බ්ලොගයක් ෆෝරමයක් කිරීම !! හෝ දැනට ඇති සාමාන්‍ය බ්ලොගර් බ්ලොග් එකේ පිටුවක් විදියට Forum එකක් ඇතුලත් කර ගැනීම

අදනම් අලුත්ම වැඩක් අරගෙන ආවේ. හැමෝටම වැදගත් වෙන දෙයක් වෙයි කියලා හිතෙනවා. ෆෝරම් එකක් කියන්නේ අන්තර්ජාලයේ දී කවුරුත් දැනුවත්ව හෝ නොදැනුවත්වම භාවිත කරන දෙයක්‍ නේ‍.ෆෝරම් ගැන වැඩි විස්තර විකීපිඩියා වලින් ගන්න මෙතන ක්ලික් කරන්න.  ඉතින් මේ ලිපියෙන් කියන්න යන්නේ‍ තමන්ගේම ෆෝරමයක් නොමිලේ හදා‍ගෙන ඒක තමන්ගේ බ්ලොග් එකටම හෝ වෙනමම බ්ලොග් එකකට දාගන්න හැටි‍. ඒ වගේම මම හදපු ෆෝරම් වලටත් එකතුවෙලා ඒකෙත් මොනවාහරි කුරුටුගාලා යන්න.

http://geethforums.blogspot.com/

අපිට ක්‍රම 2 කින් මේ ෆෝරම් එකක් බ්ලොග්එකකට ජොයින්ට් කරගන්න පුලුවන්.

  1. දැනට ඇති සාමාන්‍ය බ්ලොගර් බ්ලොග් එකේ පිටුවක් විදියට
  2. බ්ලොගර් බ්ලොග් එකක්ම සම්පූර්ණයෙන් ‍ෆෝරම් එකක් බවට පත් කිරීම
මේ කෝක කරන්නත් කලින් අපි ෆෝරම් එකක් හදාගන්න එපායෑ. ඒක කරගන්න හොදම පොට් එක තමයි Nabble කියන්නේ. ඒක හදාගන්න පලමුව මෙතනට යන්න.
  • Forum Name
  • Description ලබාදෙන්න
  • Nabble Account එකකුත් හදාගත්තට කමක් නෑ.[ෆෝරම් එකට ලොග් වෙන්න මේ account එකක් තියෙන්න ඕන නිසා]
දැන් එහි Options > Structure > Create new sub forum ගොස් උප මාතෘකාවක් ඇතුලත් කරන්න. දැන් ෆෝරමයේ මුල් පිටුවට විත් නැවතත් Options > Structure > Create new sub forum ගොස්  යලි උප මාතෘකාවක් කරගන්න‍. මේ ආකාරයෙන් ඔබේ ෆෝරමයට මාතෘකාවන් සියල්ල ඇතුලත් කරගන්න. එමෙන්ම Option Menu එක හරහා තවත් විශාල වෙනස්කම් ගනනාවක් සාදාගත හැක.
දැන් නැවත Options > embedding Options ගොස් අදාල වෙනස්කම් කර ඔබේ ෆෝරමයේ කෝඩ් එක ලබාගෙන එය කොපි කරගෙන පරිගණකයේ සේවු කර තබාගන්න.

