වෙබ් අඩවි නිර්මාණය හා පවත්වාගෙන යාම මුල සිට – කුප්පි 0

ම්… අලුත් තැනක ඉදලා ලියන පලවෙනි ලිපිය. මගේ කලින් පෝස්ට් එකේ කීවානේ මම මොකුත් නොදැන ඩොමේන් එකක් අරගෙන වෙබ්සයිට් එකකුත් හදලා සබ්ඩොමේන් එකකට බ්ලොග් එක දාගත්ත හැටි. ඔන්න ඉතින් ඒ ලබාගත්තු දැණුම සැමදෙනා සමගම බෙදාගන්නයි හදන්නේ. මේදේවල් වලට ස්තුති කරන්න ඕන අයට නැවතත් ස්තුතිවෙන්න ඕන මට උදවු කලාට;-)
මා මෙම ලිපිපෙලෙන් මූලික වශයෙන් ඩෙමේන් නේම් එකක් හා වෙබ් හොස්ටින් මිලදී ගැනීම, එයට වෙබ් අඩවිය අප්ලෝඩ් කිරීම‍. සබ්ඩොමේන් එකකට බ්ලොගර් බ්ලොග් එකක් ඇතුලත් කිරීම වැනි කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සදහා මුලින්ම පිවිසෙන ඔබ පලමුවෙන්ම ඔබගේ වෙබ් අඩවිය සාදාගත යුතුයි. ඒයට මා භාවිත කලේ Web Page Maker නම් කුඩා මෘදුකාංගයක්. මේ සදහා Dremeviewer වැනි මෘදුකාංගයක් වුවත් භාවිත කල හැකියි. නමුත් Web Page Maker මෘදුකාංගය ඕනම කෙනෙකුට තේරුම්ගෙන සරලව තමන්ගේ වෙබ් අඩවිය සාදාගැනීම කල හැකියි. ඔබට Dremeviewer වලින් ‍වෙබ් අඩවියක් නිර්මාණය කල හැකිනම් එමගින් නිර්මාණය කරන්න. 
Web Page Maker බාගතකරගැනීමට මෙතන ක්ලික් කරන්න. එතනින් ලැබෙන 15-day trial එක ලියාපදිංච් කරගැනීමට පහත විස්තර භාවිත කරන්න.
  • Name  : Geeth
  • S/N     : 33472-37466-42554-55416 
‍ඔබගේ නිවාස පිටුව index යන නමින් තබාගන්න‍. දැන් ඔබට මෙමගින් ඔබේ වෙබ්අඩවිය තනිවම සාදාගත හැක. උදවු අවශ්‍යනම් info@geeth.info හෝ Contact Us පිටුව භාවිත කරන්න.මෙතැනද උදවු ගතහැකි ලිපියක් ඇත.
දැන් කිරීමට ඇත්තේ මෙම වෙබ් අඩවිට හොස්ටින් ලබාගැනීමයි. මේ සදහා නොමි‍ලේ වෙබ් ඉඩක් ලබාදෙන ස්ථානයක් හෝ මුදල් ගෙවා වෙබ් ඉඩ ලබාගත යුතුයි. මුලින්ම නොමිලේ වෙබ් ඉඩ සලසන ස්ථානයක් ගැන සාකච්ඡා කර පසුව මුදල් ගෙවා ලබාගන්නා වෙබ් ඉඩක වැඩකරන ආකාරය සලකා බලමු‍. මෙම ගැන මීලඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න. එතෙක් ඔබට ඔබේ වෙබ්අඩවිය නිර්මාණය කල හැක. මුදල් ගෙවා ලබාගන්නා වෙබ් ඉඩක් නොමැතිව වුවත් ඔබේ පෞද්ගලික වෙබ් අඩවිය මෙම ලිපිපෙල අවසානයේදී සාදාගත හැකිවනු ඇත. රැදී ඉන්න. මා සමගම.
Advertisements

මගේ එක සිහිනයක් ඉටුවුනා !!

ම්.. ලොකු වෙනසක් ඒ නිසා අදනම් මම ගොඩක් සතුටෙන් .. මේ ඇයි කියලා ඔයාලා හැමෝටම ගැටලුවක් ඇති කියලා හිතනවා.  අනිත් අයට මේ වෙනස ඉතාම කුඩා එකක් වෙන්න ඇති‍‍. ඒත් මටනම් ගොඩාක්ම ලොකු වෙසක්. ඒ වෙනස මොකක්ද කියලා ඔයාලට බලාගන්න පුලුවන් උඩ බැලුවාම. ඒ කීවේ ඔයාලා භාවිතා කරන Web Browser එකේ තියන Address bar එක දිහා බැලුවාම‍‍.. දැන් තේරෙනවා ඇති නේද‍‍ ? සුලු දෙයක් නේ.. ඒත් මටනම් ‍ලොකූ දෙයක්.

