ඇස රවටමු 1 සිට 5 දක්වා පිලිතුරු හා අමාරුම. හොදම ගේම්ටික

කට්ටිය දීපු උත්තර හරිද බලන්න.. ඒත් එක්කම පහලින්ම තියන

ඇස රවටමු 1 අලි කකුල් පිලිතුර.

මේ ලිපියට 19 දෙනෙක් පිලිතුරු දීල තිබුනා. මාතලන් , ලක්ෂිත ගයාල් , ඉන්දික සහ ශ්‍රී කොල්ලා, කියලා තිබුනේ අලියට කකුල් 4 ක් තියනවා කියලා. කතාව ඇත්ත උනත් මේ අලියගේ එහෙම නෑ. ඒ නිසා පිලිතුර වැරදියි. කොහොම හරි නිවැරදි පිලිතුර ලෙස කකුල් 1 ක් තියනවා කියලා මුලින්ම කියලා තිබුනේ ගලා. දෙවැනියට ඒ පිලිතුර දීලා තිබුනේ සුමින්ද. නිවැරදි පිලිතුර ලැබෙන විදිය බලමු.  චානක කියලා තිබුනා අලියට නැට්ටක් නෑ කියලා. ඔන්න නැට්ටක් දැම්මා.

ඉහත පිංතූරේ හොඩවැල පැත්තෙන් තියන පලවෙනි කකුල උගේ වෙන්න බෑ. එතන ඊතලයක් තියන තැනින් තමයි ඒක එන්න ඕන. දෙවන සහ තුන්වන ඊතල ඇති තැනුත් ඒ වගේ නමුත් අවසාන ඊතලයෙන් තියෙන්නේ උගෙම කකුලක් නේද ? ඒක නිසා පිලිතුර 1 යි‍.


ඇස රවටමු 2 තිත් ගනිමු පිලිතුර

ලබා දී තිබූ පින්තුරයේ ඇත්තේ සුදු තිත් 35 ක් විතරයි. පිංතුරය zoom කලාම හොයාගන්න පුලුවන්.  මේකට නිවරදි පිලිතුර හා පැටික්කි (MS) , priyantha.ඒබී ලබා දීලා තිබුනා.

ඇස රවටමු 3 රවුමක්ද සර්පිලයක්ද පිලිතුර

මෙම ලිපියට පිලිතුරු ලබා දුන් සියලුම දෙනා නිවරදි පිලිතුර ලබා දී තිබුනා.


ඇස රවටමු 4 මම දන්නෙත් නෑ නේ.. හී හී




ඇස රවටමු 5 සමාන්තර රේඛා පිලිතුර

 මෙම ලිපියේ තිබු රූපයේ ඇති සියලුම රේඛා එකි‍නෙකට සමාන්තර වේ. Photoshop හෝ Coreldraw වැනි මෘදුකාංගයකින් විවෘත කර ගයිඩ්ලයින්ස් දමා බලන්න. සියලුම දෙනා නිවැරදි පිලිතුරු දී ඇත.

දැන් තමයි සෙල්ලම.  

1) මේ පිංතූරය ඇන්දේ ‍ඉහලින් ඇති අතද පහලින් ඇති අතද ??




2) මේ පිංතූරයේ මූහුණු 11ක් තියනවා පුලුවන්නම් හොයපල්ලා….

3) මේ විදියට හදන්න පුලුවන්ද ? උත්සාහ කරන්න. ඔයාට කවදාවත් බෑ

එහෙනම් ට්‍රයි කරන්න. අපි ගියා..

ඇස රවටමු 5 – සමාන්තර රේඛා වක්‍ර වීම

මෙන්න ඇස රවටමු 5. මේකෙදී කරන්න තියෙන්නේ පහත තියන රූපයේ රේඛා සියල්ල සමාන්තරද නැද්ද කියලා හොයාගන්න තමයි. හොර බොරු වංචා බෑ. අවංකව බලලා එකවර පිලිතුරක් දෙන්න බලන්න. ඇස රවටමු 1,2,3,4,5 සියල්ලටම පිලිතුරු මීලග ලිපියෙන්. රැදී ඉන්න.
උපන්දිනයකුත් තිබ්බනේ අපේ සුජියගේ (මේ බ්ලොග් එකේ ලිපි ලියන අනිත් කොල්ලා) එයා‍‍ටත් Happy Birth Day කියන්න ඕනා…………….

