියට සබ් ඩොමේන් එක හදාගන්න.

control panel එකේ subdomain වලට යන්න

දැන් පහල විදියට ලැබේවි

එහි subdomain ස්ථානයේ අවශ්‍ය නම ලබාදෙන්න. (ඉහත ආකාරයට ලබාදෙන්නේ නම් sinhala.geeth.info වේ) පහලින් එම සබ් ඩොමේන් එකෙහි ෆයිලයන් ගබඩාවිය යුතු ස්තානය ලබා දිය යුතුයි. මෙය  සබ් ඩොමේන් නේම් එක ඉහලින් ලබාදී document root යන ස්ථානයේ මවුසය ක්ලික් කල විට ස්වයංක්‍රීයවම ලබා ගනී. අවශ්‍ය නම් වෙනස් කල හැක.

දැන් Create බොත්තම ඔබන්න.

දැන් ආපසු ගොස්  වෙබ් හොස්ටින්  කන්ටෝල් පැනල් එකේ මේ විදියට දැකගන්න පුලුවන්.

දැන් ඒ අයිකන් එක ක්ලික් කරලා ඒ තුලට යන්න. ඒවිට ලැබෙන ඔප්ෂන් වලින් අපි තෝරාගන්න ඕන wordpress කියන එක.
දැන් මේ පහල පිංන්තුරයේ තියෙන විදියට ලැබෙයි.

එහි New Installation මත ක්ලික් කරන්න. පහත පරිදි ලැබේවි

එහි

  • Install on domain මගින් ඔබ සාදාගත් සබ් ඩොමේන් එක තෝරාදෙන්න.
  • Install in directory හිස්ව  තබන්න.
  • Admin access data යටතේ ඔබ ඔබේ බ්ලොගයට ඇතුලුවීමට යූසර් නේම් හා පාස්වර්ඩ් ලබාදෙන්න
  • Base configuration හි ඒ තවත් විස්තර (ඔබගැන) ඉල්ලනවා.  විස්තර ලබාදෙන්න.
  • දැන් Install WordPress ක්ලික් කරන්න
    (මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ ඔබ දැනටමත් ඔබේ ඩොමේන් එක මත (www.example.com) වෙනත් වෙබ් අඩවියක් ඇතුලත් කර ඇත්නම් එය Install on domain මගින් තේරිය යුතු නොවේ. ඔබ ඔබේ ඩොමේනයටම, සබ් ඩොමේන් එක නැතිව ඉන්ස්ටෝල් කරනවානම් එයද මෙතැනින් කරගත හැක.  Install in directory මගින් වෙනත් ෆෝල්ඩරයකට මෙම වර්ඩ්ප්‍රෙස් ෆයිල් ඉන්ස්ටෝල් විය යුතුනම් ලබාදිය හැක. ඉහත ආකාරයට කිරීම සුදුසුය)

එවි‍ට පහල ආකාරයට වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් වූ බවත් එයට අදාල විස්තර කිහිපයකුත් ලබා දේ. එය කියවන්න. සිංහල බ්ලොගයක් නම් මෙහි ලබාදෙන ඩේටාබේස් නේම් එක මතක තියාගන්න.

දැන් වර්ඩ්ප්‍රෙස් ඔබේම ස්ථානයට ලැබී අවසන්. ඔබේ වර්ඩ්ප්‍රෙස් ඩෑෂ්බෝඩ් එක වෙත යාමට ඉහත පිංතුරයේ ආකාරයට ලින්ක් ලබාදේවි. නැතිනම් එයට පිවිසීමට http://ඔබ WP දැමූ ඩොමේන් එක/wp-admin/ වෙත යන්න. මෙය බ්ලොගයේ මෙටා හි ඇති sign in වලින්ද පිවිසිය හැක.

මෙයට ඔබ ස්ථාපනයේදී ලබාදුන් බ්ලොගයට ඇතුලුවීමට යූසර් නේම් හා පාස්වර්ඩ් ලබාදෙන්න. එතැන් සිට ඔබේ බ්ලොගයේ කටයුතු කරගෙන යා හැක.

මෙම බ්ලොගය දැන් ඉංග්‍රීසි බ්ලොගයකට සුදුසුයි. නමුත් සිංහල යුනිකේත මෙහි දර්ෂනය නොවේ නම් මෙසේ කරන්න.

පලමුව ඔබේ හොස්ටින් පාලන පුවරැවෙන් phpMyAdmin වලට ගොස් ඔබේ WP installation එක සඳහා භාවිතා කළ db එක වෙත යන්න. එහි Database collation එක utf_unicode කරන්න. දැන් යුනිකේත නිසි අයුරින් ක්‍රියාකරනු ඇත. ඉහල ඩේටාබේස් එකේ නම මතක තියාගන්න කීවේ මේකටය.

ම්….. අදට ඉවරයි.. ඊගාව ලිපියෙන් හමුවෙමු..

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – වැදගත්ම කුප්පිය – කුප්පි 3

අද ලිපියෙන් කථාකරන්න යන්නේ මුදල් ගෙවලා ඩොමේන් නේම් හා හොස්ටින් ගන්නවිට එයට සයිට් එක අප්ලෝඩ් කිරීම හා සබ්ඩොමේන් එකකට බ්ලොග් එක දාගන්න හැටි.

