මගේ එක සිහිනයක් ඉටුවුනා !!

ම්.. ලොකු වෙනසක් ඒ නිසා අදනම් මම ගොඩක් සතුටෙන් .. මේ ඇයි කියලා ඔයාලා හැමෝටම ගැටලුවක් ඇති කියලා හිතනවා.  අනිත් අයට මේ වෙනස ඉතාම කුඩා එකක් වෙන්න ඇති‍‍. ඒත් මටනම් ගොඩාක්ම ලොකු වෙසක්. ඒ වෙනස මොකක්ද කියලා ඔයාලට බලාගන්න පුලුවන් උඩ බැලුවාම. ඒ කීවේ ඔයාලා භාවිතා කරන Web Browser එකේ තියන Address bar එක දිහා බැලුවාම‍‍.. දැන් තේරෙනවා ඇති නේද‍‍ ? සුලු දෙයක් නේ.. ඒත් මටනම් ‍ලොකූ දෙයක්.

මම මේ සිංහල බ්ලොග් එක පටන්අරන් කරගෙන එනකොට මටත් අපේ ‍ගොඩක් සිංහල බ්ලොග් ලියන අය‍ගෙ වගේ තමන්ගෙම නිවසකට, ඒ කීවේ Domain එකකට එන්න ආසාව තිබුනා. නමුත් මට ඒ පිලිබද නිසි දැනුමක් තිබුනේ නැති නිසා මම ඒ අදහස අතෑරල තිබුනේ අනික මම ඩයල් අප් නේ.. ඉබ්බා වගේ (මම නෙවෙයි ඉබ්බා හොදේ ) ටික ටික කට්ටිය ඩොමේන් වලට මාරු වෙනකොට ආයෙත් ආසා හිතුනා‍‍. ඉතින් මම ඩොමේන් නේම් එකකට මාරුවෙන්න තීරනය කලා. නමුත් ආයෙත් ආශාවක් ආවා. ඒ තමයි ඒක සබ් ඩොමේන් එකක් විදියට දාගන්න ඕන කියලා. එතකොට Personal Page එකකුත් හදාගන්න පුලුවන් නිසා.ටෙක් කථා වලට එහෙම දාලා විස්තර හොයන‍කොට ඒකේ යාලුවෝ කීවේ ඩයල් අප් වලින් නම් අමාරැයි කියලා. මේ ගැන විස්තර හොය හොය ඉන්නකොට .info ඩොමේන් එක 150කට විතර LKservers.com වල ගන්න පුලුවන් කියලා ආරංචියක් ආව නිසා ඒ ගැන විමසලා බලන‍කොට දැනගත්තේ ඒ පලවෙනි අවුරුද්ද විතරයි කියලා. නමුත් තමන්ගෙම සයිට් එකකට නම් Hosting තියෙන්න එපායැ. ඉතින් ඔන්න  දන්නකියන අයගෙන් අහපුවාම එයාලා කීවේ “ඔයාට 1GB විතර ඇති” කියලා. ඒත් LKservers.com වල 1GB පැකේජ් එකක් නෑ.. ඒ නිසා වෙනත් ආයතනයකින් 1GB හොස්ටින් ගන්න හිතාගෙන ‍හොයලා බැලුවාම 950කට විතර ගන්න පුලුවන් උනා. ඒත් ඒ පලවන අවුරැද්දට විතරයි. හ්ම්…එතකොට පලවෙනි අවුරුද්ද  කොහොම වුනත් දෙවෙනි අවුරුද්දෙදි 2000ක් විතර ගෙවන්න වෙනවා. පස්සෙයි දැනගත්තේ LKservers වල 10GB හොස්ටින් පැකේජ් එකේ .info ලයිෆ්ටයිම් FREE දෙනබව.. දැන් ඉතින් මට තිබ්බ හදිසියේ හැටියට ඒ පැත්තට හිත ගිහින් හලෝ හ‍ලෝ පාරක් එහෙම දාලා බලනකොට වැඩේ පාඩු නෑ‍‍. 😉 ඇයි ඉතින් පලවෙනි අවුරුද්දෙත් 1500 යි දෙවන අවුරුද්දෙත් 1500යි ජීවිතේටම 1500 නොවැ.ඉබි ගමනේ ඩයල් අප් කමක් නෑ ඕන කෙහෙල් මලක්, කෙහෙල් ගහක් වෙච්චාවයි කියලා හිතාගෙන පස්සේ ඔක ගත්තා. මේ පැකේජ් එකේ 10GB (10240MB) Disk Space තියනවා ඒ වගේම 100GB Monthly Bandwidth තියනවා. මගේ සයිට් එකේ හැටියට නම් මේක බෝක්කුවක් යටින් පොල්ලෙල්ලක් ගියා වගේ. මගේ ගනනය කිරීම් වල හැටියට නම් දවසකට රු 5 ක් ගානේ වත් එකතු කලොත් අවුරුද්ද අන්තිමට 300ක් පර්ස් එකට හී හී

