talk ads මගින් මුදල් සොයමු (තවත් ලංකා ඇඩ්සෙන්ස් එකක්)

මේක ලාංකීක අපිට ලැබුනු තවත් එක් විශේෂිත අලුත් වෙබ් අඩවියක් කියන්න පුලුවන්. මේ අඩවියෙනුත් අපිට මුදල් උපයන්න ක්‍රමයක් වශයෙන් ඇඩ්සෙන්ස් වලට විකල්පයක් හදුන්වා දීලා තිබෙනවා. ඒ ගැන පසුව කතා කරමු. මුලින්ම අඩවිය ගැන හදුන ගමු.

 මෙම වෙබ් අඩවියේ මුල් පිටුව ඉතාමත් සරල සැහැල්ලු එකක් වන නිසා ඉක්මනින් සේවාවන් ලබා ගන්න පුලුවන්. ඒ වගේම මෙයින් ලබා දෙන සේවාවන් කීපයක්ම තියෙනවා.

මෙයින් අපට ලබා දෙන සේවාවන්..

 
නොමිලේ සීමාරහිත (Unlimited) ඉඩක් සමග ඊ මේල් ගිණුම්
අප මේ අඩවියට සම්බන්ධවීමට පලමුවෙන්ම මෙහි ලබාදෙන ඊ මේල් ගිණුමක් සාදාගත යුතු වේ. ඒ සදහා මෙතන ක්ලික් කර ගොස් ඔබේ ඊ මෙල් ගිණුම සාදා ගන්න. දැනටමත් සාමාජිකයන් අඩු හෙයින් ඔබට කෙටි, ඔබේ නමින් ඊ මේල් ගිණුම සාදාගත හැකිවනු ඇත. (මා සාදාගත් ලිපිනය- geeth@talk.lk).
දැන් අප මෙයින් ලබාදෙන දැන්වීම් ලබාගැනීම හෝ දැන්වීමක් ඇතුල්කරන ආකාරය සලකා බලමු.

 (මෙම ගිණුම් ගැන විස්තර බලා ගැනීමට ඉහත ගිණුම් නම් 2 මත ක්ලික් කරන්න.)

Publisher කෙනෙක් වශයෙන් වැඩසටහනට සම්බන්ධවීමට මෙතන ක්ලික් කරන්න. ගොස් එතනට ඔබ සාදාගත් talk mail ලිපිනය ලබා දී ලොග් වන්න. මෙයිනුත් අන් වැඩසටහන් වලින් මෙන් අපට දැන්වීම් ලබාදෙන සම්මත ප්‍රමානයන් ඇත. ඒ පිලිබද විස්තර බලාගැනීමට මෙතන ක්ලික් කරන්න.
  • දැන් Ad Setup වෙත ගොස් නව ඇඩ්ස් ලබාගත හැක.
  • එතන අපගේ වෙබ් අඩවියට ගැලපෙන ප්‍රමානයන්ගෙන්, වර්ණයන්ගෙන් දැන්වීම සකස් කර ගැනීමට හැකියි. අමතක නොකර Ad Channel ස්ථානයට ඔබේ දැන්වීම සදහා නමක් ලබාදෙන්න. (උදා: banner ad වැනි)
  • Preview යන බොත්තම මගින් පෙරදැක්මක් ලබාගත හැකියි.
  • දැන් Get Ad Code මත ක්ලික් කර අදාල ‍කෝඩ් එක ලබාගන්න. ඔබේ අඩවියට ඇතුල් කරන්න. 
  • Finish ක්ලික් කරන්න.
මෙම වැඩසටහනේ විශේෂත්වයක් වන්නේ අප දැමු Ads වලට ලැබෙන Impressions වලටත් ගෙවීමක් කිරීමයි. මෙය අනිකුත් මෙවන් වැඩසටහන්වල සීමා කර ඇති විකල්පයකි.

ඔබේ දැන්වීමක් මෙම ජාලයට ඇතුලත් කිරීමට.
විස්තර සදහා මෙතන ක්ලික් කරන්න. පහත බැනරය උපයෝගීකරගන්න.

ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඔන්න ඉතින් මමත් පහලින් ඇඩ් එකක් දැම්මා… සප් එකකුත් දීගෙනම යන්න…

Blogger ලිපි අතරට adsence දැන්වීම් දාන හැටි [නිවැරදිම ක්‍රමය]

ඔබ බ්ලොගර් වලින් බ්ලොග් ලියනවානම්, ඇක්ටිවු ඇඩ්සෙන්ස් account එකක් තියනවානම් ඔයාලාටත් ලේසියෙන්ම ලිපි වලට දැන්වීම් දාන්න පුලුවන්. සයිඩ්බාර් වල ඇඩ් දානවාට වඩා පොඩ් ගතියක් තියනවානේ. කනාවට හරි බලන කෙනෙකුට ඇඩ් එකක් ක්ලික් වුනොත් එහෙම කාටද වාසි ? : ) සිංහල බ්ලොග් වලටනම් වැඩේ ෂුවර් නෑ‍‍.

ඒ සදහා පලමුව කරන්න තියෙන්නේ ඔයාලාගේ මේ විදියට ඇඩ් දාගන්න ඕන කරන බ්ලොග් එකට ඇඩ්සෙන්ස් අක්ටිවු කරගන්න එක. ඒකට පහත විදියට කරන්න.

බ්ලොගර් ගිණුමට ලොග් වෙලා Dashboard හි Monetize ගිහින් පහත විදියට කරන්න.

ඉහත පින්තුරයේ දැක්වෙන විදියට ලැබුන විට අවශ්‍ය ආකාරට තෝරාගෙන ඉදිරියට ගොස් බ්ලොගයේ ඇඩ් ඇක්ටිවු කරගන්න. අදාල සෙටින්ග්ස් සාදා ගන්න.

දැන් නැවත Design -> Page Elements වෙත ඇවිදින් එහි Blog Posts යටතේ ඇති Edit ක්ලික් කරන්න.

ඔබට නව වින්ඩෝ එකක් ලැබෙනු ඇත. එහි Show ads between Posts යන ස්ථානයට හරි ලකුනක් යොදන්න.

දැන් පහත ලෙස එම වින්ඩෝ එක වෙනස් වෙනු ඇත.

  • එහි පලමුවෙන්ම ඇති Show aftre XX Posts යන ස්ථානයෙන් ඔබේ ලිපි කීයකට පසු දැන්වීම් පෙන්විය යුතුදැයි ලබාදිය හැක.
  • අංක 1 ස්ථානයෙන් දැන්වීමේ ආකාරය තෝරාගන්න.
  • අංක 2 ස්ථානයෙන් දැන්වීමේ වර්ණයන් සකසාගන්න.
  • අංක 3 ස්ථානයේ පෙරදැක්මක් දැක්වේ.

 මේ ආකාරයට ඔබගේ බ්ලොගයේ ඇඩ් දිස්විය යුතු ස්ථානයන් හා වර්ණයන් සාදාගෙන SAVE ක්ලික් කරන්න. දැන් ඔබ සකස්කල ආකාරය දැන්වීම් ඔබේ බ්ලොගයේ දිස්වනු ඇත.
/bye

PayPal Donate බොත්තමක් ඔබේ අඩවියට ඇතුලත් කරමු.

PayPal වල ලියාපදිංචි වෙලා ඉන්න අයට තමන්ගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට සුලු ආධාරයක් ලබාගන්න Donate ‍බොත්තමක් ලබා ගන්න පුලුවන්. අපේ අයනම් ආධාර කරයි කියලා විශ්වාස කරන්නනම් අමාරැයි. නමුත් කනාවට හරි…… (මේක ලංකාවනේ. එකෙක් නැගිටිනවට තව එකෙක් කැමති නෑ) කොහොම උනත් පොඩ් ගතියක් එන්න හරි බොත්තමක් දාමු නේ. මෙම ඩොනේට් බොත්තමක් දාගන්න නම් පලමුව අපේ එකවුන්ට් එක verified වෙලා තියෙන්න ඕන. එහෙම නැති අයටත් මේ බොත්තමක් දාන්න ක්‍රමයක් තියනවා. ඒක අන්තිමට කියන්නම්. 
 Paypal Verified ගිණුමකින් Donate බොත්තම දැමීම‍.

පලමුව Paypal ගිණුමට ලොග් වෙන්න. ගිණුමක් නැති අය මෙතනට ගිහින් අලුතෙන් ගිණුමක් ආරම්භ කරන්න.
 දැන් ඔබේ ගිණුමේ තිබෙන Merchant Services tab එකට යන්න.

එහි පැත්තකින් key features කියලා තැනක් දිස්වේවි. එතනින් Donations කියන තැනට යන්න. ඒ වගේම මෙතනින් ඔබ අන්තර්ජාලය හරහා යම් භාන්ඩයක් විකුනන්නේ නම් එයට අදාල බොත්තම්ද Shopping carts වැනි දෑ සදහාද බොත්තම් ලබා ගත හැක
මෙතැනින් ඔබබේ බොත්තම සාදාගෙන පහල ඇති enter their own contribution amount යන ස්ථානය ලකුණු කර Create Button ලබා දෙන්න.
එවිට ලැබෙන කෝඩ් එක කොපි කරගෙන ඔබේ Blogger Dashboard එකේ layout » Add a Page element » html/javascript වෙත ගොස් එම කෝඩ් එක පේස්ට් කරන්න. Save කරන්න‍.