ඇස රවටමු 4 – ඇත්තද බොරුද ??

ඔන්න ඇස රවටමු 4ත් ආවා. කියමුකෝ බලන්න මේ පහල පිංතූරේ ඇත්තද බොරුද කියලා.

මේකයි සිද්ධිය. මේ මනුස්සයා ඉදගෙන පින්සලක් අල්ලගෙන ඉන්නවා. බිත්තියක් තියෙයිද ? නැද්ද ? තියෙයිනම් මේ චිත්‍රය ඇදපු එකක්ද ? (වැඩේ කියන්නේ මටවත් මේකේ පිලිතුර හොයාගන්න අමාරුයි)
ඇස රවටමු 1,2,3 ට පිලිතුරැ දුන්නේ නැත්නම් ඒවත් ට්‍රයි කරන්න.

ඇස රවටමු 3 රවුමක්ද සර්පිලයක්ද ?

හී හී කට්ටිය පසුගිය ඇස රවටමු 1 හා 2 ලිපි වලට මුහුන දුන්නනේ. නැතිනම් තවමත් අවස්ථාව තියෙනවා.

ඇස රවටමු 1 වන ලිපිය ( අලි කකුල්) මෙතනින් යන්න.
ඇස රවටමු 2 වන ලිපිය (තිත් ගනිමු) මෙතනින් යන්න.

එහෙනම් මෙන්න 3 වන එක. මේ සෙල්ලමේ තියෙන්නේ පෙර ඒවා වගේ ගනන් කරන්න නෙමෙයි. පහල තියන රූපය වෘත්තයක්ද ? නැතිනම් සර්පිලයක්ද ? (Spiral or circles) කියලා හොයන්න.

මෙන්න රූපය

කියමු බලන්න. දැනටමත් ඇස රවටමු 1 ට හා 2 ට පිලිතුරැ දුන්නේ නැත්නම් ඒවත් උත්සාහ කරලා බලන්න.

ඇස රවටමු. 2 – තිත් ගනිමු

ඇස රව‍ටමු පලමු ලිපියට හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඒ ලිපියේ අලියගේ කකුල් ගනන ගනන් කරලා පිලිතුර දෙන්න තවමත් අවස්ථාව තිබෙනවා. (මෙතනින් යන්න) මම හිතාගෙන ඉන්නේ ඇස රවටමු ලිපි 5 ක් විතර ඉවර කරලා පිලිතුරු 5 ම එකම ලිපියකින් දාන්න. මේ ගැන ඔයාලා මොකද හිතන්නේ ??
මේ ඇස රවටමු 2 වන ලිපිය.

මේකත් ගනන් කරන සෙල්ලමක්‍. මේ සෙල්ලමේ කරන්න තියෙන්නේ පහල රූපය දෙස හොදින් බලලා කලු පාට තිත් කීයක් තියනවාද ? සුදු පාට තිත් කීයක් තියනවාද කියලා හොයාගන්න තමයි.

මෙන්න රූපය

මොංගල් වගේද ??

ඇස රවටමු. ලිපි පෙලක ආරම්භය‍ හා පලමු කොටස

අප සියලුදෙනාගේම බුද්ධිය වර්ධනය කරගැනීමට, කල්පනා ශක්තිය වර්ධනය කරගැනීමට පිංතුර ඇසුරෙන් ක්‍රීඩා පෙලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ එහි පලමු ලිපියයි. අන්තර්ජාලයේ සැරිසරමින් බ්ලොග් කියවන ඔබ සැමට වෙනස් ආකාරයක අත්දැකීමක් ගෙන ඒම මෙම ලිපි පෙලේ අරමුණයි.


පලමු ක්‍රීඩාව

ලේසි සෙල්ලමක්. මේ පහත රූපයේ ඉන්න අලියට කකුල් කීයක් තියනවද ?

 
පිලිතුර පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න