මම මේ සිංහල බ්ලොග් එක පටන්අරන් කරගෙන එනකොට මටත් අපේ ‍ගොඩක් සිංහල බ්ලොග් ලියන අය‍ගෙ වගේ තමන්ගෙම නිවසකට, ඒ කීවේ Domain එකකට එන්න ආසාව තිබුනා. නමුත් මට ඒ පිලිබද නිසි දැනුමක් තිබුනේ නැති නිසා මම ඒ අදහස අතෑරල තිබුනේ අනික මම ඩයල් අප් නේ.. ඉබ්බා වගේ (මම නෙවෙයි ඉබ්බා හොදේ ) ටික ටික කට්ටිය ඩොමේන් වලට මාරු වෙනකොට ආයෙත් ආසා හිතුනා‍‍. ඉතින් මම ඩොමේන් නේම් එකකට මාරුවෙන්න තීරනය කලා. නමුත් ආයෙත් ආශාවක් ආවා. ඒ තමයි ඒක සබ් ඩොමේන් එකක් විදියට දාගන්න ඕන කියලා. එතකොට Personal Page එකකුත් හදාගන්න පුලුවන් නිසා.ටෙක් කථා වලට එහෙම දාලා විස්තර හොයන‍කොට ඒකේ යාලුවෝ කීවේ ඩයල් අප් වලින් නම් අමාරැයි කියලා. මේ ගැන විස්තර හොය හොය ඉන්නකොට .info ඩොමේන් එක 150කට විතර LKservers.com වල ගන්න පුලුවන් කියලා ආරංචියක් ආව නිසා ඒ ගැන විමසලා බලන‍කොට දැනගත්තේ ඒ පලවෙනි අවුරුද්ද විතරයි කියලා. නමුත් තමන්ගෙම සයිට් එකකට නම් Hosting තියෙන්න එපායැ. ඉතින් ඔන්න  දන්නකියන අයගෙන් අහපුවාම එයාලා කීවේ “ඔයාට 1GB විතර ඇති” කියලා. ඒත් LKservers.com වල 1GB පැකේජ් එකක් නෑ.. ඒ නිසා වෙනත් ආයතනයකින් 1GB හොස්ටින් ගන්න හිතාගෙන ‍හොයලා බැලුවාම 950කට විතර ගන්න පුලුවන් උනා. ඒත් ඒ පලවන අවුරැද්දට විතරයි. හ්ම්…එතකොට පලවෙනි අවුරුද්ද  කොහොම වුනත් දෙවෙනි අවුරුද්දෙදි 2000ක් විතර ගෙවන්න වෙනවා. පස්සෙයි දැනගත්තේ LKservers වල 10GB හොස්ටින් පැකේජ් එකේ .info ලයිෆ්ටයිම් FREE දෙනබව.. දැන් ඉතින් මට තිබ්බ හදිසියේ හැටියට ඒ පැත්තට හිත ගිහින් හලෝ හ‍ලෝ පාරක් එහෙම දාලා බලනකොට වැඩේ පාඩු නෑ‍‍. 😉 ඇයි ඉතින් පලවෙනි අවුරුද්දෙත් 1500 යි දෙවන අවුරුද්දෙත් 1500යි ජීවිතේටම 1500 නොවැ.ඉබි ගමනේ ඩයල් අප් කමක් නෑ ඕන කෙහෙල් මලක්, කෙහෙල් ගහක් වෙච්චාවයි කියලා හිතාගෙන පස්සේ ඔක ගත්තා. මේ පැකේජ් එකේ 10GB (10240MB) Disk Space තියනවා ඒ වගේම 100GB Monthly Bandwidth තියනවා. මගේ සයිට් එකේ හැටියට නම් මේක බෝක්කුවක් යටින් පොල්ලෙල්ලක් ගියා වගේ. මගේ ගනනය කිරීම් වල හැටියට නම් දවසකට රු 5 ක් ගානේ වත් එකතු කලොත් අවුරුද්ද අන්තිමට 300ක් පර්ස් එකට හී හී