දැනට ඇති සාමාන්‍ය බ්ලොගර් බ්ලොග් එකේ පිටුවක් විදියට ඇතුලත් කර ගැනීම

  • මුලින්ම අපේ ෆෝරම් එක දාන්න අලුත් පිටුවක් බ්ලොග් එකේ හදාගන්න ඕන. එක කරන්න
  • Blogger වලට LOG වී new post යන්න. එතැන ඇති‍ Edit Pages > New Page ගොස් එහි HTML වලට ගොස් ඉහත ලබා ගත් කෝඩ් එක පේස්ට් කර එම පිටුව SAVE කරන්න.
  • මෙය ලේසිම හා පහසුම ක්‍රමයයි. ප්‍රායෝගික ගැටලුවක් වන්නේ ෆෝරමටයට අවශ්‍ය කරන ඉඩ ප්‍රමානය මදි වීමයි. තරමක් පලල්ව Post පෙන්වන ටෙම්ප්ලේට් එකකට නම් ගැටලුවක් නැත‍.
බ්ලොගර් බ්ලොග් එකක්ම සම්පූර්ණයෙන් ‍ෆෝරම් එකක් බවට පත් කිරීම
  • තරමක් අමාරු ක්‍රියාවලියක්. පලමුව නව බ්ලොගයක් සාදාගන්න ඕන. (මා සාදාගත් බ්ලොගය – GeethForums.blogspot.com ) මෙහිදී ඔබේ පලමු Post එක විදියට ෆෝරම් එකේ සාරාංශයක්, copyright note වැනි දේ ඇතුලත් කරන්න ( මෙය FOOTER ලෙස යොදාගැනීමට බලාපොරොත්තු වෙන නිසා) තව මෙම පිටුවේ කමෙන්ට් අයින් කරන්න
  • දැන් බ්ලොගර් හී Design Tab එකේ Edit HTML වලට ගොස් පහලම Revert to Classic Template වෙත ගොස් පහලම ඇති Simple II යන ටෙම්ප්ලේට් එක තෝරාගන්න. 
  • දැන්  Page Elements ටැබ් එකට ගිහින් Add a Gadget යන්න. එතන HTML/Java script වලට ගිහින් අර සේවු කරගත්ත කෝඩ් එක පේස්ට් කරන්න. ඔනෑනම් මතෘකාවකුත් දාන්න.
  • දැන් ඒ ගැජට් එක පහත විදියට ටෙම්ප්ලේට් එකේ ස්ථානගතකරගන්න.  අනිත් සියලුම ගැජට් ඉවත් කරන්න.(දැන් තේරෙනවා ඇතිනේ පෝස්‍ට් එක Footer එක වුනේ කොහ‍හොමද කියලා.) පහල HTML/Java script කියන ගැජට් එකට තමයි කෝඩ් එක පේස්ට් කරලා තියෙන්නේ.
  • Ads එහෙම දානවානම්  HTML/Java script හා Blog Posts අතරට හෝ Header හා HTML/Java script අතරට දාන්න පුලුවන්.

  • දැන් Template එක SAVE කරන්න.
  • බ්ලොග් එකේ උඩින්ම තියන බාර් (Nav Bar) එකත් අයින් කරගත්තනම් ලස්සනයි. ඒක ඉවත් කරන හැටි TRIX HUNTER ලියපු ලිපිය බලන්න මෙතනින් යන්න.
මීට අමතරව ඔයාලා ගේ නිර්මාණශීලී හැකියාව මත Template Designer වලින් ඉහත රූපයේ ආකාරයට Template එකක් හදාගෙන පසුබිම් වර්ණ, එහෙම ලස්සනට හදාගන්න පුලුවන්. පසුබිම් වර්ණය‍ට ගැලපෙනවිදියට ෆෝරම් එක හදාගැනීමට ඔබේ ෆෝරමයට ලොග් වී Options වල Change Appearance හා Change Appearance Type යන විකල්ප යොදාගන්න.

  • අවසානයට බ්ලොග් කමෙන්ට්ස් අයින් කරගන්න ඕන. ඒ සදහා බ්ලොගර් හී Design Tab එකේ Page Elements ටැබ් එකට ගිහින් Blog Posts වල EDIT ගොස් එහි ඇති සියලුම හරි ලකුණු ඉවත් කරන්න.
ඒ වගේම මම හදපු ෆෝරම් වලටත් එකතුවෙලා ඒකෙත් මොනවාහරි කුරුටුගාලා යන්න.
ගැ‍ටලු තියෙයිනම් අහන්න.

බවුන්ස් කරමු බෙදාගමු Social Bookmarking Widget එක ඔබේ බ්ලොගයට

මෙන්න තවත් කූල් Social Bookmarking Widget එකක් ඔබේ බ්ලොගයට. ගෙනාවා මේක මෙන්න මේ වගේ විජට්ටුවක්. සෑම පෝස්ට් එකකටම පහලින් පිහිටනවා. මෙන්න Preview එක. බලන්න මෙතනට යන්න. Bouncing Icons හැබැයි මෙතන ඉංග්‍රීසියෙන් තියෙන්නේ.  උපුටාගත්තෙත් එතනින්මයි‍.

ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම බ්ලොගර් වලට ලොග් ‍වෙලා Layout -> Edit HTML වලට යන්න. පොතේ හැටියට ටෙම්ප්ලේට් එක බැකප් කරගන්න Download Template ක්ලික් කරන්න.