ඊලගට කරන්න උනේ සයිට් එක හදන එක. කම්මැලිකම නිසා ගුගලේ හොද ටෙම්ප්ලේට් හොයලා බැලුව. මොන දෙයියන්ට කියන්නද ලස්සන Flash ටෙම්ප්ලේට් වලට $150 ක් විතර. ලෝන් එකක් ගහලා හොස්ටින් ගත්තා සයිට් එකත් ගන්න පුලුවන්යෑ.මදැයි.. ශේප් එකේ ටෙම්ප්ලේට් එකක ඩිමෝ එකක් බලලා ගැහැවුවා Web Page Maker වලින් කොපියක්. ඒ කීවේ ඒක බලාගෙන හැදුවා‍‍. චාම්වට, සරලව‍‍. දැන් තමයි අප්ලෝඩ්‍‍.. ඔන්න ඉතින් කලින් කියපු ඉබ්බා‍ගේ පිහිට පතන වෙලාව. අපිට 3G නෑනේ..ADSL ගන්න අහපුවාම කියනවා ලූප් ද මොනවාද නෑ කියලා. ඒ කතාව පැත්තක දාමුකෝ [වෙලාවක ඒ ගැනත් ලිපියක් දාන්නම්] මට මේ ගැන වැඩි දැනීමක් නැති නිසා අපේ කට්ටිය සිංහලින් ලියපු ලිපි කීපයක් එහෙම බලලා යාලුවො කීපදෙනෙක් එක්ක චැට් පාරක් එහෙම දාලා කරමේ දැනගත්තා. කොහොම හරි ඉබිගමනේ ඒකත් කලා කියමුකො.

දැන් Sub Domain එකට Blog එක සැට් කෙරිල්ල.. ගුගලේ සර්ච් පාරක් එහෙම දාලා ටෙක් කතා වලටත් දැම්මා.. ඒකත් ඉගනගෙන යාන්තම් ඒකත් ගොඩදාගත්තා.

නමුත් අවුලක්‍ !!
අපි නැග්ගොත් ලයිට් කනුවෙත් දෙබලක් ලු (දැන් පුවක් ගස් වල අතුබෙදිලා හමුවෙන නිසා පොඩ්ඩක් වෙනස් කලා) මාර කේස් එක. කෝ මේකෙ තිබුන කමෙන්ට්ස්. ? ? ? ම්………… මක් වුනාද. මේ ටික නැතිවුනොත් බ්ලොග් එකත් වැඩක් නෑ. මේවායින් ලැබෙන හයියෙන් තමයි මෙච්චර කාලක් බ්ලොග් ලීවේ. කීප පාරක් Refresh කලත් නෑ. වෙනවෙන මෘදුකාංගවල “අන්ඩූ” මතක් වෙලා ආයෙන් .blogspot.com වලට මාරැ වුනා.. එතකොටනම් තියනවා..පස්සේ ගුගල් දෙයියන්ගේ පිහිට තමා. එතනින් දැනගත්තා ගොඩක් අය‍ට මේ සිද්දිය වෙලා තිබුනත් සති 3 කින් විතර ගොඩක් අයගේ හරිගිහින් තියන බව. ( මේ ගැන තිබුනේ මෙතන)පස්සේ ඉතින් ආයෙත් සබ් ඩොමේන් එකට බ්ලොග් එක දැම්මා. කවුරැහරි මේටික ආපහු ගන්න දන්නවානම් කියලාදෙන්න හොදේ.