ඊලගට කරන්න උනේ සයිට් එක හදන එක. කම්මැලිකම නිසා ගුගලේ හොද ටෙම්ප්ලේට් හොයලා බැලුව. මොන දෙයියන්ට කියන්නද ලස්සන Flash ටෙම්ප්ලේට් වලට $150 ක් විතර. ලෝන් එකක් ගහලා හොස්ටින් ගත්තා සයිට් එකත් ගන්න පුලුවන්යෑ.මදැයි.. ශේප් එකේ ටෙම්ප්ලේට් එකක ඩිමෝ එකක් බලලා ගැහැවුවා Web Page Maker වලින් කොපියක්. ඒ කීවේ ඒක බලාගෙන හැදුවා‍‍. චාම්වට, සරලව‍‍. දැන් තමයි අප්ලෝඩ්‍‍.. ඔන්න ඉතින් කලින් කියපු ඉබ්බා‍ගේ පිහිට පතන වෙලාව. අපිට 3G නෑනේ..ADSL ගන්න අහපුවාම කියනවා ලූප් ද මොනවාද නෑ කියලා. ඒ කතාව පැත්තක දාමුකෝ [වෙලාවක ඒ ගැනත් ලිපියක් දාන්නම්] මට මේ ගැන වැඩි දැනීමක් නැති නිසා අපේ කට්ටිය සිංහලින් ලියපු ලිපි කීපයක් එහෙම බලලා යාලුවො කීපදෙනෙක් එක්ක චැට් පාරක් එහෙම දාලා කරමේ දැනගත්තා. කොහොම හරි ඉබිගමනේ ඒකත් කලා කියමුකො.

දැන් Sub Domain එකට Blog එක සැට් කෙරිල්ල.. ගුගලේ සර්ච් පාරක් එහෙම දාලා ටෙක් කතා වලටත් දැම්මා.. ඒකත් ඉගනගෙන යාන්තම් ඒකත් ගොඩදාගත්තා.

නමුත් අවුලක්‍ !!
අපි නැග්ගොත් ලයිට් කනුවෙත් දෙබලක් ලු (දැන් පුවක් ගස් වල අතුබෙදිලා හමුවෙන නිසා පොඩ්ඩක් වෙනස් කලා) මාර කේස් එක. කෝ මේකෙ තිබුන කමෙන්ට්ස්. ? ? ? ම්………… මක් වුනාද. මේ ටික නැතිවුනොත් බ්ලොග් එකත් වැඩක් නෑ. මේවායින් ලැබෙන හයියෙන් තමයි මෙච්චර කාලක් බ්ලොග් ලීවේ. කීප පාරක් Refresh කලත් නෑ. වෙනවෙන මෘදුකාංගවල “අන්ඩූ” මතක් වෙලා ආයෙන් .blogspot.com වලට මාරැ වුනා.. එතකොටනම් තියනවා..පස්සේ ගුගල් දෙයියන්ගේ පිහිට තමා. එතනින් දැනගත්තා ගොඩක් අය‍ට මේ සිද්දිය වෙලා තිබුනත් සති 3 කින් විතර ගොඩක් අයගේ හරිගිහින් තියන බව. ( මේ ගැන තිබුනේ මෙතන)පස්සේ ඉතින් ආයෙත් සබ් ඩොමේන් එකට බ්ලොග් එක දැම්මා. කවුරැහරි මේටික ආපහු ගන්න දන්නවානම් කියලාදෙන්න හොදේ.

එච්චරයි අවුලකට තියෙන්නේ.. අනිත්වා නම් ලස්සනට සිද්ධ වුනා.. ආ අලුත් ලිපිනය කියන්න අමතක වුනානේ. ඒ තමයි www.geeth.info මේකේ මගේ විස්තර තියනවා. පොඩි විසිට් පාරක් එහෙම දාලා ආපහු මෙතනට ඇවිත් හොදනරක අඩුපාඩ් වැඩිපාඩු කමෙන්ට් කරලා යන්න. ඒක මට ලොකු හයියක්‍.මගේ බ්ලොග් එක දැන් http://blog.geeth.info වල. කලින් තිබුන බ්ලොග්ප්පොට් කියලා කියනකොටත් ටැපලෙනවා. නෑ නෑ පැටලෙනවා. කවුරැහරි ඇහුවත් කියන්න අමාරැයි. හිහ්. හිහ්.

දැන් මමත් මගේම ඩොමේන් එකක ඉදන් බ්ලොග් ලියන කෙනෙක්නේ. ටිකක් වගකීමෙන් ලියන්න ඕන. ඉහල වගේ පිස්සු කෙලින්නේ නැතිව.