පියවර 1 
expand widget templates කියන තැනට හරියක් දාන්න. දැන් (CTRL+F) ඔබලා පහත තියන කෝඩ් එක හොයාගන්න.

පියවර 2
ඒකට පහලින් මේ කෝඩ් එක පේස්ට් කරන්න. (මෙතනදී ඕන කරන Screen2.css සහ execute.js යන Files 2 බාගන්න පහත ලින්ක් එකක් දාන්නම්.)


පියවර 3
දැන් කලින් විදියටම (CTRL+F) ඔබලා මේ කෝඩ් එකත් හොයාගන්න


පියවර 4
හොයාගත්ත ඒ කෝඩ් එකට පහලින් මේ ටික පේස්ට් කරන්න.

දැන් SAVE කරන්න. වැඩකරනවද කියලා බලන්න බ්ලොග් එකේ පෝස්ට් එකකට ගිහින් බලන්න.

NOTE:

  • අපි මෙහිදී පියවර 2 හිදී යොදාගත් Screen2.css සහ execute.js යන Files  2 ඔබ මෙතනින් Zip කල ගොනුවක් ලෙස මෙතනින් බාගත කරගන්න.
  • දැන් එම ෆයිලයන් 2 extract කර මෙතනට (www.mydatanest.com) ගොස් ලියාපදිංචි වී Upload කර Direct Links අදාල ස්ථාන වලට Past කරන්න. 
Paste කරන ස්ථාන 1 පියවරේදී ලබා දී ඇති කෝඩ් එකේ පහත නම් වලින් දක්වා ඇත. 

  • screen2.css හි Path එක
  • execute.js හි Path එක 



ඒවා වෙනුවට www.mydatanest.com වලින් ලැබෙන අදාල ෆයිලයන් වල paths කොපි කරගෙන පේස්ට් කරන්න. 


මීට අමතරම මා විසින් ලියූ  තවත් අලංකාර Social Bookmarking Widget එකක් වන පහත ප්ලගින් එකත් උත්සාහ කරන්න. හැබැයි 2 ම දැම්මොත් නම් වැඩේ අල වෙනවා.

“Sharing Is Sexy!” බ්ලොගර් ප්ලගින් එක දාන හැටි


PayPal Donate බොත්තමක් ඔබේ අඩවියට ඇතුලත් කරමු.

PayPal වල ලියාපදිංචි වෙලා ඉන්න අයට තමන්ගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට සුලු ආධාරයක් ලබාගන්න Donate ‍බොත්තමක් ලබා ගන්න පුලුවන්. අපේ අයනම් ආධාර කරයි කියලා විශ්වාස කරන්නනම් අමාරැයි. නමුත් කනාවට හරි…… (මේක ලංකාවනේ. එකෙක් නැගිටිනවට තව එකෙක් කැමති නෑ) කොහොම උනත් පොඩ් ගතියක් එන්න හරි බොත්තමක් දාමු නේ. මෙම ඩොනේට් බොත්තමක් දාගන්න නම් පලමුව අපේ එකවුන්ට් එක verified වෙලා තියෙන්න ඕන. එහෙම නැති අයටත් මේ බොත්තමක් දාන්න ක්‍රමයක් තියනවා. ඒක අන්තිමට කියන්නම්. 
 Paypal Verified ගිණුමකින් Donate බොත්තම දැමීම‍.

පලමුව Paypal ගිණුමට ලොග් වෙන්න. ගිණුමක් නැති අය මෙතනට ගිහින් අලුතෙන් ගිණුමක් ආරම්භ කරන්න.
 දැන් ඔබේ ගිණුමේ තිබෙන Merchant Services tab එකට යන්න.

එහි පැත්තකින් key features කියලා තැනක් දිස්වේවි. එතනින් Donations කියන තැනට යන්න. ඒ වගේම මෙතනින් ඔබ අන්තර්ජාලය හරහා යම් භාන්ඩයක් විකුනන්නේ නම් එයට අදාල බොත්තම්ද Shopping carts වැනි දෑ සදහාද බොත්තම් ලබා ගත හැක
මෙතැනින් ඔබබේ බොත්තම සාදාගෙන පහල ඇති enter their own contribution amount යන ස්ථානය ලකුණු කර Create Button ලබා දෙන්න.
එවිට ලැබෙන කෝඩ් එක කොපි කරගෙන ඔබේ Blogger Dashboard එකේ layout » Add a Page element » html/javascript වෙත ගොස් එම කෝඩ් එක පේස්ට් කරන්න. Save කරන්න‍.