අපි ඩොමේන් නේම් එකකුයි වෙබ් හොස්ටිනුයි ගන්නකොට ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ කීවේ අපි සල්ලි දීලා ගන්නකොට පරිස්සම්වෙන්න ඕන. මූලික ගෙවීම බොහොම අඩ්වට ඩොමේන් තියනවා. ඒත් දෙවන ගෙවීම සිට ඒ ගෙවීම වැඩිවෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් .info අඩුවට ගන්න පුලුවන්. සමහර ආයතන වල (LKservers වැනි හා බොහොමයක් තැන්වල) වෙබ් හොස්ටින් ගන්න විට ඩොමේන් නේම් එකක් Lifr time FREE ලබාදෙනවා. මම ලබාගෙ තියෙන්නෙත් ඒ වගේ පැකේජ් එකක්. [ඒ ගැන වැඩිදුර කියවන්න මම කලින් ලියපු මේ ලිපියට යන්න.] Godaddy,name.com වැනි ස්ථානවලින් ගන්න නම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕන. ලංකාවේ ආයතතනයකින් ගන්නවානම් පැකේජ් (domain හෝ hosting හෝ ඒ දෙකම ) එක අදාල සයිට් එක හරහා ඕඩර් කරලා ලගම තියන බැංකුවකට සල්ලි දාන්න පුලුවන්. ඊට පස්සේ එයාලට කතාකරලා කීවාම ඇක්ටිවු වෙනවා‍. ඩොමේන් නේම් එකක් දින 2ක් ඇතුලත ඇක්ටිවු වෙනනවා. හොදින් සැලකිලිමත් වෙලා මේ 2 ලබාගත්තායින් පසු අපිට ඒ ගත්ත තැනින් පාලන පුවරැවට ඇතුල්වෙන්න හා ftp ගිණුමට මුරපද ලබාදෙනවා. සයිට් එක අප්ලෝඩ් කරනකොට ඒක කරන්න ඕන public_html කියන ෆෝලඩරයට. ඒක කරන්න FileZilla වලින් ftp ගිනූමට සම්බන්ධවුනාම වෙබ් සර්වර් එකේ තියනවා ඒ ෆෝල්ඩර් එක. ඒක ඩබල් ක්ලික් කරලා අප්ලෝඩ් කලාම හරි.(සයිට් අප්ලෝඩ් කරන හැටි කලින් කියලාදුන්නානේ. ඒවා බලන්න. අවුලක් නම් මට කියන්න) 

බ්ලොග් එකක් දාන හැටි
මේ සදහා අපි මුලින්ම සලකාබලමු blogger.com වලින් ලැබෙන blogsopt බ්ලොග් එකක් ගත්ත ඩොමේන් එකේ සබ් ‍ඩොමේන් එකට දාගන්න හැටි.(wordpress පසුව)

මේ සදහා අපි අපේ පාලන පුවරැවට යන්න ඕන. වෙබ් හොස්ටින් හා ඩොමේන් නේම් එක එකම ආයතනයකින් ගත්තොත් මේක කරන්නේ වෙනස් විදියකට. ඩොමේන් නේම් එක පමණක් ගත්තානම් අපිට මේක කරගන්න වෙන්නේ වෙන ක්‍රමයකට.කො‍හොම කලත් පහල විදියට සීනේම් 1ක් හදාගන්න ඕන

1. blog.yourdomain.com

2. http://www.blog.yourdomain.com

ඩොමේන් එක පමණක් මිලදීගත් විට

‍මුලින්ම අපේ පාලන පුවරැවට ලබාදුන් මුරපද භාවිතයෙන් ඇතුල්වෙලා CName හදාගන්න ඕන‍‍. Godaddy වලින් ගත්තානම් පහල විදියට කරන්න.

1.Godaddy account එකට ඇතුල් වෙන්න

2.Domains tab එකට ගිහින් My Domain Names. වලට යන්න. එවිට ඔබDomain Manager page එකට යොමුවේවි.

3.ඔ‍බේ domain name එක click කරලා More Settings වලට Dashboard එකෙන් යන්න

4.Manage කියන එක ක්ලික් කරන්න (Total DNS/MX යටතේ)

5.Add New CNAME Record ක්ලික් කරන්න.

6.පහත පිංතුර 2 විස්තරවෙන විදියට CNAMES 2ක් හදාගන්න.

Name.com වලින් ගත්තානම් පහල විදියට කරන්න.

1.Name.com account එකට ඇතුල් වෙන්න

2.Account ක්ලික් කරලා ඔයා‍ගේ Domain name එක‍ට යන්න

3.Right Sidebar එකෙන් DNS Management ක්ලික් කරන්න. පහල පිංතුර 2 විස්තරවෙන විදියට CNAMES 2ක් හදාගන්න.


අපේ බ්ලොග් එක මේ හදාගත්තු එක‍ට මාරැ කරන හැ‍ටි.

මේක ලේසි වැඩක්. බ්ලොගර් වලට ලොග් වෙලා Dashboard එකෙන් Settings > Publishing > Custom Domain වලට යන්න එතනින් “Already own a domain? Switch to advanced settings” කියන තැනට ගිහින් අපි හදාගත්ත සබ්ඩොමේන් එක දෙන්න. පහල පිංතුරේ හැටි‍යට

ඔය විදියට හොස්ටින් නැතිව අපේම ඩොමේන් එකකට බ්ලොගර් එක දාගන්න පුලුවන්. මේකට කිසිම හොස්ටින් ඉඩක් ඕන කරන්නේ නෑ. මේ සබ් ඩෙමේන් එකක් විදියට දැම්මත් අපේ ඩොමේන් එක‍ටම (www.mydomain.com)වලටත් දාගන්න පුලුවන්. මේ ක්‍රමයටම. එතකොට ඉහත වගේ CNAME දෙකක් හදාගන්න ඕන නෑ. ආ අමතක වුනානේ. ඔයාගේ බ්ලොග් රක මාරැවෙනකොට blog.yourdomain.com කියන එක දෙන්න. පස්සේ http://www.blog.yourdomain.com කියලා හදාගත්ත අනික පාලනපුවරැව මගින් blog.yourdomain.com වලට ෆෝවර්ඩ් කරන්න ඕන..