ඇත්තෙන්ම මම මේ ඩොමේන් එකයි හොස්ටිනුයි ගත්තට මට මේ ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. මේ නිසා මම ගොඩක් දේවල් ඉගනගත්තා. ඒ ඉගනගත්ත දේ ඔයාලටත් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි ලිපි පෙලක් මගින්. එයට ඩොමේන් නේම්, වෙබ් හොස්ටින් මිලදීගැනීමේ සිට වෙබ් අඩවිය සෑදීම‍‍, එය අප්ලෝඩ් කිරීම,සබ්ඩොමේන් එකකට Blogger(blogspot) බ්ලොග් දැමීම වැනි මම ඉගනගත්ත සියලුම දේවල් ඇතුලත් කරන්න හිතාගෙන ඉන්නවා.. හ්ම්.. එහෙනම් දැන් ඇති වගේ.. අවසාන වශයෙන් සැමගෙන්ම ඉල්ලාසිටිනවා ඉදිරියටත් මේ බ්ලොග් එක එක්ක එක්වෙලා ඉන්න කියලා.. Comment එකක් දාන්න Blog එක Follow කරන්න, E-Mail මගින් කියවීම සක්‍රීය කරන්නත් පහසුකම් තියනවා ඔන්න.

සැමටම ජය

෴෴

*# ආයෙත්‍ මං *#

පසුගිය දවස් වල පොඩි ඇබැද්දියක් වුනානේ… ගැහුවා හෙනයක් මගේ ෆෝන් එකටත්‍‍‍.. ඒ වුනාට තදටම වැ‍දුනේ නෑ… මම පාවිච්චි කලේ Aiji AP 110 කියන ෆෝන් මොඩල් එක. සිග්නල් ටිකක් මදි නිසා ඇන්ටනාවකුත් දාලා තිබුනේ. රෑ 7 ට විතර වැස්ස පායලා තිබුන නිසා පොඩ්ඩක් අන්තර්ජංජාලෙ පැත්තේ කැරකි කැරකි සිංදුවක් දාගෙන ඉන්නකොට එකපාරටම ටික් ගෑවා. ගනන් ගත්තේ නෑ. හෙඩ්සෙට් එක නිසා වැඩිය සද්දයක් ඇහුනෙත් නෑ… බඩු පැකට් කියලා දැනගත්තේ Server Not Found කියලා වැටුනාම. ‍ෆෝන් එක දිහා බලපුවාම ඒක ඕෆ් වෙලා.. මක් කොරන්නද‍‍‍‍… අතේ සතේ ‍නැති වෙලාවෙ මටම ගැහුවනේ හෙනයක්.
පස්සේ පොඩි ලොන් පාරක් එහෙම ගහලා ගියා කෑගල්ලේ සන්ටෙල් එකට. මිනිහා
ගත් කටටම කියාපි.

“අයියෝ මල්ලි මේ දවස්වල අපේ ඩේටා ෆෝන් ඉවර වෙලා ෆෝන් එකක් නම් දෙන්න පුලුවන්. හැබැයි ඩේටා කේබල් එකක් නම් මෙහේ නෑ.”

මක් කොරන්ඩද ලෝන් එකෙන් රු 56 ක් බස් වලට ඉවරයි.. පස්සේ ගෙදර ආවා තවත් ලොන් කෑල්ලක් දාලා තාත්තාට නිවාඩු දිනයක් එනකම් බලා හිටියා. ඒක ආවෙත් පෙරේදා. ලෝන් එක තාත්තට ට්‍රාන්ස්ෆර් කරලා කොඹල යැවුවා.. කෑගල්ල වගේද කොඹලේ. ඇති පදමට බඩු. ගියගමන්ම ෆෝන් එක අරගෙන මෙහෙම කීවාලු.

“මහත්තයා මේ  ෆෝන් එක පිච්චිලා. මේකනම් හදන්න බෑ වෙන ෆෝන් එකක් දෙන්නම්, මොඩල් එක මාරැ කරමුද”
කියලා ඇහුවාලු. ම‍ගෙ යාලුවෙක් පාවිච්චි කරන්නේ HUAWEI ෆෝන් එකක්. ඒ ගැන මම තාත්තට කියලා තිබුන නිසා. තාත්තා ඒකක් ඉල්ලලා. තප්පරයක්වත් පරක්කු නොකර යටින් ෆෝන් එකක් ඇදලා ඇරගෙන දීලා. ඒකට වෙනම ඩේටා කේබල් එකකුයි පොඩි ඇන්ටනාවකුත් දීලා.

ගෙදර ගෙනාවම මම පන්ති ගිහින් ආවා විතරයි. ෆෝන් එකට දැන් ඇන්ටනා 3 යි. ලොකු එලියේ හයි කරපු එකයි. පරන ෆෝන් එකේ පොඩි එකයි. අලුත් එකේ එකේ පොඩි එකයි. හා හපුරා කියලා ලොකු ඇන්ටනාව සෙට් කරලා ඩ්‍රයිවර්ස් එහෙම දාලා නෙට් යන්න කියලා ඩයල් කරලා බැලුවා.. හප්පට උඩු..