Paypal Verified නොවූ ගිණුමකින් Donate බොත්තම දැමීම‍.

මේ සදහා මුලින්ම පහත ලින්ක් එකට යන්න.


මෙහිදී ද ඔබට පෙර මෙන් පසෙක ඇති Buttons නම් ස්ථානයෙන් අවශ්‍ය බොත්තම් තෝරා ගත හැක. Create your button now මත Click කරන්න. මෙහිදී ඔබගේ යූසර් නේම් හා පාස්වර්ඩ් ඇසුවෝතින් ලබාදෙන්න.

  • Choose a button type ස්ථානයට ඔබේ බොත්තම් වර්ගය තෝරා දෙන්න.
  • Organization name/service ස්ථානයට ඔබේ බ්ලොගයේ නම හෝ සේවාව හෝ අදාල දෙයක් ඇතුලත් කරන්න.
  • Donate button එක දිස්වේ. එය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම්
  • Currency – USD ලෙස තිබෙන්නට හරින්න (Rs නොමැති නිසා)
  • Donors enter their own contribution amount. ලෙස තේරැවහොත් පරිත්‍යාග කරන්නාට කැමති ප්‍රමානයක් පරිත්‍යාග කල හැක. නැතහොත් Donors contribute a fixed amount. මගින් ඔබට පරිත්‍යාග කල යුතු ප්‍රමානය ලබා දිය හැක
  • Email address to receive payments ඔබ Paypal වෙනුවෙන් භාවිත කරන E-mail ලිපිනය
  • Create Button මත ක්ලික් කරන්න. දැන් ඔබේ Username හා Password විමසනු ඇත.
  • Step 2 හා Step 3 මගින් තවත් සැකසුම් සාදාගත හැක.

දැන් ඔබේ HTML CODE එක ලබා දෙනු ඇත. එය කොපි කරගෙන ඔබේ Blogger Dashboard එකේ layout » Add a Page element » html/javascript වෙත ගොස් එම කෝඩ් එක පේස්ට් කරන්න. Save කරන්න‍.

 දැන් බ්ලොග් එකට ගිහින් බලන්න. මමනම් පලමු ක්‍රමය ( Paypal Verified ) වලින් නෙමෙයි කලේ. දෙවන ක්‍රමයෙන්. එනිසා පලමු ක්‍රමය මම කරලා බැලුවේ නෑ. නමුත් ඔයාලා කරලා බලන්න. මමත් දෙවන ක්‍රමයෙන් බොත්තමක් දැම්මා. 


ජය. නැවත හමුවෙමු.


Skype බොත්තම් ඔබේ බ්ලොගයටත්

ස්කයිප් මගින් බ්ලොගයේ අයිතිකරු හා සම්බන්ධවන්න මෙම විජට්ටුව යොදාගත හැක.

සම්මත ස්කයිප් බොත්තම් ලබා ගැනීම සදහා මෙතැනට යන්න. එහි ඇති Enter your Skype Name යන ස්ථානයට ඔබේ ස්කයිප් නාමය (ඔබගේ ස්කයිප් යූසර් නේම් එක) ලබා දෙන්න. දැන් පහතින් ලබා දෙන Code එක Copy කරගෙන ඔබගේ බ්ලොගර් ගිණුමට ඇතුල් වී Layout > Page Elements හී Add Gadget Link එක ක්ලික් කර HTML/JavaScript Gadget වෙත ගොස් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක එතැන පේස්ට් කරන්න. Save කර බ්ලොගයට ගිය විට ඔබේ විජට්ටුව බලාගත හැක.
නමුත් මෙයින් ලැබෙන්නේ Call Me බොත්තම පමණි. මීට අමතරව Add me to Skype, Chat with me, View my profile, Leave me voice mail, Send me a file වැනි බොත්තම් ලබා ගැනීමට මෙතැනට යන්න. Enter your Skype Name යන ස්ථානයට ඔබේ ස්කයිප් නාමය (ඔබගේ ස්කයිප් යූසර් නේම් එක) ලබා දෙන්න. පහත තැන් දක්නට ලැබේ.
Skype status          ඔබ Online ද නැතිද යන්න පෙන්වීමට
Function                  බොත්තම
Content                  අයිකනය හා අකුරැ දැක්වීම තේරීමට
Size                         ප්‍රමානය
Style             මෝස්තරය (බැලුනයක් ලෙස හෝ බොත්තමක් ලෙස)
Color theme            වර්ණය
Background             පසුබ්ම සුදු වර්ණයෙන් හෝ විනිවිද පෙනෙන ආකාරයෙන්

