වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – වෙබ් අඩවිය සෙවුම්යන්ත්‍රවලට ඇතුල්කරගැනීම

වෙබ් අඩවියක් හදාගත්තාම ඊගඟට කරන්න තියෙන්නේ ඒ හදාගත්ත සයිට් එක Search engine වලට හසුකරවීමයි. මේ විදියට හසුකලාම අපිට ලැබෙන වාසිය තමයි අපේ වෙබ් සයිට් එකට එන අමුත්තන් ගනන වැඩිකරගන්න පුලුවන්. ඒ වගේම ගුගල් ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරන්නත් තමන්ගේ වෙබ් අඩවිය Search engine වල හොද රෑන්ක් එකක් තියෙන්න ඕන. මේකට කියන්නේ Search Engine Optimization කියලා. මේ සදහා පහල තියන අඩවි වලට ගිහින් ඔබේ විස්තර ලබාදෙන්න. එවිට දින කීපයකින් ඔබේ වෙබ් අඩවිය ඇතුලත් වේවි. ඇතැම්විට දින ගනනක් යාමටත් පුලුවන්.

http://www.addme.com/
www.submitexpress.com/submit.html
www.freewebsubmission.com/
www.submitcorner.com/  

http://www.addpro.com/submit30.htm
www.ineedhits.com/free-tools/submit-free.aspx

ඊට පස්සේ කරන්න තියෙන්නේ වෙබ් අඩවියේ සයිට්මැප් එකක් එහෙම හදන්න. ඒ ගැන සහ ගුගල් වෙබ්මාස්ටර්  වලින් වැඩකරන ආකාරය මීලඟ ලිපියෙන්

Advertisements

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – කුප්පි 2

ම්… කලින් ලිපි වල කීව ආකාරයට තමන්ගේ වෙබ් අඩවිය අප්ලෝඩ් කරන්න ඇති නේද..?? මේ ලිපිය මගින් ඉදිරිපත් කරන්න යන්නේ අපි හදාගත්ත වෙබ් අඩවිය පිලිබද තවත් යමක්‍. අපි පෙර ලිපියේ විදියට හදාගත්ත සයිට් එකේ ඩොමේන් නේම් එක පොඩ්ඩක් හරි නෑ වගේ නිසා මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න‍. top level domain එකක් වගේ නොමිලේ දෙන ඩොමේන් එකක් විදියට .tk ලබාගන්න පුලුවන්. තව co.cc වුනත් හොදයි.‍ ඒත් ඒක ලබාදෙන්නේ අවුරැද්දක් වැනි කාලයක්. tk ඩොමේන් එක භාවිතා කරනවිටත් සැලකිය යුතු කාලයක ඒ ගත්ත tk ඩොමේන් එකෙන් කට්ටිය පිවිසුනේ නැත්තම් ඒක කැන්සල් කරනවාලු. ඒ නිසා tk ඩොමේන් එකක් භාවිතා කරනවානම් තමන්වත් සතියකට සැරයක්වත් tk ඩොමේන් එකෙන් අවවියට යන්න. tk ඩොමේන් එකෙන් වෙන්නේ අපි හදාගත්ත සයිට් එකට ෆෝවර්ඩ් කිරීමක්. ඒ කියන්නේ tk ඩොමේන් එකට යන කෙනෙක් ඒකට ගියාම අපි ලබාදෙන සයිට් එකට යොමුකරන එක. මේකට කියන්නේ URL Forwarding කියලා. අපේ බ්ලොග්ස්පොට් සයිට් එකකට වුනත් භාවිතා කරන්න පුලුවන්. මේක ඉතාමත්ම ලේසියෙන් හදාගන්න පුලුවන් ඩොමේන් නේම් එකක්. තමන්ගේ ඩොමේන් එකට ඊ-මේල් එකකුත් දෙනවා. ඒකත් තමාගේ භාවිතාකරන ඊ මේල් ලිපිනයට ලැබෙන ලිපි ෆෝවර්ඩ් කරගන්න පුලුවන්. අපි  geeth.tk කියලා ඩොමේන් එක ගත්තෝ  අපිට පුලුවන් info@geeth.tk, admin@geeth.tk වගේ ඊ මේල් එකක් හදාගන්න‍.දැන් බලමු අපි මේ ඩොමේන් නේම් එකක් ගන්නේ කියලා. පලමුව මේ ලිපිනයට යන්න‍. පහල පිංතුරය මත ක්ලික් කරන්න.