යූසර් නෙම්, පාස්වර්ඩ් වැරදියි කියනවා. ෆෝන් එකේ බිලට යන්නත් බෑ. කාඩ් එක දාලත් බෑ. පස්සේ සන්ටෙල් අන්තර්ජාල සේවාවට කෝල් කලා. 011 4 629 629  එතනින් කීවා ෆෝන් එක මාරැ කලානම් මෙහෙන් ඩේවා සර්විස් මොකක්ද කරන්න ඕන කියලා. පැය බාගෙකින් විතර බලන්න කීවා.

හරි ගියා. මේ ‍ෆෝන් එකේ ස්පීඩ් එක 230.4 kbps පරන එකේ නම් 115 ගානක්. වැඩි වෙනසක් නෑ. හැබැයි Fire fox නම් slow ව‍ගේ Chrome නම් අවුලක් නෑ.

ආයේ නම් පොදක් වැටුනත් නෙට් යන්නේ නෑ… ආ ඇයි දවසක් මටයි සුජියටයි ඒයාලගේ පැත්තේ (පින්නවල ඉදිවන නව සත්තුවත්ත ගාව) ඔයක නානකොටත් අකුනු වැදුනා… වෙලාවට කොම්පීටරේ ට මුකුත් වුනේ නෑ.. ඒකට මොනවා හරි වුනානම් ඉතින් මම………………………………

මුදලට ෆයිල් හුවමාරැව නවතමු..

අප ගොඩක් දෙනෙක් අපගේ ෆයිල්ස් ෂෙයා කරගන්න විවිධ වෙබ් අඩවි භාවිතා කරනවා. ඒ ගැන කියන්න යනවා නෙමෙයි. මේ මුලපුරන්න හදන්නේ.. ඇයි අපි මේ විදියට ෆයිල් ෂෙයා කරගන්නකොට Rapidshere හා Hotfile වැනි සේවාවන් හරහා ෆයිල් ෂෙයා කරගන්නාවිට ඒවා බාගතකරගන්න අයට සිදුවන කරදරයට විසදුමක් ලෙස වෙනත් සේවාවක් යොදාගන්න බැරිද යන්න පිලිබද පොඩ්ඩක් කථා කරන්නයි. ඇත්තෙන්ම මේ සේවාවන් හරහා සිදුවන ප්‍රධානම දෙයක් වන්නේ කිසිම ප්‍රමාදයකින් තොරව අපට ෆයිල්ස් අප්ලෝඩ් කරන්න අවස්ථාව සලසා දී තිබුනත් ඒ ෆයිල්ස් බාගත කරන විට ඔවුන් ‍මෙම ෆයිල්ස් ඉක්මනින් බාගත කිරීමට නම් මුදල් ගෙවා ප්‍රීමියම් එකවුන්ට් එකක් මිලදී ගැනීමට අවශ්‍ය බව කියා සිටීමයි. ඉතා කුඩා ෆයිලයක් නම් කම් නැත. නමුත් බොහො විට මේ ෆයිල්ස් බා ගැනීමේදී බාගත කරන්න්ට බාගතකිරීමේ වේගය සීමා කරයි. Resume support ඉවත් කරයි.. තත්වය මෙසේ වුවද තවමත් බොහෝ දෙනෙක් තවමත් මෙසේ මුදල් ගෙවා වේගයෙන් බාගත කරගත යුතු ෂෙයාරින් සයිට් වල උදවු ඇතිව තම ෆයිල්ස් ෂෙයා කරගන්නේ ඇයි ? මෙම තත්වය නිසා අද වනවිට Rapidshere සර්ච් එන්ජින් පවා බිහිවී ඇත. Rapidshere මෝස්තරයක් වී ඇත්ද ? එසේ නැත්නම් නොමිලේ ෆයිල් බෙදාගැනීමට වෙනත් ස්ථාන නැතිද ?? කෙසේ වෙතත් අද සිටවත් ඔබ අන් අය සමග ෆයිල්ස් බෙදා ගැනීමේදී බාගන්නන්ට අපහසුවකින් තොරව බාගතහැකි ෆයිල් ෂෙයාරින් සයිට් එකක් තෝරාගත්තොත් එය කාටත් හොදයි නේද ? බොහෝමයක් සයිට් වල අද මේ ගැටලුව පවතී. එසේනම් මේ අපට ගැලපෙන නොමිලේ ෆයිල් ෂෙයාරින් කරගත හැකි අඩවියක් සොයාගත යුතු කාලය නොවේද ?