ඒවා අවශ්‍ය ආකාරයට සාදාගෙන Code එක Copy කරගෙන ඉහත ආකාරයටම ඔබගේ බ්ලොගර් ගිණුමට ඇතුල් වී Layout > Page Elements හී Add Gadget Link එක ක්ලික් කර HTML/JavaScript Gadget වෙත ගොස් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක එතැන පේස්ට් කරන්න. Save කර බ්ලොගයට ගිය විට ඔබේ විජට්ටුව බලාගත හැක.

Google Chat Back සහ Google Talk Gadget බ්ලොග් එකට

G Talk යනු ජනප්‍රියතම IM මෘදුකාංගයකි. මෙම විජට්ටුව මගින් ඔබගේ බ්ලොගයේ සිටම ප්‍රේක්ෂකයන්ට චැට් කිරීමට සැලැස්විය හැක. මෙහි ආකාර 2 ක් ඇති අතර පළමුව Google Chat Back Gadget එක බ්ලොගයට ලබා ගන්නා සැටි බලමු.

පළමුව ගුගල් වලට ලොග් වී මෙතැනට යන්න. ගොස් එතන Edit බොත්තම මත ක්ලික් කර ඔබේ විජට්ටුව අවශ්‍ය ආකාරයට සාදාගන්න. අනතුරැව පහතින් ලබා දෙන කෝඩ් එක කොපි කරගන්න.
පසුව ඔබගේ බ්ලොගර් ගිණුමට ඇතුල් වී Layout > Page Elements හී Add Gadget Link එක ක්ලික් කර HTML/JavaScript Gadget වෙත ගොස් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක එතැන පේස්ට් කරන්න. Save කර බ්ලොගයට ගිය විට ඔබේ විජට්ටුව බලාගත හැක. එය මෙසේ දිස්වනු ඇත.

2) Google Talk Gadget එක ඇතුලත් කර ගැනීම.
 මෙය G-Talk මෘදුකාංගයට සමාන එකක් වන අතර මෙය මේ සදහා පහත පියවර අනුගමනය කරන්න.
 පළමුව මෙම ‍Code එක Copy කරගන්න

දැන් පෙර Google Chat back හිදී මෙන්ම බ්ලොගර් ගිණුමට ඇතුල් වී Layout > Page Elements හී Add Gadget Link එක ක්ලික් කර HTML/JavaScript Gadget වෙත ගොස් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක එතැන පේස්ට් කරන්න. (අවශ්‍ය title එකක්ද ඉහලින් ලබා දෙන්න)

දැන් Save කර ඔබේ විජට්ටුව බ්ලොගය මත දැකිය හැක.

සැ.යු.
මෙම විජට්ටු ඔබගේ අභිරුචිය පරිදි බ්ලොගර් ගිණුමේ Layout > Page Elements ස්ථානයෙන් Drag කර ස්ථාන වෙනස් කර ගත හැකිය.

Yahoo ! සෙවුම් පෙට්ටිය බ්ලොගර් වලට

සෑම බ්ලොගයකටම වාගේ සෙවුම් පෙට්ටියක් තිබෙනවා. බොහෝවිට Google Search නමුත් මේ විජට්ටුව මගින් ඒ Google Search මෙන් Yahoo ! Search Box එකක් ඔබේ බ්ලොගයට ලබා ගත හැක. මෙම විජට්ටුව මගින් අන්තර්ජාලයේ හෝ ඔබේ බ්ලොගයේ ඇති දෑ සොයාගැනීමට විකල්ප දෙකක් ඇත. පහත පියවර ඔස්සේ මෙය ඔබත් ඇතුලත් කර ගන්න.
පියවරයන්
පහත කෝඩ් එක Copy කරගන්න