Paypal Verified නොවූ ගිණුමකින් Donate බොත්තම දැමීම‍.

මේ සදහා මුලින්ම පහත ලින්ක් එකට යන්න.


මෙහිදී ද ඔබට පෙර මෙන් පසෙක ඇති Buttons නම් ස්ථානයෙන් අවශ්‍ය බොත්තම් තෝරා ගත හැක. Create your button now මත Click කරන්න. මෙහිදී ඔබගේ යූසර් නේම් හා පාස්වර්ඩ් ඇසුවෝතින් ලබාදෙන්න.

  • Choose a button type ස්ථානයට ඔබේ බොත්තම් වර්ගය තෝරා දෙන්න.
  • Organization name/service ස්ථානයට ඔබේ බ්ලොගයේ නම හෝ සේවාව හෝ අදාල දෙයක් ඇතුලත් කරන්න.
  • Donate button එක දිස්වේ. එය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම්
  • Currency – USD ලෙස තිබෙන්නට හරින්න (Rs නොමැති නිසා)
  • Donors enter their own contribution amount. ලෙස තේරැවහොත් පරිත්‍යාග කරන්නාට කැමති ප්‍රමානයක් පරිත්‍යාග කල හැක. නැතහොත් Donors contribute a fixed amount. මගින් ඔබට පරිත්‍යාග කල යුතු ප්‍රමානය ලබා දිය හැක
  • Email address to receive payments ඔබ Paypal වෙනුවෙන් භාවිත කරන E-mail ලිපිනය
  • Create Button මත ක්ලික් කරන්න. දැන් ඔබේ Username හා Password විමසනු ඇත.
  • Step 2 හා Step 3 මගින් තවත් සැකසුම් සාදාගත හැක.

දැන් ඔබේ HTML CODE එක ලබා දෙනු ඇත. එය කොපි කරගෙන ඔබේ Blogger Dashboard එකේ layout » Add a Page element » html/javascript වෙත ගොස් එම කෝඩ් එක පේස්ට් කරන්න. Save කරන්න‍.

 දැන් බ්ලොග් එකට ගිහින් බලන්න. මමනම් පලමු ක්‍රමය ( Paypal Verified ) වලින් නෙමෙයි කලේ. දෙවන ක්‍රමයෙන්. එනිසා පලමු ක්‍රමය මම කරලා බැලුවේ නෑ. නමුත් ඔයාලා කරලා බලන්න. මමත් දෙවන ක්‍රමයෙන් බොත්තමක් දැම්මා. 


ජය. නැවත හමුවෙමු.


Adbrite සමග වැඩකිරීම 2 කොටස

Adbrite 1 කොටසින් පසු මගහැරැණු කොටස් කිහිපයක් මෙම ලිපියට මා ඇතුලත් කරනවා..

මුලින්ම පලමු ලිපියේ මෙතෙක් ලැබුනු ගැටලු වලට පිලිතුරැ…

Football MADNESS ගේ ගැටලු

adsense ගැන help කරන්න කීවත් මට adsense හරිගියේ නැති නිසා මේ ගැන කියන්න දන්නේ නැ. සමාවන්න. බොරැ ලියන්නත් බෑ නේ.. [ adsense වලින් ඇඩ් දාන හැටි හීනෙකින්වත් දැකලා නෑ 😦 ]

අහලා තිබුනා ගෙවීම් ගැන.
මෙහෙමයි.. අවම ගෙවීම වන්නේ 5$. අපි ලබා දීපු අවම මුදල අපිට ගෙවන්නේ (චෙක් එක එවන්නේ)මාස දෙකකට පසුය. ඒගොල්ලෝ මේකට කියන්නේ net-60 කියලා. උදාහරණයක් විදියට අපි 2010 පෙබරවාරි මාසේ හොයපු මුදල 6$ ක් නම්, Minimum Payout එක 5$ ක් නම් අපිට ඒගොල්ලෝ 2010 අප්‍රේල් මාසේ 5$ ක චෙක් එකක් එවනවා. ඒගොල්ලන්ගේම වචනෙන් කිියනවනම් මෙහෙමයි.මම කමෙන්ට් එකක් විදියටත් දැම්මා. චෙක් එක එන්න දවස් 21 කට වැඩිය ගත වෙනවා කියලා තමා කියන්නේ.