එතනට ගිහින් ඔබේ හදාගත්තු අඩවියේ ලිපිනය දීලා තමන්ගේ ඩොමේන් එක ගන්න පුලුවන්.

වෙබ් අඩවියට දැන්වීම් එහෙම දානවානම් එකත් ට්‍රයි කරලා බලන්න පුලුවන්.. ඇඩ්සෙන්ස් හරි නොගිය අයට පහල විකල්ප 2 උත්සාහ කරලා බලන්න පුලුවන්.

ඒ තැන් වලට ගිහින් දැන්වීම් අවශ්‍ය ප්‍රමානයට හදාගෙන ලබාදෙන කෝඩ් එක කොපි කරගෙන අපි වෙබ් අඩවිය හදන වෙබ් පේජ් මේකර් වලට එන්න. එහි insert මෙනූ එකේ තියනවා Html code or script code කියලා. එකට ගිහින් ලැබෙන් දැන්වීමේ කෝඩ් එක පේස්ට් කරලා පේස්ට් කරලා OK කරන්න. එවිට ඩිසයින් කරපු සයිට් එකට මේ විදියට කෝඩ් එක ලැබෙනවා

ඉහල පිංතුරයේ html1 කියලා තියෙන්නේ. දැන් එක අපි ලබාගත්ත දැන්වීමට ඉඩ ඇතිවෙන පරිදි රීසයිය් කරන්න ඕන. නැත්තම් දැන්වීම හරිහැයි දිස්වෙන්නේ නෑ. මේ ආකාරයට දැන්වීම් අවශ්‍ය පිටු වලට වෙබ් පේජ් මේකර් වලින් දැන්වීම් දාගන්න. ඒ දැන්වීම් දාපු පිටු විතරක් කලින් ලිපියේ කියලා තිබුන ආකාරයට web server එකට අප්ලෝඩ් කරන්න.

මේ විදියට වෙබ් අඩවිය හදලා ඒක අප්ලෝඩ් කිරීම හොදින් පුරුදු වුනාට පසු අපිට අපේම කියලා ඩොමේන් නේම් එකක් හා හොස්ටින් ගන්න පුලුවන්.

මීට අමතරව අපි ගත්තු නොමිලේ දෙන වෙබ් ඉඩට wordpress දාලා ඒකෙන් තමන්ගේ අඩවිට වර්ඩ්ප්‍රෙස් මගින් න්ර්මාණය කරන්නත් උත්සාහ කරන්න පුලුවන්. (වෙබ් පේජ් මේකර් අමාරුනම්) ඊට පස්සේ අපේම කියලා ඩොමේන් එකක් හා හොස්ටින් ගත්තාම ඒකට වර්ඩ්ප්‍රෙස් දාලා හදාගන්න පුලුවන්. මීලග ලිපි වලින් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්නේ ඩොමේන් නේම් හා හොස්ටින් මුදල්වලට අරගෙන ඒවා සමග කටයුතු කරන ආකාරය යි. 

මේ ලිපිය කෙටි වුනාට සමාවෙන්න !! හදිසියේ දැම්මේ

වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම – අඩවිය Upload කිරීම – කුප්පි 1

පලවෙනි ලිපිය බැලුවා කියලා හිතනවා. නැතිනම් එය මුලින්ම බලලා ඉන්න. ඒහි කීව ආකාරයට තමන්ගේ වෙබ් අඩවිය ඔබ නිර්මාණය කලානම් ‍ මේ ලිපියෙන් එය නොමිලේ ලබාදෙන වෙබ් ඉඩකට අප්ලෝඩ් කරන ආකාරය සාකච්ඡා කරමු. පසුව මෙය අත්හදා බලා  පසුව මිලදීගත් වෙබ් ඉඩකට අප්ලෝඩ් කරගත හැකියි. (නමුත් මෙම නොමිලේ සාදන අඩවියද ඔබට භාවිතා කල හැකියි.)
දැන් ඔබේ නොමිලේ ලැබෙන වෙබ් ඉඩ සාදාගනිමු.
මේ සදහා බොහොමයක් ස්ථාන අන්තර්ජාලය තුල ඇතත් මම මේ ලිපි සදහා යොදාගන්නේ zymic නම් වෙබ් අඩවියයි. ඔබ කැමතිනම් වෙනත් අඩවියක් වුවද භාවිත කල හැකියි.
පලමුව පහත සබැදුමට ගොස් නොමිලේ ලැබෙන වෙබ්ඉඩ ලබාගැනීමට ලියාපදිංවිවන්න.‍