ඩොමේන් එක හා වෙබ් හොස්ටින් එකම ආයතනයකින් ලබාගත් විට

මේකට කලින් විදියට වඩ චුටිටක් විතර වැඩිපුර වෙලා යනවා. ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ වෙබ් හොස්ටින් කරපුකට්ටියට කියලා හදාගන්නවා. ඒකට්යිටගේ ගනන් බලන්නේ නැතිව මෙහෙම කලානම් වැඩේ ගොඩ.

පලමුව ඔබේ පාලන පුවරැවේ Simple DNS Zone Editor හෝ Advanced DNS Zone Editor වලට යන්න. Simple DNS Zone Editorවලටම යමු. ජොලියටත් එක්ක. (අනිකෙනුත් කරන්න පුලුවන් හොදේ)

එතන,
Name කියන එකට කලින් තිබුන විදියට blog කියලා දෙන්න
CNAME කියන එකට ghs.google.com කියලා දෙන්න(මේක වෙනස්කරන්නේ නැතිව මේ විදියටම ලබාදෙන්න)

ආයේත් http://www.blog විදියට  එකක් හදාගන්න. ඒක ආපහු පාලන පුවරැවට ඇවිදින් blog.yourdomain.com වල‍ට ෆෝවර්ඩ් කරන්න. ඒකෙත් CNAME එක ghs.google.com

දැන් බ්ලොගර්වලට ගිහින් කරන්න ඕන දේවල් කරන්න අපේ බ්ලොග් එක මේ හදාගත්තු එක‍ට මාරැ කරන හැ‍ටි. කියවන්න

දැන් blog.yourdomain.com ගිහින් බලන්න වැඩේ හරිද කියලා.
සැ.යු.

  • ඉහත yourdomain.com ලෙස සදහන් කර ඇති ස්ථාන ඔබේ ඩොමේන් නේම් එක ලෙස සටහන් විය යුතුයි. උදා, geeth.info වැනි 
  • මා මෙම ලිපිය සදහා  ඩොමේන් එක හා වෙබ් හොස්ටින් එකම ආයතනයකින් ලබාගත් විට යන කොටසහි එන පිංතුර පමණක් මගේ පර්ගණකයෙන් ගත් ඒවා වන අතර ඉහල ඇති පිංතුර ඉංග්‍රීසි බ්ලොග් ආස්‍රයෙන් ලබාගත් ඒවාය. මේ ගැන ඉගනගත්තේද ඒ ඇසුරනි.
මීලග කුප්පියෙන් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට ඔටෝ ඉන්ස්ටෝල් කරන හැටි. 
ආ මේක මඩපාරවල් අස්සේ ලියපු ලිපියක්. මඩ ගැනත් ලියන්න ඕන ලිපියක් මේ ටික ඉවරවෙලා.

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – කුප්පි 2

ම්… කලින් ලිපි වල කීව ආකාරයට තමන්ගේ වෙබ් අඩවිය අප්ලෝඩ් කරන්න ඇති නේද..?? මේ ලිපිය මගින් ඉදිරිපත් කරන්න යන්නේ අපි හදාගත්ත වෙබ් අඩවිය පිලිබද තවත් යමක්‍. අපි පෙර ලිපියේ විදියට හදාගත්ත සයිට් එකේ ඩොමේන් නේම් එක පොඩ්ඩක් හරි නෑ වගේ නිසා මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න‍. top level domain එකක් වගේ නොමිලේ දෙන ඩොමේන් එකක් විදියට .tk ලබාගන්න පුලුවන්. තව co.cc වුනත් හොදයි.‍ ඒත් ඒක ලබාදෙන්නේ අවුරැද්දක් වැනි කාලයක්. tk ඩොමේන් එක භාවිතා කරනවිටත් සැලකිය යුතු කාලයක ඒ ගත්ත tk ඩොමේන් එකෙන් කට්ටිය පිවිසුනේ නැත්තම් ඒක කැන්සල් කරනවාලු. ඒ නිසා tk ඩොමේන් එකක් භාවිතා කරනවානම් තමන්වත් සතියකට සැරයක්වත් tk ඩොමේන් එකෙන් අවවියට යන්න. tk ඩොමේන් එකෙන් වෙන්නේ අපි හදාගත්ත සයිට් එකට ෆෝවර්ඩ් කිරීමක්. ඒ කියන්නේ tk ඩොමේන් එකට යන කෙනෙක් ඒකට ගියාම අපි ලබාදෙන සයිට් එකට යොමුකරන එක. මේකට කියන්නේ URL Forwarding කියලා. අපේ බ්ලොග්ස්පොට් සයිට් එකකට වුනත් භාවිතා කරන්න පුලුවන්. මේක ඉතාමත්ම ලේසියෙන් හදාගන්න පුලුවන් ඩොමේන් නේම් එකක්. තමන්ගේ ඩොමේන් එකට ඊ-මේල් එකකුත් දෙනවා. ඒකත් තමාගේ භාවිතාකරන ඊ මේල් ලිපිනයට ලැබෙන ලිපි ෆෝවර්ඩ් කරගන්න පුලුවන්. අපි  geeth.tk කියලා ඩොමේන් එක ගත්තෝ  අපිට පුලුවන් info@geeth.tk, admin@geeth.tk වගේ ඊ මේල් එකක් හදාගන්න‍.දැන් බලමු අපි මේ ඩොමේන් නේම් එකක් ගන්නේ කියලා. පලමුව මේ ලිපිනයට යන්න‍. පහල පිංතුරය මත ක්ලික් කරන්න.