එච්චරයි අවුලකට තියෙන්නේ.. අනිත්වා නම් ලස්සනට සිද්ධ වුනා.. ආ අලුත් ලිපිනය කියන්න අමතක වුනානේ. ඒ තමයි www.geeth.info මේකේ මගේ විස්තර තියනවා. පොඩි විසිට් පාරක් එහෙම දාලා ආපහු මෙතනට ඇවිත් හොදනරක අඩුපාඩ් වැඩිපාඩු කමෙන්ට් කරලා යන්න. ඒක මට ලොකු හයියක්‍.මගේ බ්ලොග් එක දැන් http://blog.geeth.info වල. කලින් තිබුන බ්ලොග්ප්පොට් කියලා කියනකොටත් ටැපලෙනවා. නෑ නෑ පැටලෙනවා. කවුරැහරි ඇහුවත් කියන්න අමාරැයි. හිහ්. හිහ්.

දැන් මමත් මගේම ඩොමේන් එකක ඉදන් බ්ලොග් ලියන කෙනෙක්නේ. ටිකක් වගකීමෙන් ලියන්න ඕන. ඉහල වගේ පිස්සු කෙලින්නේ නැතිව.

ඇත්තෙන්ම මම මේ ඩොමේන් එකයි හොස්ටිනුයි ගත්තට මට මේ ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. මේ නිසා මම ගොඩක් දේවල් ඉගනගත්තා. ඒ ඉගනගත්ත දේ ඔයාලටත් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි ලිපි පෙලක් මගින්. එයට ඩොමේන් නේම්, වෙබ් හොස්ටින් මිලදීගැනීමේ සිට වෙබ් අඩවිය සෑදීම‍‍, එය අප්ලෝඩ් කිරීම,සබ්ඩොමේන් එකකට Blogger(blogspot) බ්ලොග් දැමීම වැනි මම ඉගනගත්ත සියලුම දේවල් ඇතුලත් කරන්න හිතාගෙන ඉන්නවා.. හ්ම්.. එහෙනම් දැන් ඇති වගේ.. අවසාන වශයෙන් සැමගෙන්ම ඉල්ලාසිටිනවා ඉදිරියටත් මේ බ්ලොග් එක එක්ක එක්වෙලා ඉන්න කියලා.. Comment එකක් දාන්න Blog එක Follow කරන්න, E-Mail මගින් කියවීම සක්‍රීය කරන්නත් පහසුකම් තියනවා ඔන්න.

සැමටම ජය

෴෴
Advertisements

මුදලට ෆයිල් හුවමාරැව නවතමු..

අප ගොඩක් දෙනෙක් අපගේ ෆයිල්ස් ෂෙයා කරගන්න විවිධ වෙබ් අඩවි භාවිතා කරනවා. ඒ ගැන කියන්න යනවා නෙමෙයි. මේ මුලපුරන්න හදන්නේ.. ඇයි අපි මේ විදියට ෆයිල් ෂෙයා කරගන්නකොට Rapidshere හා Hotfile වැනි සේවාවන් හරහා ෆයිල් ෂෙයා කරගන්නාවිට ඒවා බාගතකරගන්න අයට සිදුවන කරදරයට විසදුමක් ලෙස වෙනත් සේවාවක් යොදාගන්න බැරිද යන්න පිලිබද පොඩ්ඩක් කථා කරන්නයි. ඇත්තෙන්ම මේ සේවාවන් හරහා සිදුවන ප්‍රධානම දෙයක් වන්නේ කිසිම ප්‍රමාදයකින් තොරව අපට ෆයිල්ස් අප්ලෝඩ් කරන්න අවස්ථාව සලසා දී තිබුනත් ඒ ෆයිල්ස් බාගත කරන විට ඔවුන් ‍මෙම ෆයිල්ස් ඉක්මනින් බාගත කිරීමට නම් මුදල් ගෙවා ප්‍රීමියම් එකවුන්ට් එකක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියා සිටීමයි. ඉතා කුඩා ෆයිලයක් නම් කම් නැත. නමුත් බොහො විට මේ ෆයිල්ස් බා ගැනීමේදී බාගත කරන්න්ට බාගතකිරීමේ වේගය සීමා කරයි. Resume support ඉවත් කරයි.. තත්වය මෙසේ වුවද තවමත් බොහෝ දෙනෙක් තවමත් මෙසේ මුදල් ගෙවා වේගයෙන් බාගත කරගත යුතු ෂෙයාරින් සයිට් වල උදවු ඇතිව තම ෆයිල්ස් ෂෙයා කරගන්නේ ඇයි ? මෙම තත්වය නිසා අද වනවිට Rapidshere සර්ච් එන්ජින් පවා බිහිවී ඇත. Rapidshere මෝස්තරයක් වී ඇත්ද ? එසේ නැත්නම් නොමිලේ ෆයිල් බෙදාගැනීමට වෙනත් ස්ථාන නැතිද ?? කෙසේ වෙතත් අද සිටවත් ඔබ අන් අය සමග ෆයිල්ස් බෙදා ගැනීමේදී බාගන්නන්ට අපහසුවකින් තොරව බාගතහැකි ෆයිල් ෂෙයාරින් සයිට් එකක් තෝරාගත්තොත් එය කාටත් හොදයි නේද ? බොහෝමයක් සයිට් වල අද මේ ගැටලුව පවතී. එසේනම් මේ අපට ගැලපෙන නොමිලේ ෆයිල් ෂෙයාරින් කරගත හැකි අඩවියක් සොයාගත යුතු කාලය නොවේද ?