එහි ඇති කුඩා ෆෝම් එක පිරවු පසු ලබාදුන් ඊ මේල් ලිපිනයට පනිවිඩයක් ලැබෙනු ඇත. එහි සදහන් සබැදුමට ගොස් ඔබ ලබාදුන් User name හා Password ලබාදී ලොග්වෙන්න.

එවිට ඔබ ඇතුල්වන්නේ ඔබේ zymic ගිණුමටයි. එහි ඔබේ වෙබ් ඉඩ ලබාගැනීමට Creat New Web Host Account මත ක්ලික් කරන්න.


  • දැන් ඔබේ වෙබ් හොස්ටින් ගිණුමට ඔවුන් නොමිලේ ලබාදෙන Domain Name එකක් තෝරාගන්න.

  • මෙය නොමිලේ ලබාදෙන වෙබ් ගිණුමක් බැවින් ඔබට ලැබෙන්නේ Sub Domain එකකි. එහි තෝරාගැනීමට ඩොමේන් කිහිපයක් ඇත.
  1. yourname.xzq.net
  2. yourname.99k.org
  3. yourname.zzl.org
  4. yourname.zymichost.com
  5. yourname.clanteam.com

 කැමති එකක් තෝරාගෙන ඔබේ නම ඉහත පිංතුරයේ ආකාරයට ලබාදී Continue ක්ලික් කරන්න.

  • hosting ගිණුමට මුරපදයක් ලබාදෙන්න.
  • දැන් ඔබ ඔවුන්ගේ කොන්දේසි වලට එකග විය යුතුය.(පහත රූපය බලන්න)

රෑපයේ ඊ හිස් වලින් දැක්වෙන ස්ථාන සලකුණු කර පහලින්ම ඇත් Create website account මත ක්ලික් කරන්න.

  • එලෙසින් ඔබේ හොස්ටින් ගිණුම සාදා අවසන් කරගන්න.
  • දැන් ඔබ නැවතත් ඔබේ පාලන පුවරුව වෙත යොමුවනු ඇත.

එයින් ඔබේ වෙබ් ගිණුමට ඇතුල්වීමට පහත රෑපය උපයෝගී කරන්න.

  • මුරපදය විමසුවහොත් ඔබ හොස්ටින් ගිණුමට ලබාදුන් මුරපදය ලබාදෙන්න.එවිට ඔබේ ගිණුම පෙන්වයි

පහත ආකාරයට ඔබේ හොස්ටින් පාලන පුවරැව දැක්වෙනු ඇත.

අපට එයින් අවශ්‍ය වන්නේ සයිඩ්බාර් එකේ තිබෙන විස්තරයි.පහත රූපයේ කොටු කර ඇත. මෙම විස්තර notepad (start->all programs->Accessories->notepad) වලට කොපි කර save කර තබාගන්න.

දැන් හොස්ටින් ගිණුම සාදාගෙන අවසන්. මෙම ගිණුමේ File Manager නම් ස්ථානයෙන් අප ගිණු‍මේ ඇති ෆයිලයන් බලාගත හැක. එයින් අප්ලෝඩ් කල හැකි වුවත් එකින් එක ෆයිලයන් අප්ලොග්ඩ් කිරීමට සිදුවන නිසා වෙනත් මෘදුකාංගයක් භාවිතා කරමු. (අප්ලෝඩ් කරන විට ඉහත රූපයේ රවුම් කර ඇති ස්ථානය online වී ඇති අවර්ථාවක් විය යුතුය.)