පහත සයිට් බොහොමයකද මෙසේ ඉක්මනින් බා ගැනීමට නම් මුදල් දී ලියාපදිංචි විය යුතුය. නමුත් ඒ අතර අපට ගැලපෙන අඩවි ද නැතුවා නොවේ.

www.mediafire.com
www.4shared.com
www.fileden.com
www.filefactory.com
www.filedropper.com
www.yourfilelink.com
www.easy-share.com
www.missupload.com  – Indonesia
www.orbitfiles.com
www.mlfat4arab.com
www.filesanywhere.com
www.ziddu.com
www.depositfiles.com

මීට අමතරම ඔබට ගැලපෙන සයිට් එක තොරාගැනීමට පහත සැසදුම උපකාරී වේ යයි සිතමි.

 තෝරා ගන්නා සයිට් වල Premium account: No ලෙස සදහන් අඩවි වඩා සුදුසු වේ.

Streamfile

Based in Stockholm, Streamfile is a better looking, easier to use and the fastest way to deliver data, wherever you are in the world.

Max filesize: 300Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
streamfile

Pando

Pando is free P2P software that makes downloading, streaming and sharing large media files fast, easy and fun.

Max filesize: 1GB | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website
pando

Wikisend

Upload and download lots of files, big files, small files, data files, media files, archives or backups any files.

Max filesize: 100Mb | Registration: No | Premium account: No | Password Protection: Yes | Visit Website
wikisend

PipeBytes

Instantly send music, movies, presentations or any other files to anybody!

Max filesize: Unlimited | Registration: No | Premium account: No | Password Protection: No | Visit Website
pipebytes

Mail Big File

Max filesize: 200Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
mailbigfile

4Shared

Max filesize: 100Mb/file, 5Gb in total | Registration: Yes | Premium account: Yes | Password Protection: No | Visit Website
4shared

SendThisFile

SendThisFile allows you to easily send and receive large files to and from anyone, anywhere.

Max filesize: Unlimited | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website
sendthisfile

Files2U

Files2U is a web-based service that allows you to send large files to a receiver without having to worry about the restrictions of email or slowdowns of FTP.

Max filesize: Unlimited | Registration: No | Premium account: No | Password Protection: Tracking Number | Visit Website
files2u

Driveway

Powered by iDrive Online Backup, this free web service allows both web file sharing or simply just share files via your PC’s desktop.

Max filesize: 500Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
driveway

MediaFire

Max filesize: 100Mb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
mediafire

Drop.io

Privately share your files and collaborate in real time by web, email, phone, mobile, and more. Create each drop in two clicks and share what you want, how you want, with whom you want.

Max filesize: 100Mb | Registration: No | Premium account: Yes | Password Protection: Yes | Visit Website
dropio

Dropbox

Dropbox is software that syncs your files online and across your computers or even share it with friends and peers.

Max filesize: Unlimited | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website
dropbox

Box

Box.net’s online file storage makes it easy to securely share content as a link or a shared folder with anyone – inside or outside your company.

Max filesize: Unlimited | Registration: Yes | Premium account: Yes | Password Protection: Yes | Visit Website
box

Senduit

Max filesize: Unlimited | Registration: No | Premium account: No | Password Protection: No | Visit Website
senduit

File Dropper

Max filesize: 5Gb | Registration: No | Premium account: Yes | Password Protection: No | Visit Website
file dropper

More

 

අපේ උඩරට චාරිකාවේ ‍ෆොටෝස්……

මගේ පලමු දුම්රිය චාරිකාව කියවපු නැති අය මෙතනින් ගිහින් ඒක කියවන්න….. මේ තියෙන්නේ එ අතරෙදි සුජියා ගේ 850 න් ගත්තු ෆොටෝස්.‍. ඔක්කොම High Res… වෝල්පේපර් එකටත් හොදා…. ඔක්කොම ෆොටෝ බලන්න.. කාටත් හොරෙන් සේවුවක් එහෙම දාගත්තට කමක් නෑ….පිංතූර උඩ ක්ලික් කරලා විශාල කරගන්න


රඹුක්කන ස්ටේශමේදී ගත්තු පොටෝ. හැබැයි මේ කෝච්චියේ නෙමේයි අපි ගියේ..

පේරාදෙනිය සිටේශමෙන් බැහැලා ගත්තුපොටෝ..