එතනට ගිහින් ඔබේ හදාගත්තු අඩවියේ ලිපිනය දීලා තමන්ගේ ඩොමේන් එක ගන්න පුලුවන්.

වෙබ් අඩවියට දැන්වීම් එහෙම දානවානම් එකත් ට්‍රයි කරලා බලන්න පුලුවන්.. ඇඩ්සෙන්ස් හරි නොගිය අයට පහල විකල්ප 2 උත්සාහ කරලා බලන්න පුලුවන්.

ඒ තැන් වලට ගිහින් දැන්වීම් අවශ්‍ය ප්‍රමානයට හදාගෙන ලබාදෙන කෝඩ් එක කොපි කරගෙන අපි වෙබ් අඩවිය හදන වෙබ් පේජ් මේකර් වලට එන්න. එහි insert මෙනූ එකේ තියනවා Html code or script code කියලා. එකට ගිහින් ලැබෙන් දැන්වීමේ කෝඩ් එක පේස්ට් කරලා පේස්ට් කරලා OK කරන්න. එවිට ඩිසයින් කරපු සයිට් එකට මේ විදියට කෝඩ් එක ලැබෙනවා

ඉහල පිංතුරයේ html1 කියලා තියෙන්නේ. දැන් එක අපි ලබාගත්ත දැන්වීමට ඉඩ ඇතිවෙන පරිදි රීසයිය් කරන්න ඕන. නැත්තම් දැන්වීම හරිහැයි දිස්වෙන්නේ නෑ. මේ ආකාරයට දැන්වීම් අවශ්‍ය පිටු වලට වෙබ් පේජ් මේකර් වලින් දැන්වීම් දාගන්න. ඒ දැන්වීම් දාපු පිටු විතරක් කලින් ලිපියේ කියලා තිබුන ආකාරයට web server එකට අප්ලෝඩ් කරන්න.

මේ විදියට වෙබ් අඩවිය හදලා ඒක අප්ලෝඩ් කිරීම හොදින් පුරුදු වුනාට පසු අපිට අපේම කියලා ඩොමේන් නේම් එකක් හා හොස්ටින් ගන්න පුලුවන්.

මීට අමතරව අපි ගත්තු නොමිලේ දෙන වෙබ් ඉඩට wordpress දාලා ඒකෙන් තමන්ගේ අඩවිට වර්ඩ්ප්‍රෙස් මගින් න්ර්මාණය කරන්නත් උත්සාහ කරන්න පුලුවන්. (වෙබ් පේජ් මේකර් අමාරුනම්) ඊට පස්සේ අපේම කියලා ඩොමේන් එකක් හා හොස්ටින් ගත්තාම ඒකට වර්ඩ්ප්‍රෙස් දාලා හදාගන්න පුලුවන්. මීලග ලිපි වලින් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්නේ ඩොමේන් නේම් හා හොස්ටින් මුදල්වලට අරගෙන ඒවා සමග කටයුතු කරන ආකාරය යි. 

මේ ලිපිය කෙටි වුනාට සමාවෙන්න !! හදිසියේ දැම්මේ

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – අඩවිය Upload කිරීම – කුප්පි 1

පලවෙනි ලිපිය බැලුවා කියලා හිතනවා. නැතිනම් එය මුලින්ම බලලා ඉන්න. ඒහි කීව ආකාරයට තමන්ගේ වෙබ් අඩවිය ඔබ නිර්මාණය කලානම් ‍ මේ ලිපියෙන් එය නොමිලේ ලබාදෙන වෙබ් ඉඩකට අප්ලෝඩ් කරන ආකාරය සාකච්ඡා කරමු. පසුව මෙය අත්හදා බලා  පසුව මිලදීගත් වෙබ් ඉඩකට අප්ලෝඩ් කරගත හැකියි. (නමුත් මෙම නොමිලේ සාදන අඩවියද ඔබට භාවිතා කල හැකියි.)
දැන් ඔබේ නොමිලේ ලැබෙන වෙබ් ඉඩ සාදාගනිමු.
මේ සදහා බොහොමයක් ස්ථාන අන්තර්ජාලය තුල ඇතත් මම මේ ලිපි සදහා යොදාගන්නේ zymic නම් වෙබ් අඩවියයි. ඔබ කැමතිනම් වෙනත් අඩවියක් වුවද භාවිත කල හැකියි.
පලමුව පහත සබැදුමට ගොස් නොමිලේ ලැබෙන වෙබ්ඉඩ ලබාගැනීමට ලියාපදිංවිවන්න.‍

එහි ඇති කුඩා ෆෝම් එක පිරවු පසු ලබාදුන් ඊ මේල් ලිපිනයට පනිවිඩයක් ලැබෙනු ඇත. එහි සදහන් සබැදුමට ගොස් ඔබ ලබාදුන් User name හා Password ලබාදී ලොග්වෙන්න.

එවිට ඔබ ඇතුල්වන්නේ ඔබේ zymic ගිණුමටයි. එහි ඔබේ වෙබ් ඉඩ ලබාගැනීමට Creat New Web Host Account මත ක්ලික් කරන්න.


  • දැන් ඔබේ වෙබ් හොස්ටින් ගිණුමට ඔවුන් නොමිලේ ලබාදෙන Domain Name එකක් තෝරාගන්න.

  • මෙය නොමිලේ ලබාදෙන වෙබ් ගිණුමක් බැවින් ඔබට ලැබෙන්නේ Sub Domain එකකි. එහි තෝරාගැනීමට ඩොමේන් කිහිපයක් ඇත.
  1. yourname.xzq.net
  2. yourname.99k.org
  3. yourname.zzl.org
  4. yourname.zymichost.com
  5. yourname.clanteam.com

 කැමති එකක් තෝරාගෙන ඔබේ නම ඉහත පිංතුරයේ ආකාරයට ලබාදී Continue ක්ලික් කරන්න.