දැන් හොස්ටින් ගිණුමට අඩවිය අප්ලෝඩ් කිරීම

මෙය කිරීමට කලින් ඔබ සාදාගත් වෙබ් අඩවිය වෙබ් සර්වර් එකේ ස්ථානගත වීමට අවශ්‍යකරන ආකාරයට පරිගණකයේ එක් ෆෝලිඩර් එකකට අඩවියට ඇතුලත් කරඇති සියලුම දේවල් සමගින් ගත යුතුවේ. මේ සදහා මා භාවිත කල වෙබ් පේජ් මේකර් මෘදුකාංගයේ ඇති ආකාරය පහතින් විස්තර කරන්නම්. (Dreamviver වලද මේ සදහා පහසුකම් සපයා ඇත.)
ඒ සදහා වෙබ් පේජ් මේකර් මෘදුකාංගයේ ටූල් බාර් එකෙහි ඇති ^ අයිකනය යොදාගන්න.(පහත රූපයේ ආකාරයට) මෙයට File-> Publish හෝ F4 බොත්තම භාවිතා කල හැක.
එවි‍ට පහත ආකාරයට ඩයලොග් ‍බොක්ස් එකක් ලැබෙනු ඇත.
 මෙතැනදීත් අපට කෙලින්ම හොස්ටින් ගිණුමට අප්ලෝඩ් කිරීමට හැක. (New මගින්) නමුත් අප මේ අඩවිය එක් ස්ථානයකට ගෙන අප්ලෝඩ් කරමු. මුලින්ම පරිගණකයේ නව ෆෝල්ඩරයක් සාදන්න. දැන් රතු පැහැයෙන් රවුම් කර ඇති ස්ථානය සලකුනු කර පහලින් අවශ්‍ය නව ෆෝල්ඩරය තෝරා Publish ක්ලික් කරන්න.
අප සාදාගත් ෆෝලිඩරයට වෙබ් අඩවියට ඇතුලත් සියුම ෆයිලයන් පිටපත් වෙනු ඇත.
වෙබ් අඩවිය අප්ලෝඩ් කිරීමට අපට filezilla නම් නොමිලේ ලබාදෙන මෘදුකාංගාය අවශ්‍ය වේ. මෙය බාගත කරගැනීමට

වෙත යන්න.  එහි  FileZilla_3.3.3_win32-setup.exe  (recommended) යනසබැදුම මගින් බාගතකරගන්න. 4MB පමණි.
දැන් එම මෘදුකාංගය විවෘත කරගෙන මා ඉහත පියවරකදී note pad වල සටහන් කරගැනීමට කී විස්තර ලබා දී ඇතුල්වන්න.
මුරපදය වශයෙන් අප හොස්ටින් ගිණුමට ලබාදුන් මුරපදය ලබාදෙන්න. Quickconnect යන්න ක්ලික් කරන්න. ස්වල්ප වේලාවකින් පහත ආකාරයට ඔබේ වෙබ් ගිණුමට සම්බන්ධවනු ඇත. පහත ලෙස
මෙහි අංක 1 න් දැක්වෙන්නේ ඔබ පරිඝණකයේ හාඩ් ඩිස්ක් ය. අංක 3න් එම පාටිශන් එකකට ගියවිට ඒ තුල ඇති ෆෝල්ඩර විවරකරගත හැක. අංක 4 න් වෙබ් හොස්ටින් ගිණුමේ ඇති ෆයිල් දැකගත හැක.  
ඔබ මා විසින් සදහන් කල හොස්ටින් සේවය භාවිතා කලේනම් අංක 4 ස්ථානයේ ඇති index.html නම් ෆයිලය ඩිලිට් කිරීමයි (එය මත රයිට් ක්ලික් කර ඩිලීට් මගින්)
දැන් කිරීමට ඇත්තේ අංක 1 හා 3 උපයෝගී කර‍ගෙන ඔබ වෙබ් අඩවිය පරිගණකයේ ගබඩා කර ඇති ෆෝල්ඩරය වෙත ගොස් එහි ඇති ෆයිල්ස් සියල්ල කීබෝඩ් එකේ ctrl බොත්තම ඔබාගෙන තෝරා රයිට් ක්ලික් කර අප්ලෝඩ් නම් විධානය ලබාදීම පමණයි. එවිට ඔබගේ වෙබ්හොස්ටින් ඉඩ තුලට අපගේ පරිගණකයේ ඇති ෆයිලයන් ඇතුලත්වනු ඇත. එය ඇතුල්වන ආකාරය ඉහත පිංතුරයේ රතුපැහැති ඊතලයෙන් දැක්වෙනු ඇත. මෙසේ ෆයිල් සියල්ල අප්ලෝඩ් වී අවසාන වූ පසු ඔබ ඉහතදී තෝරාගත් වෙබ් ලිපිනයට ගොස් වෙබ් අඩවිය පරික්ෂා කර බැලිය හැක.