මෙන්න පේරාදෙනියෙදි ගත්තු කොච්චියට ඇන්ජිම සෙට්කරන හැටි

 

මේ දළදා මාලිගාවේදී ගත්තු පොටෝ

 

ගැටඹේ පන්සල හා මල් වත්තේ ෆොටෝ
 

මේඅර ලොකු පිට්ටනියෙදි ගත්තු පොටෝ

 

මේ පොටෝ එක ගත්තේ තණකොළගස් අස්සේ ෆෝන් එක තියලා ට්‍රයි කරලා බලන්න.. විස්ටා වෝල්පේපර් එකක් වගේ නේ…

 

ආපසු ගමන

 

වැරදිල  ගිය ස්ටේෂන් එක
අපි කෝ කියලා බලනවා ඇති නේ.. මේ ඉන්නේ බබ්බු වගේ

 

 ඉතික් අපේ ගමන ඉවරයි. විස්තරය කියෙවුවේ නැත්නම් මෙතන ක්ලික් කරලා කියවන්න…
කණගාටුවට කරැණක් කියන්න ඕනා මේ පිංතුර දාන වෙලාවේ වැඩේ පොඩ්ඩක් අල වුනා. ඒ අතරේ ඔබ දැමූ කමෙන්ට් ඩිලීට් කරන්න සිදුවුනා. හැකිනම් නැවතත් දාන්න කියලා ඉල්ලා සිටිනවා.

පලමු දුම්රිය අත්දැකීම….

මුලින්ම ස්තුති කරන්න ඕන පෙර පොස්ට් එකේ මගේ බ්ලොග් එක ගැන අදහස් දක්වලා තබ්බ Anusha ට හා

හසිත ජයසූරිය ට…

                   බ්ලොගයට සුජිත් සෙට් කරගත්තට පස්සේ 14 එයා අපේ ගෙදර ආවා 15 හවස අපි එයාලගේ ගෙදර ගියා. අද උදේ තමයි ආවේ (19). 17 වෙනිදා ඉදන් ෆුල් ජොලියේ ඉදලා පොඩි වෙනසකටත් එක්ක නුවර පැත්තේ කෝච්චියෙන්න ට්‍රිප් එකක් යන්න තීරණය කරගත්තා. මේකට ස්තුති කරන්න ඕන සුජිත්ගේ අම්මාට. කොහොම හරි 18 යන්න තීරනය කරගත්තා. 18 උදේම බොහොම අමාරැවෙන් නැගිට්ටේ සුජිත්ගේ අයියා ගෙනාපු කොංගෝ එකත් එක්ක රෑ 12.30 විතර වෙනකම් සිංදු කීව නිසා. සුජිත්ගේ ගෙවල් තියෙන්නේ කොළඹ නුවර පාරේ කරඩුපන හංදියෙන් පින්නවල දිහාට යනකොට පින්නවල ඉදිවන නව සත්වෝද්යානය කිට්ටුව (රංදෙනියේ) කෑගල්ලේ කොහෙද කෝච්චි. රඹුක්කන එයාලගෙ ගෙවල් වලට ලග නිසා උදේ ස්ටේෂමට කෝල් එකක් ගත්තා. වැඩ නෑ. ළංකාවනේ පුදුමවෙන්න කාරනයක් නෑ. කොහොම හරි 7.30 රඹුක්කන ට ගිහින් පොඩිමැණිකේ දුම්රියට නැග්ගා. වෙනත් දුම්රියක පොටෝ ගත්තා. ඒවා අලුතෙන් දාපු කෝච්චිලු. පොඩිමැණිකේ නංගි බදුල්ලටලු යන්නේ. සෙනග දොරේ ඉදන් ගියා.බස් එකේ ගිහින් පුරැදු මට ඒක මැජික් වගේ විසිල් එකක් ඇහුනා. හොෂ් හොෂ් ගෑවා ඉදිරියට ඇදුනා. මරැ එල ජොලි. මේවා ඉතින් Zuජිත් අයියට පිංසිද්ධවෙන්න තමා.

වෙල්, පංසල් පහුකරගෙන කංද නැග්ගා බිංගෙයක් ඇතුලෙන් යනකොට කට්ටිය හූ.‍…… කියනවා. මමත් පොඩි හුවක් දැම්මා. ඔන්න එකපාරටම කෝච්චිය හිට්ටා. මම බය වුනා කෝච්චියේ හුලංවත් ගියාද කියලා. සුජියගෙන් අහනකොට කීවා සිග්නල් නැතුව වෙන්න ඇති කියලා. දොරේ හිටපු නිසා හොරෙන් බෙල්ල දාල බලනකොට ඉස්සරහා පොල්ලක් වගේ එකක් තියනවා. ඒක පහතට දානකම් ඉන්න ඕනලු. කොහොම කොහොම හරි ගිහින් පේරාදෙනිය හෝල්ට් එකෙන් බැහැලා නුවර කෝච්චියකට මාරැ වුනා. ඒ කෝච්චියට ඇන්ජිමක් සෙට් කරන හැටිත් බලා ගත්ත. පොටෝ එකකුත් ගත්තා‍. නුවරට ආවා. කොච්චර නුවර ආවත් කෝච්චියෙන් ආවේ එදා නොවෑ.මාලිගාවට ගියා. වැව රවුමේ ‍රිලවු හා පාත්තයෙක්  ෆොටෝ ගත්තා‍. KCC එකේ පඩිපෙල් වල උඩට පාතට ගියා. ඒක ඇතුලේ ෆොටෝ ගන්න ගිහින් බැනුම් ඇහුවා. එලියට ඇවිදින් සිංහල ලංකා හෝටලය කියලා කඩේකට ගිහින් බඩ පැලෙන්න ලන්ච් එක ගත්තා. උඩහට පල්ලෙහාට රවුමක් ගැහුවා. වෙලාව ඉතුරැයි………….