  • hosting ගිණුමට මුරපදයක් ලබාදෙන්න.
  • දැන් ඔබ ඔවුන්ගේ කොන්දේසි වලට එකග විය යුතුය.(පහත රූපය බලන්න)

රෑපයේ ඊ හිස් වලින් දැක්වෙන ස්ථාන සලකුණු කර පහලින්ම ඇත් Create website account මත ක්ලික් කරන්න.

  • එලෙසින් ඔබේ හොස්ටින් ගිණුම සාදා අවසන් කරගන්න.
  • දැන් ඔබ නැවතත් ඔබේ පාලන පුවරුව වෙත යොමුවනු ඇත.

එයින් ඔබේ වෙබ් ගිණුමට ඇතුල්වීමට පහත රෑපය උපයෝගී කරන්න.

  • මුරපදය විමසුවහොත් ඔබ හොස්ටින් ගිණුමට ලබාදුන් මුරපදය ලබාදෙන්න.එවිට ඔබේ ගිණුම පෙන්වයි

පහත ආකාරයට ඔබේ හොස්ටින් පාලන පුවරැව දැක්වෙනු ඇත.

අපට එයින් අවශ්‍ය වන්නේ සයිඩ්බාර් එකේ තිබෙන විස්තරයි.පහත රූපයේ කොටු කර ඇත. මෙම විස්තර notepad (start->all programs->Accessories->notepad) වලට කොපි කර save කර තබාගන්න.

දැන් හොස්ටින් ගිණුම සාදාගෙන අවසන්. මෙම ගිණුමේ File Manager නම් ස්ථානයෙන් අප ගිණු‍මේ ඇති ෆයිලයන් බලාගත හැක. එයින් අප්ලෝඩ් කල හැකි වුවත් එකින් එක ෆයිලයන් අප්ලොග්ඩ් කිරීමට සිදුවන නිසා වෙනත් මෘදුකාංගයක් භාවිතා කරමු. (අප්ලෝඩ් කරන විට ඉහත රූපයේ රවුම් කර ඇති ස්ථානය online වී ඇති අවර්ථාවක් විය යුතුය.)

දැන් හොස්ටින් ගිණුමට අඩවිය අප්ලෝඩ් කිරීම

මෙය කිරීමට කලින් ඔබ සාදාගත් වෙබ් අඩවිය වෙබ් සර්වර් එකේ ස්ථානගත වීමට අවශ්‍යකරන ආකාරයට පරිගණකයේ එක් ෆෝලිඩර් එකකට අඩවියට ඇතුලත් කරඇති සියලුම දේවල් සමගින් ගත යුතුවේ. මේ සදහා මා භාවිත කල වෙබ් පේජ් මේකර් මෘදුකාංගයේ ඇති ආකාරය පහතින් විස්තර කරන්නම්. (Dreamviver වලද මේ සදහා පහසුකම් සපයා ඇත.)
ඒ සදහා වෙබ් පේජ් මේකර් මෘදුකාංගයේ ටූල් බාර් එකෙහි ඇති ^ අයිකනය යොදාගන්න.(පහත රූපයේ ආකාරයට) මෙයට File-> Publish හෝ F4 බොත්තම භාවිතා කල හැක.
එවි‍ට පහත ආකාරයට ඩයලොග් ‍බොක්ස් එකක් ලැබෙනු ඇත.
 මෙතැනදීත් අපට කෙලින්ම හොස්ටින් ගිණුමට අප්ලෝඩ් කිරීමට හැක. (New මගින්) නමුත් අප මේ අඩවිය එක් ස්ථානයකට ගෙන අප්ලෝඩ් කරමු. මුලින්ම පරිගණකයේ නව ෆෝල්ඩරයක් සාදන්න. දැන් රතු පැහැයෙන් රවුම් කර ඇති ස්ථානය සලකුනු කර පහලින් අවශ්‍ය නව ෆෝල්ඩරය තෝරා Publish ක්ලික් කරන්න.
අප සාදාගත් ෆෝලිඩරයට වෙබ් අඩවියට ඇතුලත් සියුම ෆයිලයන් පිටපත් වෙනු ඇත.
වෙබ් අඩවිය අප්ලෝඩ් කිරීමට අපට filezilla නම් නොමිලේ ලබාදෙන මෘදුකාංගාය අවශ්‍ය වේ. මෙය බාගත කරගැනීමට