පහත සයිට් බොහොමයකද මෙසේ ඉක්මනින් බා ගැනීමට නම් මුදල් දී ලියාපදිංචි විය යුතුය. නමුත් ඒ අතර අපට ගැලපෙන අඩවි ද නැතුවා නොවේ.

www.mediafire.com
www.4shared.com
www.fileden.com
www.filefactory.com
www.filedropper.com
www.yourfilelink.com
www.easy-share.com
www.missupload.com  – Indonesia
www.orbitfiles.com
www.mlfat4arab.com
www.filesanywhere.com
www.ziddu.com
www.depositfiles.com

මීට අමතරම ඔබට ගැලපෙන සයිට් එක තොරාගැනීමට පහත සැසදුම උපකාරී වේ යයි සිතමි.

 තෝරා ගන්නා සයිට් වල Premium account: No ලෙස සදහන් අඩවි වඩා සුදුසු වේ.

Streamfile

Based in Stockholm, Streamfile is a better looking, easier to use and the fastest way to deliver data, wherever you are in the world.

Max filesize: 300Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
streamfile

Pando

Pando is free P2P software that makes downloading, streaming and sharing large media files fast, easy and fun.

Max filesize: 1GB | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website
pando

Wikisend

Upload and download lots of files, big files, small files, data files, media files, archives or backups any files.

Max filesize: 100Mb | Registration: No | Premium account: No | Password Protection: Yes | Visit Website
wikisend

PipeBytes

Instantly send music, movies, presentations or any other files to anybody!

Max filesize: Unlimited | Registration: No | Premium account: No | Password Protection: No | Visit Website
pipebytes

Mail Big File

Max filesize: 200Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
mailbigfile

4Shared

Max filesize: 100Mb/file, 5Gb in total | Registration: Yes | Premium account: Yes | Password Protection: No | Visit Website
4shared

SendThisFile

SendThisFile allows you to easily send and receive large files to and from anyone, anywhere.

Max filesize: Unlimited | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website
sendthisfile

Files2U

Files2U is a web-based service that allows you to send large files to a receiver without having to worry about the restrictions of email or slowdowns of FTP.

Max filesize: Unlimited | Registration: No | Premium account: No | Password Protection: Tracking Number | Visit Website
files2u

Driveway

Powered by iDrive Online Backup, this free web service allows both web file sharing or simply just share files via your PC’s desktop.

Max filesize: 500Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
driveway

MediaFire

Max filesize: 100Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
mediafire

Drop.io

Privately share your files and collaborate in real time by web, email, phone, mobile, and more. Create each drop in two clicks and share what you want, how you want, with whom you want.

Max filesize: 100Mb | Registration: No | Premium account: Yes | Password Protection: Yes | Visit Website
dropio

Dropbox

Dropbox is software that syncs your files online and across your computers or even share it with friends and peers.

Max filesize: Unlimited | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website
dropbox

Box

Box.net’s online file storage makes it easy to securely share content as a link or a shared folder with anyone – inside or outside your company.