දැන් බ්ලොගර් වලට ලොග් වී Layout –> Page Elements වෙත ගොස් එහි ඇති Add a Gadget යන්න. එහි HTML/JavaScript වලට ගොස් Title වෙත කැමති නමක් ලබාදෙන්න (අත්‍යාවශ්‍ය නොවේ) පසුව Content යන ස්ථානයට පහලින් ඔබ කලින් කොපි කරගත් කෝඩ් එක පේස්ට් කරන්න. දැන් එහි http://YOUR-BLOG-NAME.blogspot.com/ නමින් ඇති ස්ථානය සොයාගෙන YOUR-BLOG-NAME වෙනුවට ඔබගේ බ්ලොගයේ ලිපිනය යොදන්න.(මෙය අනිවාර්යයෙන්ම කළ යුත්තකි)

Save කල විට ඔබේ Blog Layout එකට ඔබ ඉහතදී ලබා දුන් නම්න් අලුත් ගැජට් එකක් ලැබී ඇත‍‍. එය Sidebar එකකට ඇදගෙන ගොස් දමන්න නැවතත් Save කරන්න.

දැන් ඔබේ බ්ලොගයට ගොස් බලන්න. විජට්ටුව ඇතුලත්වී තිබෙන් දැකිය හැක.

මෙන්න තවත් නියම බ්ලොගර් විජට් එකක් >>

මෙන්න තවත් නියම බ්ලොගර් විජට් එකක්. කලින් දීපු විජට් දාගෙන නැත්නම් ඒවත් බලලා හොද එකක් තියනවානම් දාගන්න. මේකනම් හොරාගත්තේ TRIX HUNTER වලින් (දැක්කා, හිතගියා, හොයාගත්තා, දැන් ඔයාලටත් කියනවා). TRIX HUNTER වලට ස්තුති කරන්න ඕන. නියම විජට් එක මමත් දාගත්ත‍. බ්ලොග් එකෙන් අහඹු ලෙස ලිපි පෙන්වන්න. මෙහි වෙනස්කම් කිරීම මගින් විවිධ ආකාර කිහිපයකටම මෙම විජට්ටුව වෙනස් කරගත හැක. මමත් දැම්මා. මේ පෝස්ට් එකේ මාතෘකාවට ඉහලින් බලන්නකෝ. ඔබේ බ්ලොගයටත් ඇතුලත් කර ගැනීමට,

 1 ස්ථානය – ඔබේ RSS ලිපිනය ඇතුලත් කරන්න.
2 ස්ථානය – වර්ගය
3 ස්ථානය – වේගය
4 ස්ථානය – පසුබිම් වර්ණය
 ස්ථානය – Font Size අකුරැ ප්‍රමාණය (වැරදීමකින් වෙන අංකයක් ඉහත රුපයේ සටහන් වී ඇත.)
5 ස්ථානය – අකුරැ වල වර්ණය

  • සිදුකරන සෑම වෙනස්කමක්ම පහත Preview ස්ථානයේ පෙන්වන නිසා වැඩේ අමාරැ වෙන එකක් නෑ..
  • අවසානයට පහතින් ලබා දෙන කෝඩ් එක කොපි කරගන්න.
  • දැන් බ්ලොගර් වලට ගොස් Layout හි Add a Gadget වලට ගොස් නව  HTML/Java script ලබාගන්න.
  • එයට කොපි කරගත් කෝඩ් එක පේස්ට් කර අවශ්‍ය නමක් ලබා දෙන්න. පහත ආකාරයට.

දැන් Sava කරන්න.

  • ලැබෙන විජට්ටුව අවශ්‍ය ස්ථානයට Drag කරගන්න. මෙය බ්ලොග් එකේ මාතෘතාව ට පහලින් බ්ලොග් පෝස්ට් වලට ඉහලින් තබා ගැනීම වඩා අලංකාර වේ.(එසේ තබා ගන්නේනම් ඉහත කෝඩ් එක පේස්ට් කරන අවස්ථාවේ නමක් ලබා නොදෙන්න)
  • දැන් Save කර ඉවත් වන්න.
  • බ්ලොග් එකට ගොස් බලන්න.

නැවත හමුවෙමු..

ලිපිය ප්‍රයෝජනවත් වුනානම් පහල ඉඩ තියෙනවා.