වෙත යන්න.  එහි  FileZilla_3.3.3_win32-setup.exe  (recommended) යනසබැදුම මගින් බාගතකරගන්න. 4MB පමණි.
දැන් එම මෘදුකාංගය විවෘත කරගෙන මා ඉහත පියවරකදී note pad වල සටහන් කරගැනීමට කී විස්තර ලබා දී ඇතුල්වන්න.
මුරපදය වශයෙන් අප හොස්ටින් ගිණුමට ලබාදුන් මුරපදය ලබාදෙන්න. Quickconnect යන්න ක්ලික් කරන්න. ස්වල්ප වේලාවකින් පහත ආකාරයට ඔබේ වෙබ් ගිණුමට සම්බන්ධවනු ඇත. පහත ලෙස
මෙහි අංක 1 න් දැක්වෙන්නේ ඔබ පරිඝණකයේ හාඩ් ඩිස්ක් ය. අංක 3න් එම පාටිශන් එකකට ගියවිට ඒ තුල ඇති ෆෝල්ඩර විවරකරගත හැක. අංක 4 න් වෙබ් හොස්ටින් ගිණුමේ ඇති ෆයිල් දැකගත හැක.  
ඔබ මා විසින් සදහන් කල හොස්ටින් සේවය භාවිතා කලේනම් අංක 4 ස්ථානයේ ඇති index.html නම් ෆයිලය ඩිලිට් කිරීමයි (එය මත රයිට් ක්ලික් කර ඩිලීට් මගින්)
දැන් කිරීමට ඇත්තේ අංක 1 හා 3 උපයෝගී කර‍ගෙන ඔබ වෙබ් අඩවිය පරිගණකයේ ගබඩා කර ඇති ෆෝල්ඩරය වෙත ගොස් එහි ඇති ෆයිල්ස් සියල්ල කීබෝඩ් එකේ ctrl බොත්තම ඔබාගෙන තෝරා රයිට් ක්ලික් කර අප්ලෝඩ් නම් විධානය ලබාදීම පමණයි. එවිට ඔබගේ වෙබ්හොස්ටින් ඉඩ තුලට අපගේ පරිගණකයේ ඇති ෆයිලයන් ඇතුලත්වනු ඇත. එය ඇතුල්වන ආකාරය ඉහත පිංතුරයේ රතුපැහැති ඊතලයෙන් දැක්වෙනු ඇත. මෙසේ ෆයිල් සියල්ල අප්ලෝඩ් වී අවසාන වූ පසු ඔබ ඉහතදී තෝරාගත් වෙබ් ලිපිනයට ගොස් වෙබ් අඩවිය පරික්ෂා කර බැලිය හැක.

සැ,යු – ඔබ වෙනත් වෙබ් හොස්ටින් ලබාදෙන ස්ථානයකින් ඉඩ ලබාගත්තේ නම් ‍( http://www.000webhost.com/ වැනි) එම වෙබ් ඉඩෙහි විවිධ ෆෝල්ඩර් තිබිය හැක. එවිට ඔබ අප්ලෝඩ් කිරීමට කලින් වෙබ් හොස්ට් ගිනුමේ public_html නම් ෆෝල්ඩර් එක වෙත ගොස් එය තුලට අප්ලෝඩ් කල යුතුය.
‍දැන් මෙම ලිපියේ කී දේවල් හොදින් අධ්‍යනය කර ඔබේ වෙබ් අඩවිය අප්ලෝඩ් කර බලන්න. මීලග කුප්පියෙන්හමුවෙමු.

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම මුල සිට – කුප්පි 0

ම්… අලුත් තැනක ඉදලා ලියන පලවෙනි ලිපිය. මගේ කලින් පෝස්ට් එකේ කීවානේ මම මොකුත් නොදැන ඩොමේන් එකක් අරගෙන වෙබ්සයිට් එකකුත් හදලා සබ්ඩොමේන් එකකට බ්ලොග් එක දාගත්ත හැටි. ඔන්න ඉතින් ඒ ලබාගත්තු දැණුම සැමදෙනා සමගම බෙදාගන්නයි හදන්නේ. මේදේවල් වලට ස්තුති කරන්න ඕන අයට නැවතත් ස්තුතිවෙන්න ඕන මට උදවු කලාට;-)
මා මෙම ලිපිපෙලෙන් මූලික වශයෙන් ඩෙමේන් නේම් එකක් හා වෙබ් හොස්ටින් මිලදී ගැනීම, එයට වෙබ් අඩවිය අප්ලෝඩ් කිරීම‍. සබ්ඩොමේන් එකකට බ්ලොගර් බ්ලොග් එකක් ඇතුලත් කිරීම වැනි කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සදහා මුලින්ම පිවිසෙන ඔබ පලමුවෙන්ම ඔබගේ වෙබ් අඩවිය සාදාගත යුතුයි. ඒයට මා භාවිත කලේ Web Page Maker නම් කුඩා මෘදුකාංගයක්. මේ සදහා Dremeviewer වැනි මෘදුකාංගයක් වුවත් භාවිත කල හැකියි. නමුත් Web Page Maker මෘදුකාංගය ඕනම කෙනෙකුට තේරුම්ගෙන සරලව තමන්ගේ වෙබ් අඩවිය සාදාගැනීම කල හැකියි. ඔබට Dremeviewer වලින් ‍වෙබ් අඩවියක් නිර්මාණය කල හැකිනම් එමගින් නිර්මාණය කරන්න. 
Web Page Maker බාගතකරගැනීමට මෙතන ක්ලික් කරන්න. එතනින් ලැබෙන 15-day trial එක ලියාපදිංච් කරගැනීමට පහත විස්තර භාවිත කරන්න.
  • Name  : Geeth
  • S/N     : 33472-37466-42554-55416 
‍ඔබගේ නිවාස පිටුව index යන නමින් තබාගන්න‍. දැන් ඔබට මෙමගින් ඔබේ වෙබ්අඩවිය තනිවම සාදාගත හැක. උදවු අවශ්‍යනම් info@geeth.info හෝ Contact Us පිටුව භාවිත කරන්න.මෙතැනද උදවු ගතහැකි ලිපියක් ඇත.
දැන් කිරීමට ඇත්තේ මෙම වෙබ් අඩවිට හොස්ටින් ලබාගැනීමයි. මේ සදහා නොමි‍ලේ වෙබ් ඉඩක් ලබාදෙන ස්ථානයක් හෝ මුදල් ගෙවා වෙබ් ඉඩ ලබාගත යුතුයි. මුලින්ම නොමිලේ වෙබ් ඉඩ සලසන ස්ථානයක් ගැන සාකච්ඡා කර පසුව මුදල් ගෙවා ලබාගන්නා වෙබ් ඉඩක වැඩකරන ආකාරය සලකා බලමු‍. මෙම ගැන මීලඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න. එතෙක් ඔබට ඔබේ වෙබ්අඩවිය නිර්මාණය කල හැක. මුදල් ගෙවා ලබාගන්නා වෙබ් ඉඩක් නොමැතිව වුවත් ඔබේ පෞද්ගලික වෙබ් අඩවිය මෙම ලිපිපෙල අවසානයේදී සාදාගත හැකිවනු ඇත. රැදී ඉන්න. මා සමගම.

