ඉතියෝපියාවේ Erta Ale ගිණිකන්දේ ලාවා ගංගාව

මේ පිංතුර වලින් දැක්වෙන්නේ ඉතියෝපියාවේ Erta Ale ගිණිකන්දේ ලාවා ගංගාව ගලා යන ආකාරයයි. කොතරම් උණුසුම් වුනත් බලන්න එහි අලංකාරත්වය, සුන්දරත්වය‍.

Advertisements

ගම්පොලින් හමුවූවායයි කියන අරුම පුදුම සමනල මිනිසා

මෙන්න ආයෙත් දුර්ලභ පින්තුර ටිකක්. මේවත් ඊ මේල් එකකින් තමයි ලැබුනේ. වැඩිවිස්තර නම් දන්නේ නෑ. මේල් එකේ තිබුන හැටියට නම් මේ සිද්ධිය වෙලා තියෙන්නේ ගම්පොල ! නමුත් ඇත්තද බොරැද කියලා දන්නේ නෑ…. බොරු කීවා කියලා බනින්න නම් එපා. පිංතුර ටික අවසානයේ මේල් එකේ කොටසකුත් දාලා තියනවා.(සැක හැර ගන්න)

රොකට්ටුව දියත් වුනා. අධිවේගී ඡායාරූපකරණය | Rockets Being Launched – High speed photography

කලකට පස්සේ නැවතත් පිංතූර ටිකක් ලැබුනා. සුපුරැදු විදියට මේවත් ඊ-මේල් හරහා තමයි. මේ පිංතූර ගන්න තරම් වේගවත් කැමරාවක් ගැන සිතන්න.‍ ඒ වගේම ඡායාරූපශිල්පියා…….. 

(පිංතුර අපැහැදිලි නම් එය මත ක්ලික් කර විශාල කර ගන්න.)

70 වසරක් නිරාහාරව සිටි පුද්ගලයෙක්.. !!!!! වෙන්න පුලුවන් වැඩක්ද ??

ඇත්තද ? බොරැද ? මට මේ විස්තරේ ලැබුනේ ඊමේල් ලිපිනයකින්. බ්ලොග් ජාලේ බෙදාගන්න ඕන කියලා හිතුනා. කියවලා බලන්න මේක වෙන්න පුලුවන් දෙයක්ද කියලා ? පිංතුරෙ තියෙන අකුරැ කියවන්න අමාරැනම් වරක් එය මත ක්ලික් කරලා කියවන්න.

ඇත්තෙන්ම මෙය සිදුවන්නේ කිසියම් අධ්‍යාත්මික ශක්තියකින්ද ? එසේනැත්නම් මෙම බලය මොහුට ලැබුනේ කෙසේද ?? මාහට මේ ගැන ප්‍රශ්න වැලයි. මේ වගේ දෙයක් ඇහුවාමයි.  ‍

තෙල් නිසා පෘතිවියට සිදුවන ව්‍යසනය

අපි මේ පෘතිවියට කොපමණ ගරැ කරන්න ඕනද ??? මේ අප ජීවත් වන ස්ථානයයි. මෙවන් තැනක් මේ විශ්වයේ තිබේද ? කෙසේවෙතත් මුදල් මත පදනම් වූ අද මෙම සමාජයේ මිනිසුන් මුදල් පසුපස හඹා යෑම නිසා තිබෙන සම්පත් සියල්ල ප්‍රයෝජනයට ගනී. තෙල්වලින් අප කොපමන ප්‍රයොජන ගත්තත් තෙල් අවසන් වන දිනය ලගයි.. විකල්ප වලට යාමට කාලයයි මේ. බලන්න මේ පිංතුර දිහා කොපමන විනාශයක් මුහුදු ජලයට වනවදෙ කියා. අප දන්නේ මේ තෙල් දහනයෙන් වන හානිය පමනයි.. තෙල් නිපදවීමේදී සිදුවන හානිය ඒ මෙන් කීගුනයක්ද බලන්න.මේ පිංතුර ලැබුනේ මේල් එකකින්. වැඩිවිස්තර කියලා තිබුන තැනට ගියාමයි ඔක්කොම ෆොටෝස් දැක්කේ.. එතන තිබුනේ මෙහෙමයි..
Deep Water Horizon Oil Rig Disaster
Late on the night of April 20th, 50 miles from the shore of Louisiana, a fire broke out aboard the Transocean Deepwater Horizon oil rig under lease by BP, with 126 individuals on board. After a massive explosion, all but 11 of the crew managed to escape as the rig was consumed by fire, later collapsing and sinking into the Gulf. Safeguards set in place to automatically cap the oil well in case of catastrophe did not work as expected, and now an estimated 5,000 barrels (over 200,000 gallons) of crude oil is pouring into the Gulf of Mexico every day – and could possibly continue to do so for months as complicated efforts are made to stop the leak. Collected here are several recent photos of the developing situation along Louisiana’s Gulf Shore – one with the potential to eclipse the 1989 Exxon Valdez oil spill in scope and damage