Max filesize: Unlimited | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website
box

Senduit

Max filesize: Unlimited | Registration: No | Premium account: No | Password Protection: No | Visit Website
senduit

File Dropper

Max filesize: 5Gb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
file dropper

More

 

ආවා ආවා ! Akon ගේ සිද්ධියේ සාක්ෂි මෙන්න

මම පෙර ලියපු Akon හා බුදු දහම වැනි මෙම සිද්ධියට සම්බන්ධ ලිපියට ප්‍රතිචාර ගොඩක් ලැබුනා. සමහර අය කියා තිබුනා ඔයා මොන පදනමකින් ද එසේ ප්‍රකාශ කරන්නේ… කියලා. තවත් කෙනෙක් නිකන් කට තිබ්බ පලියට කැගන්න එපා. Akon බුදු දහමට කැලලක් කලා කියන්න සාක්ෂි තියෙනවාද ? කියලා අහල තිබුනා (උදාරයා කියල කෙනෙක්) එහෙනම් මෙන්න ගන්න. අරන් බලන්න.

 මේ පොටෝස් මම ගත්තේ Facebook එකෙන්. බොරැනම් ගිහිල්ලම බලන්නකෝ.
http://www.facebook.com/pages/We-Hate-AKON-Abuse-Music-Video-Against-Lord-Buddha/262702627464
මම මේව ගන්නකොටත් 13,151 fans ලා එකග වෙල තිබුනා

පැහැදිලි නැත්තම් ක්ලික් කරල ලොකු කරගන්න…

මෙන්න පැහැදිලිම සාක්ෂියක්

මේ ‍විශ්වජී කියල කෙනෙක්ගේ අදහස්

මේ කෙසේ වෙතත් කිසිම ආගමකට කැලලක් වෙන විදියට ඔනම කෙනෙක් කටයුතු කරනවානම් මම ඒකට විරැද්ධයි !!!

Akon ට බැරි වූ දේ SF ගෙන්

පසුගිය දිනවල AKON ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීමට උත්සහ කලත් එය නොහැකි වූයේ බුදු දහමට නිගා කිරීම හා බුදු දහමට අගවුරව වන ආකාරයේ රැගුම් ඉදිරිපත් කිරීමයි. ඒ උනාට ඔහුගේ වීසා කැන්සල් වෙච්ච නිසා ලංකාවට එන්න බැරිඋනා.

නමුත් ඒ වගේ දෙයක් ලංකාවෙත් !! මේක මට කනාවට වගේ 2010/03/21 ITN 7.00 ප්‍රවෘත්ති වල කියනව ඇහුනා.(වැරැද්දක් තියේ නම් comments ඔස්සේ නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා)

මැතිවරන දැන්වීමක් සදහා සරත් ෆොන්සේකා මැතිතුමා ජේසුස් වහන්සේගේ ඡායාරෑපයක් 2010/03/22 දින පුවත්පතක යොදා තිබූ බව තමයි කියවුනේ.මේ ගැන විරෝධය පල කලේ නම් අගරදගුරැ හිමිපානන්.

මේ ලිපිය හරහා කිසිම දේශපාලන පක්ෂයකටවත්,ආගමකටවත් මාගේ පක්ෂපාතිත්වය හෝ විරෝධය පල නොකරමි.

Akon ගේ සිද්ධිය සම්බන්ද වෙනත් ලිපිද බලන්න

Akon ගේ යාලුවා ශාරැක් ඛාන්,අපි නිර්දෝශයි – සිරස කියයි

2010/03/24 රාත්‍රී 7 ප්‍රවෘත්ති වලින්

සිරස පවසන්නේ තමන් මෙම ඒකොන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් නිර්දෝෂී බවත් මෙම සිද්ධිය පිටුපස සිටින්නේ කවුද යන්න පිලිබද සොයා දෙන අයෙකුට විශාල මුදල් ත්‍යාගයක් ලබා දෙන බවද යන්නයි.ඒ සදහා ඔවුන් කුඩා ඉගියක්ද සපයනවා ඒ ඉන්දියාවේ සුපිරි නලු ශාරැක් ඛාන් ඒකොන්ගේ හොදම යාලුවෙක් බවයි.සිරසට පහරදීම පිලිබද නොයෙක් අයගේ විරෝධතාවද මෙහිදී ඉදිරිපත් වුනා

මෙම සිද්ධිය පිටුපස සිටින්නේ කවුද ?

ඒ කෙසේ ‍වෙතත් Akon බුදු දහමට කැලලක්…..