මගේ එක සිහිනයක් ඉටුවුනා !!

ම්.. ලොකු වෙනසක් ඒ නිසා අදනම් මම ගොඩක් සතුටෙන් .. මේ ඇයි කියලා ඔයාලා හැමෝටම ගැටලුවක් ඇති කියලා හිතනවා.  අනිත් අයට මේ වෙනස ඉතාම කුඩා එකක් වෙන්න ඇති‍‍. ඒත් මටනම් ගොඩාක්ම ලොකු වෙසක්. ඒ වෙනස මොකක්ද කියලා ඔයාලට බලාගන්න පුලුවන් උඩ බැලුවාම. ඒ කීවේ ඔයාලා භාවිතා කරන Web Browser එකේ තියන Address bar එක දිහා බැලුවාම‍‍.. දැන් තේරෙනවා ඇති නේද‍‍ ? සුලු දෙයක් නේ.. ඒත් මටනම් ‍ලොකූ දෙයක්.

මම මේ සිංහල බ්ලොග් එක පටන්අරන් කරගෙන එනකොට මටත් අපේ ‍ගොඩක් සිංහල බ්ලොග් ලියන අය‍ගෙ වගේ තමන්ගෙම නිවසකට, ඒ කීවේ Domain එකකට එන්න ආසාව තිබුනා. නමුත් මට ඒ පිලිබද නිසි දැනුමක් තිබුනේ නැති නිසා මම ඒ අදහස අතෑරල තිබුනේ අනික මම ඩයල් අප් නේ.. ඉබ්බා වගේ (මම නෙවෙයි ඉබ්බා හොදේ ) ටික ටික කට්ටිය ඩොමේන් වලට මාරු වෙනකොට ආයෙත් ආසා හිතුනා‍‍. ඉතින් මම ඩොමේන් නේම් එකකට මාරුවෙන්න තීරනය කලා. නමුත් ආයෙත් ආශාවක් ආවා. ඒ තමයි ඒක සබ් ඩොමේන් එකක් විදියට දාගන්න ඕන කියලා. එතකොට Personal Page එකකුත් හදාගන්න පුලුවන් නිසා.ටෙක් කථා වලට එහෙම දාලා විස්තර හොයන‍කොට ඒකේ යාලුවෝ කීවේ ඩයල් අප් වලින් නම් අමාරැයි කියලා. මේ ගැන විස්තර හොය හොය ඉන්නකොට .info ඩොමේන් එක 150කට විතර LKservers.com වල ගන්න පුලුවන් කියලා ආරංචියක් ආව නිසා ඒ ගැන විමසලා බලන‍කොට දැනගත්තේ ඒ පලවෙනි අවුරුද්ද විතරයි කියලා. නමුත් තමන්ගෙම සයිට් එකකට නම් Hosting තියෙන්න එපායැ. ඉතින් ඔන්න  දන්නකියන අයගෙන් අහපුවාම එයාලා කීවේ “ඔයාට 1GB විතර ඇති” කියලා. ඒත් LKservers.com වල 1GB පැකේජ් එකක් නෑ.. ඒ නිසා වෙනත් ආයතනයකින් 1GB හොස්ටින් ගන්න හිතාගෙන ‍හොයලා බැලුවාම 950කට විතර ගන්න පුලුවන් උනා. ඒත් ඒ පලවන අවුරැද්දට විතරයි. හ්ම්…එතකොට පලවෙනි අවුරුද්ද  කොහොම වුනත් දෙවෙනි අවුරුද්දෙදි 2000ක් විතර ගෙවන්න වෙනවා. පස්සෙයි දැනගත්තේ LKservers වල 10GB හොස්ටින් පැකේජ් එකේ .info ලයිෆ්ටයිම් FREE දෙනබව.. දැන් ඉතින් මට තිබ්බ හදිසියේ හැටියට ඒ පැත්තට හිත ගිහින් හලෝ හ‍ලෝ පාරක් එහෙම දාලා බලනකොට වැඩේ පාඩු නෑ‍‍.😉 ඇයි ඉතින් පලවෙනි අවුරුද්දෙත් 1500 යි දෙවන අවුරුද්දෙත් 1500යි ජීවිතේටම 1500 නොවැ.ඉබි ගමනේ ඩයල් අප් කමක් නෑ ඕන කෙහෙල් මලක්, කෙහෙල් ගහක් වෙච්චාවයි කියලා හිතාගෙන පස්සේ ඔක ගත්තා. මේ පැකේජ් එකේ 10GB (10240MB) Disk Space තියනවා ඒ වගේම 100GB Monthly Bandwidth තියනවා. මගේ සයිට් එකේ හැටියට නම් මේක බෝක්කුවක් යටින් පොල්ලෙල්ලක් ගියා වගේ. මගේ ගනනය කිරීම් වල හැටියට නම් දවසකට රු 5 ක් ගානේ වත් එකතු කලොත් අවුරුද්ද අන්තිමට 300ක් පර්ස් එකට හී හී