සැ,යු – ඔබ වෙනත් වෙබ් හොස්ටින් ලබාදෙන ස්ථානයකින් ඉඩ ලබාගත්තේ නම් ‍( http://www.000webhost.com/ වැනි) එම වෙබ් ඉඩෙහි විවිධ ෆෝල්ඩර් තිබිය හැක. එවිට ඔබ අප්ලෝඩ් කිරීමට කලින් වෙබ් හොස්ට් ගිනුමේ public_html නම් ෆෝල්ඩර් එක වෙත ගොස් එය තුලට අප්ලෝඩ් කල යුතුය.
‍දැන් මෙම ලිපියේ කී දේවල් හොදින් අධ්‍යනය කර ඔබේ වෙබ් අඩවිය අප්ලෝඩ් කර බලන්න. මීලග කුප්පියෙන්හමුවෙමු.

මෙන්න ඔයාලගෙ Desktop එකත් ලස්සන කරගන්න වැඩකාරයෙක්… [නටන බුවා ඩෙක්ස්ටොප් එකට]

මෙම මෘදුකාංගය microsoft ආයතනය මගින් ලබාදෙන එකක්, මෙය ඔබේ පරිගණකගේ ස්ථාපිත කරගෙන අත්හදා බලන්න. ඔබ අසන ගීත වලට අනුකූලවද මෙය ක්‍රියා කරයි.

Downlad HERE

talk ads මගින් මුදල් සොයමු (තවත් ලංකා ඇඩ්සෙන්ස් එකක්)

මේක ලාංකීක අපිට ලැබුනු තවත් එක් විශේෂිත අලුත් වෙබ් අඩවියක් කියන්න පුලුවන්. මේ අඩවියෙනුත් අපිට මුදල් උපයන්න ක්‍රමයක් වශයෙන් ඇඩ්සෙන්ස් වලට විකල්පයක් හදුන්වා දීලා තිබෙනවා. ඒ ගැන පසුව කතා කරමු. මුලින්ම අඩවිය ගැන හදුන ගමු.

 මෙම වෙබ් අඩවියේ මුල් පිටුව ඉතාමත් සරල සැහැල්ලු එකක් වන නිසා ඉක්මනින් සේවාවන් ලබා ගන්න පුලුවන්. ඒ වගේම මෙයින් ලබා දෙන සේවාවන් කීපයක්ම තියෙනවා.

මෙයින් අපට ලබා දෙන සේවාවන්..

 
නොමිලේ සීමාරහිත (Unlimited) ඉඩක් සමග ඊ මේල් ගිණුම්
අප මේ අඩවියට සම්බන්ධවීමට පලමුවෙන්ම මෙහි ලබාදෙන ඊ මේල් ගිණුමක් සාදාගත යුතු වේ. ඒ සදහා මෙතන ක්ලික් කර ගොස් ඔබේ ඊ මෙල් ගිණුම සාදා ගන්න. දැනටමත් සාමාජිකයන් අඩු හෙයින් ඔබට කෙටි, ඔබේ නමින් ඊ මේල් ගිණුම සාදාගත හැකිවනු ඇත. (මා සාදාගත් ලිපිනය- geeth@talk.lk).
දැන් අප මෙයින් ලබාදෙන දැන්වීම් ලබාගැනීම හෝ දැන්වීමක් ඇතුල්කරන ආකාරය සලකා බලමු.

 (මෙම ගිණුම් ගැන විස්තර බලා ගැනීමට ඉහත ගිණුම් නම් 2 මත ක්ලික් කරන්න.)