මල් වත්ත‍ට ගියා පොටෝ ගත්තා. ඇවිද්දා. ලොකු පිට්ටනිය මැදට ඇවිදින් නිදා ගත්තා. ආයෙන් ඇවිදින්න ගියා. වැස්ස පටන් ගත්තා. කුඩේ ඉහලුවා එලියට ආවා. වැස්සේම පේරාදෙනියේ ස්ටේෂන් එක හොයාගෙන් ගියා. ඇවිදින් තියෙන්නේ සරසවි උයන කියලා ස්ටේෂන් එකකට. ටිකට් ගත්තාම කීවා ඊගාව කෝච්චිය තියෙන්නේ 5.53 ට කියලා. සුජියානම් කීවේ බස් එකේ ගියානම් පැයෙන් ‍ගෙදර කියලා. නමුත් මගේ ආසාව නිසා අපි හිටියා. පවු සුජියා මම නිසා ගොඩක් කරදර වුනා. මට දුකයි. ශේප් එකේ මගේ බෑග් එකේ තිබ්බ පංචශීල භාවනාව කියන පොත එයාට දීලා මම ෂේප් වුනා. කොහොම හරි හරියටම වෙලාවටම (6.24ට) කෝච්චිය ආවා. [ලංකාවනේ වෙලාවට වැඩ හී හී] රඹුක්කනට එනකොට 7.54 ටවුමට ලයිට් නෑ. පට්ට කලුවර මගේ කියලගත්තු නොකියා 1202ට පිංසිද්දවෙන්න බස් ස්ටෑන්ඩ් එකට එනකොට කෑගල්ල බස් නෑ. මක් කොරන්ඩද.. ත්‍රීවීල් කාරයෙක්ගෙන් ඇහුවම 400 ක් ඕනා කීවා. මිනිහා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ට්‍රයි කලා. අපිනම් අහුවෙයි… හූ .බස් එකක් එනකම් පොඩ් ඇලට් එකක් දාගෙන හිටියා. බස් එකක් 8.45ට විතර ආවා. බස් එකේ හිටියේ 6 දෙනයි.ඒකේ එනකොට ඒක බොයිල් වෙලාද මොකක්ද කියලා වතුර පිරෙවුවා. ඒකටත් ඉතින් මගේ 1202 තමා. ගෙදරට ඇවිදින් කාලා නිදාදෙන. මේ දැන් ගෙදර ආවා විතරයි. කොහොම හරි කෑගල්ලෙන් වරකපල බස් එකක ඇවිදින් උඩුකුඹුරෙන් බහිනකොටම ගමේ බස් එකත් නවත්තලා තිබ්බා‍. දුම්රියේ යනකොට තමයි මතක් වුනේ මේ කෝච්චි පාරවල් එදා සුද්දෝ හදපුවා කියලා. ඇයි අපේ මන්ත්‍රීවරැ එකෙක්වත් මේ මාර්ග නඩත්තු කරන්න පොරොන්දු වෙන්නේ නැත්තේ ????

පලමු දුම්රිය අත්දැකීම නම් අමතක නොවේවි. ඒත් එක්කම සුජියයි එයාලගේ පවුලේ කට්ටියයි. සුජියාගේ s e 850 න් ගහපු පොටෝ එයා දැන් දායි. මම ඉතින් තාම Dial-up නේ. එයා අද වැඩට ආවා. එහෙන් දායි. වැඩ කරන තැනත් මරැ. හරීම හොද කට්ටියක්. මමත් ගියානේ. එහෙනම් දැන් මම නවත්න්නම්. අවසාන වශයෙන් සුජිත් අයියට මම නිසා කරදරයක් වුනානම් සමාවෙන්න කියලා ඉල්ලනවා.