මේ ලිපිය හරහා සිරස ආයතනයටවත් කිසිම දේශපාලන පක්ෂයකටවත්,ආගමකටවත් මාගේ පක්ෂපාතිත්වය හෝ විරෝධය පල නොකරමි.

Akon ගේ සිද්ධිය සම්බන්ද වෙනත් ලිපිද බලන්න

Beep Code මගින් පරිගණකයේ ලෙඩ සෙවීම

ඔබේ පරිගණකය ඔන් වෙනකොට එකපාරක් බීප් කියලා සද්දයක් දානවාද?. බය වෙන්න එපා එහෙනම් අව්ලක් නෑ. මේ සද්දේ දාන්නේ Motherboad එකේ තියන පොඩි ස්පීකර් එකකින්. ඔය පිංතුරෙත් තියෙන්නේ…. එක එක බෝඩ් වලට එක එක කෝඩ් CMOS අනුවත් වෙනස් වෙනවාගහැබැයි ඔයාල‍ගේ පරිගණකය වැඩ කරන්නේ නැති (ඔන් වෙන්නේ නැති) වෙලාවට මේ බීප් සද්ද වලින් ලෙඩේ හොයාගන්න පුලුවන් ඒවට තමයි Beep Code කියන්නේ. මේ PDF එකේ ගොඩක් අප්‍රසිද්ද කොඩ් තියනවා. ගොඩක් වර්ගවල Motherboads වල කෝඩ් ගොඩක් තියනවා

මේකත් බාගෙන වැඩක් ගත්තද කියන්නකෝ.

<~~ AKON සහ බුදු දහම ~~> ඔබ "ඒ කොන්" ද ? මේ කොන්ද?

VS

මේ දිනවල ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන් වාතාවරනයකට හේතු වූ AKONගේ ශ්‍රී ලංකාවේ සංවිධානය වුනු ප්‍රසංගය සදහා ලංකාවේ බුද්ධ සංගම් වල දැඩි විරෝධය පල කිරීමට හේතු වීතිබෙන්නේ එම ගායකයා බුදු දහමට එරෙහිව බුදු පිලිම ඉදිරියේ නිරැවත් කාන්තාවන්ගේ රැගුම් ඉදිරිපත් කිරීම වැනි බොහෝ හේතු නිසාවෙනි.මෙම විරෝධය පෑම සදහා කොළඹ මහරාජා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති සාමකිමී විරෝධතාව පසුව ගල්මුල් ප්‍රහාරමාලාවකින් අවසන් වූ බව පැවසේ.

AKON ලාංකිකයන් අතර ජනප්‍රිය වූයේ    Smack that, Beautiful හා Right Now (Na Na Na) වැනි ගීත හරහාය. නමුත් මෙවැනි ගායකයෙක් මෙරට‍ට ගෙන්වීමට පෙර සිරස මාධ්‍ය ජාලයට දෙවරක් සිතා බැලීමට සිදුව තිබුනේ ඔහුගේ මෙම බුදුදහමට අපහාස වන අන්දමේ රැගුම් හා i wanna fuck you වැනි කුණුහරැප ගීත නිසාවෙනි.තවද මෙම ප්‍රසංගය සදහා ප්‍රවේශපත් වල මිල රැ 5 000 ඉහල බවද පැවසේ.

කෙසේ වෙතත් බුදුන් වහන්සේ  දේශනාකල පරිදි අපට වෛර කරන්නන්ටද අපට‍ වෛර කරන්නන්ටද අප මෛත්‍රීය දැක්විය යුතු වේ. ඉතින් තවත් මොනවා කියන්නද ? මේ ගැන ඔබේ අදහස් බලාපෙරොත්තු වෙමි.

මෙම ලිපිය හරහා මම Akon ට වත් සිරස ආයතනයටවත් බුදු දහමටවත් විරෝධතාවයක් හෝ පක්ෂපාතීත්වයක් හෝ පලකර නොමැති අතර මෙම ලිපියෙහි අඩංගු වන්නේ මට මේ ගැන සිතෙන අදහස් පමණී. කෙසේ වෙතත් ‍ෙබද්ධයෙක් විදියට මේ වැඩේට තදින්ම විරැදිධයි. ජරා වැඩක් !!!!

ඉතින් ඔබ “ඒ කොන්” ද ? මේ කොන්ද? කියලා ලියලා යන්න….