Publisher කෙනෙක් වශයෙන් වැඩසටහනට සම්බන්ධවීමට මෙතන ක්ලික් කරන්න. ගොස් එතනට ඔබ සාදාගත් talk mail ලිපිනය ලබා දී ලොග් වන්න. මෙයිනුත් අන් වැඩසටහන් වලින් මෙන් අපට දැන්වීම් ලබාදෙන සම්මත ප්‍රමානයන් ඇත. ඒ පිලිබද විස්තර බලාගැනීමට මෙතන ක්ලික් කරන්න.
  • දැන් Ad Setup වෙත ගොස් නව ඇඩ්ස් ලබාගත හැක.
  • එතන අපගේ වෙබ් අඩවියට ගැලපෙන ප්‍රමානයන්ගෙන්, වර්ණයන්ගෙන් දැන්වීම සකස් කර ගැනීමට හැකියි. අමතක නොකර Ad Channel ස්ථානයට ඔබේ දැන්වීම සදහා නමක් ලබාදෙන්න. (උදා: banner ad වැනි)
  • Preview යන බොත්තම මගින් පෙරදැක්මක් ලබාගත හැකියි.
  • දැන් Get Ad Code මත ක්ලික් කර අදාල ‍කෝඩ් එක ලබාගන්න. ඔබේ අඩවියට ඇතුල් කරන්න. 
  • Finish ක්ලික් කරන්න.
මෙම වැඩසටහනේ විශේෂත්වයක් වන්නේ අප දැමු Ads වලට ලැබෙන Impressions වලටත් ගෙවීමක් කිරීමයි. මෙය අනිකුත් මෙවන් වැඩසටහන්වල සීමා කර ඇති විකල්පයකි.

ඔබේ දැන්වීමක් මෙම ජාලයට ඇතුලත් කිරීමට.
විස්තර සදහා මෙතන ක්ලික් කරන්න. පහත බැනරය උපයෝගීකරගන්න.

ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඔන්න ඉතින් මමත් පහලින් ඇඩ් එකක් දැම්මා… සප් එකකුත් දීගෙනම යන්න…

ඔබගේ ඡායාරූපයත් ලස්සනට හැඩවැඩ දාන්න….

ඔබගේ චායා රූපයත් ලස්සනට හෑඩ කරගන්න ආසයිනම් ඒක ඔන්ලයින් කරගන්න හොදම ස්ථානය තමයි photofunia කියන්නේ. මේ අඩවියට ගිහින් එ‍්කේ තියන සාම්පල් වලින් කැමති එකක් තෝරාගෙන අපේ ෆොටෝ එක ලබා දීපුවාම ඒක අදාල සාම්පල් එකට අනුව හදලා දෙනවා (එවෙලේම) විශේෂත්වය වන්නේ ඇනිමේශන් සහිත රූප විදියටත් අපේ පිංතුර හදාගන්න පුලුවන්. විවිධ අඩවි වල ප්‍රොෆයිල් පිංතුර වලට දාන්න ෆොටෝ ගන්න නියම තැන ඔයාලත් දැන්ම කරලා බලන්නකෝ…

මම Zujith…

ඔයාල‍ගේ E-Mail Icon එකත් හදාගන්න

බ්ලොග් එකකට හෝ වෙනත් තැනක ඔයාලගේ මේල් ලිපිනය ලස්සන image එකක් විදියට දාන්න තියෙයිනම් ලස්සනයි නේ. මෙන්න ඒකට හොදම විකල්පය. මේ බලන්න‍

ඉහල විදියට ඔයාලගේ ඊ මේල් ලිපිනයත් ලස්සනට පිංතුරයකට දාගන්න පහල ලින්ක් එකට යන්න. ඒ වගේම මේ අඩවියෙන් ගන්න ඊ මේල් අයිකන් එයාලාම නොමිලේ හොස්ට් කරනවා. අපිට URL එක දෙනවා කැමතිනම් අපිටම ගන්නත් පුලුවන්.

මෙයින් GMail, Hotmail, MSN, Yahoo!, AOL වැනි ඊ මේල් ලිපින වගේම තවත් ගොඩක් E-Mail Providers ලා ගේ ලිපින වලට Icon එකක් ගන්න පුලුවන්