මෙමගින් වන විනාශය සුලුපටුද ? ක්‍රියාමාර්ග ගත යුතු කාලය මෙය නොවේද ? දන්නවාද දැනටමත් ඕසොන් ස්ථරය විනාශ වෙමින් පවතී.

ලාංකීය කැමරා ඇස් වලට හසුවන ඡායාරැප වල‍ට තැනක්….

ඇත්තෙන්ම දැන් ගොඩක් අය ලග ඩිජිටල් කැමරා, කැමරා සහිත ජංගම දුරකථන තියනවා, ඒවාට ලස්සන ඡායාරැප හසුවනවා. බොහෝ අය කරන්නේ තමාගේම බ්ලොග් එකක් හදලා ඒකට ඒ පිංතුර එකතු කරන එකයි. නමුත් ඒ ඡායාරෑප අපට වෙනත් අය සමග හුවමාරැකරගන්න, එහෙම නැත්නම් ඒ පිංතුර ගැන සාකච්ඡා කරන්න, ගුනදොස් විමසන්න තැනක් තියනවානම්….

මට මේ විදියට හිතුනේ අපේ කන්ද උඩරට චාරිකාවේ පිංතුර සුජියා මේ බ්ලොග් එකට දාලා තියනවා දැකලා.. ඒ නිසා මම මේකට විසදුමක් විදියට අලුත් ගුගල් සමුහයක් පිහිටෙවුවා.. ඔයගොල්ලන්ටත් පුලුවන් මේ ගුගල් සමුහය වෙත ගොස් සාමාජිකත්වය අරගෙන මේ සමුහයේ අනික් සාමාජිකයන් සමග හුවමාරැකරගන්න. එසේ හුවමාරැ කරගන්න ඡායාරැප වැඩි වැඩියෙන් අනිත් අය වෙත යන්නනම් ගොඩක් අය මේ සමුහයේ ලියාපදිංචි වෙලා ඉන්න ඕන. ඔයාලට කරන්න තියෙන්නේ මේ සමුහයේ ලියාපදිංචි වෙලා තව යාලුවන්ටත් මේ සමුහයේ සාමාජිකත්වය ගන්න කියන එක තමයි. 

ඒ වගේම ඔයාල ගන්න ඡායාරැප මේ සමුහයට එක් කරන්නත් අමතක කරන්න එපා..

1890 ගනන් වලදී ලංකාවේ අතිදුර්ලභ රැපරාමු.

ඉතින් ආයෙත් රැප ටිකක් කුදලගෙන ආවා.. හැමදාම වගේ දුර්ලභ දේවල් ඔයගොල්ලන් එක්ක බෙදාහදා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ පිංතුර ටික මට e-mail මගින් එවපු ඉන්දික අයියටත් ස්තුති කරන්න ඕනා. අවශ්‍ය අය save කර ගත්තට කමක් නැ..

 

අයියෝ මේකේ උඩරට පිරිමියෙකුගේ ෆොටෝ එකක් නෑ නේ. ෂේ… ඇයි දන්නේ නැ නේද ?  😉
මෙයාලවත් අමතක වෙලා නෑ

ආ තවදෙයක් මම දාපු මී‍ට ඉස්සරලා දාපු පෝස්ට් එකට කමෙන්ට් එකක් විදියට තරමක් නොගැලපෙන පහත් මට්ටමේ කමෙන්ට් එකක් ලැබිලා තිබුනා. අපි ඒක ඩිලිට් කලා. කවුරැ කලත් කමක් නෑ. හැබැයි මම සහ සුජිත් මේකෙන් අධෛර්යමත් වෙන්නේ නෑ. මේ පෝස්ට් එකේ වැද්දන්ගේ පිංතුරෙටත් (ඕනම දෙයක් දිහා කැත හිතින් බලන අය ඕන තරම් ඉන්නවා නේ) ඒ විදියේ කමෙන්ට්ස් ලැබෙන්න ඉඩ තියෙන නිසා Anonymous Users විදියට කමෙන්ට් දාන්න පුලුවන් පහසුකම ඉවත් කලා.