ඊලගට කරන්න උනේ සයිට් එක හදන එක. කම්මැලිකම නිසා ගුගලේ හොද ටෙම්ප්ලේට් හොයලා බැලුව. මොන දෙයියන්ට කියන්නද ලස්සන Flash ටෙම්ප්ලේට් වලට $150 ක් විතර. ලෝන් එකක් ගහලා හොස්ටින් ගත්තා සයිට් එකත් ගන්න පුලුවන්යෑ.මදැයි.. ශේප් එකේ ටෙම්ප්ලේට් එකක ඩිමෝ එකක් බලලා ගැහැවුවා Web Page Maker වලින් කොපියක්. ඒ කීවේ ඒක බලාගෙන හැදුවා‍‍. චාම්වට, සරලව‍‍. දැන් තමයි අප්ලෝඩ්‍‍.. ඔන්න ඉතින් කලින් කියපු ඉබ්බා‍ගේ පිහිට පතන වෙලාව. අපිට 3G නෑනේ..ADSL ගන්න අහපුවාම කියනවා ලූප් ද මොනවාද නෑ කියලා. ඒ කතාව පැත්තක දාමුකෝ [වෙලාවක ඒ ගැනත් ලිපියක් දාන්නම්] මට මේ ගැන වැඩි දැනීමක් නැති නිසා අපේ කට්ටිය සිංහලින් ලියපු ලිපි කීපයක් එහෙම බලලා යාලුවො කීපදෙනෙක් එක්ක චැට් පාරක් එහෙම දාලා කරමේ දැනගත්තා. කොහොම හරි ඉබිගමනේ ඒකත් කලා කියමුකො.

දැන් Sub Domain එකට Blog එක සැට් කෙරිල්ල.. ගුගලේ සර්ච් පාරක් එහෙම දාලා ටෙක් කතා වලටත් දැම්මා.. ඒකත් ඉගනගෙන යාන්තම් ඒකත් ගොඩදාගත්තා.

නමුත් අවුලක්‍ !!
අපි නැග්ගොත් ලයිට් කනුවෙත් දෙබලක් ලු (දැන් පුවක් ගස් වල අතුබෙදිලා හමුවෙන නිසා පොඩ්ඩක් වෙනස් කලා) මාර කේස් එක. කෝ මේකෙ තිබුන කමෙන්ට්ස්. ? ? ? ම්………… මක් වුනාද. මේ ටික නැතිවුනොත් බ්ලොග් එකත් වැඩක් නෑ. මේවායින් ලැබෙන හයියෙන් තමයි මෙච්චර කාලක් බ්ලොග් ලීවේ. කීප පාරක් Refresh කලත් නෑ. වෙනවෙන මෘදුකාංගවල “අන්ඩූ” මතක් වෙලා ආයෙන් .blogspot.com වලට මාරැ වුනා.. එතකොටනම් තියනවා..පස්සේ ගුගල් දෙයියන්ගේ පිහිට තමා. එතනින් දැනගත්තා ගොඩක් අය‍ට මේ සිද්දිය වෙලා තිබුනත් සති 3 කින් විතර ගොඩක් අයගේ හරිගිහින් තියන බව. ( මේ ගැන තිබුනේ මෙතන)පස්සේ ඉතින් ආයෙත් සබ් ඩොමේන් එකට බ්ලොග් එක දැම්මා. කවුරැහරි මේටික ආපහු ගන්න දන්නවානම් කියලාදෙන්න හොදේ.

එච්චරයි අවුලකට තියෙන්නේ.. අනිත්වා නම් ලස්සනට සිද්ධ වුනා.. ආ අලුත් ලිපිනය කියන්න අමතක වුනානේ. ඒ තමයි www.geeth.info මේකේ මගේ විස්තර තියනවා. පොඩි විසිට් පාරක් එහෙම දාලා ආපහු මෙතනට ඇවිත් හොදනරක අඩුපාඩ් වැඩිපාඩු කමෙන්ට් කරලා යන්න. ඒක මට ලොකු හයියක්‍.මගේ බ්ලොග් එක දැන් http://blog.geeth.info වල. කලින් තිබුන බ්ලොග්ප්පොට් කියලා කියනකොටත් ටැපලෙනවා. නෑ නෑ පැටලෙනවා. කවුරැහරි ඇහුවත් කියන්න අමාරැයි. හිහ්. හිහ්.

දැන් මමත් මගේම ඩොමේන් එකක ඉදන් බ්ලොග් ලියන කෙනෙක්නේ. ටිකක් වගකීමෙන් ලියන්න ඕන. ඉහල වගේ පිස්සු කෙලින්නේ නැතිව.

ඇත්තෙන්ම මම මේ ඩොමේන් එකයි හොස්ටිනුයි ගත්තට මට මේ ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. මේ නිසා මම ගොඩක් දේවල් ඉගනගත්තා. ඒ ඉගනගත්ත දේ ඔයාලටත් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි ලිපි පෙලක් මගින්. එයට ඩොමේන් නේම්, වෙබ් හොස්ටින් මිලදීගැනීමේ සිට වෙබ් අඩවිය සෑදීම‍‍, එය අප්ලෝඩ් කිරීම,සබ්ඩොමේන් එකකට Blogger(blogspot) බ්ලොග් දැමීම වැනි මම ඉගනගත්ත සියලුම දේවල් ඇතුලත් කරන්න හිතාගෙන ඉන්නවා.. හ්ම්.. එහෙනම් දැන් ඇති වගේ.. අවසාන වශයෙන් සැමගෙන්ම ඉල්ලාසිටිනවා ඉදිරියටත් මේ බ්ලොග් එක එක්ක එක්වෙලා ඉන්න කියලා.. Comment එකක් දාන්න Blog එක Follow කරන්න, E-Mail මගින් කියවීම සක්‍රීය කරන්නත් පහසුකම් තියනවා ඔන්න.

සැමටම ජය

෴෴