” Payments are issued in US Dollars, two months (net-60) after you accrue them. For example, earnings from March 2007 will get paid out in May 2007. If your revenue does not meet your minimum check amount, that revenue will automatically roll over to the following month. We begin processing payments on the first business day of each month and mail them out within the first five days.”

“For US addresses, please allow 7 to 10 business days for your check to arrive. Non-US addresses may take up to 21 business days.”
පැහැදිලි ඇතිනේ…

තවත් කෙනෙක් එයාට සල්ලි ආපු හැටි චෙක් එකේ පොටෝ එකක් එකතු කරලා තිබුනා.. ස්තුතියි.

ආ අමතක වුනු දෙයක් තියනවා. අපේ සම්පූර්ණ ඉපයීම් බලන්න ඕන නම් Earnings කියන ටැබ් එකට යන්න. එතනදී Minimum Payout එක (එක චෙක් එකකට ඇතුලත් විය යුතු ගනන)ලබා දෙන්න පුලුවන්. ඒ වගේම ඔයාල‍ට එවන චෙක් කාගෙ නමට එවන්නද කියලා දෙන්න පුලුවන්. විශේෂයෙන්ම අවුරැදු 18 අඩු කෙනෙක්ගේ නමින් Adbrite account එක තියනවනම් වැඩිහිටි කෙනෙක් (අවුරැදු 18 වැඩි) ‍ගේ නමක් එතනට දෙන්න. [Make check payble to]
තවමත් Adbrite වල ලියාපදිංචි නොවූ කෙනෙක් ඉන්නවානම් මෙන්න මේ පිංතුරය උඩ කිලික් කරලා ගිහින් Publishers කෙනෙක් විදියට register වෙන්න…

1 Referral වැඩසටහන

Referral වැඩසටහන කියන්නේ අපිට වෙනත් අය Adbrite වලට හදුන්වා දීලා පොඩි අමතර ගානක් හොයා ගන්න පුලුවන් ක්‍රමයක්. කරන්න තියෙන්නේ ඒගොල්ලෝ ලබා දෙන් ලින්ක් එකට අපි හදුන්වලා දෙන අයව යොමු කිරීම. මම ඉහලින් දාලා තියෙන්නෙත් ඒ වගේ එකක්.(කැමතිනම් මට කරන උදවුවක් විදියට ඉහලින් දාලා තියන පිංතුරය උඩ කිලික් කරලා ගිහින් Publishers කෙනෙක් විදියට register වෙන්න… මමත් මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නොමිලේ නිසා)

හරි දැන් අපි බලමු මේ Referral ලින්ක් එකක් දාගන්නේ කොහොමද කියලා.

පලමුව Publisher Dashboard එකට යන්න.දන්නේ නැත්තම් 1 කොටස කියවන්න මෙතනින් යන්න.
ඒකේ පහලින් තියනවා මේ වගේ තැනක්. එතනට යන්න

ඊට පස්සේ මේ වගේ

එතන තියෙන්නේ අපි හදුන්වලා දීපු ප්‍රමානය හා ඒ වෙනුවෙන් අපිට ගෙවලා තියෙන ප්‍රමානය.(නිල් පාටින් ඉරි දෙකක් ඇදල තියන තැන)
මේ Referral ලින්ක් එකක් දාගනන අපි යන්න ඕන රතුපාටින් රවුම් කරලා තියන තැනට‍.
එතනට ගියාට පස්සේ මේ වගේ අපිට කැමති බට්න් එකක් තෝරගන්න පුලුවන්.

NEXT කලාම කොඩ් එක දෙනවා‍. ඒක අපේ සයිට් එකට දාගන්නයි තියෙන්නේ.
දැන් ඔයාලට යාලුවන්ව හදුන්වලා දීලා පොඩි ගානක් කඩා ගන්න පුලුවන් නේ.. 😉

2 Advertisers

advertisers කියන්නේ අපිට Adbrite වලට අපේ දැන්වීම් දාන්න තියන තැන‍. ‍හැබැයි මේක නිකම් නෙවෙයි.. සලිලි දෙන්න ඕනෑ. ඒ නිසා මම මේ ගැන  කථාකරන්න අදහස් කරන්නේ නෑ‍, ඔයාලා Publisher Dashboard එකට ගිහින් උඩ තියන Advertisers කියන ටැබ් එකට යන්න. එතකොට Advertiser Dashboard එක ලැබෙනවා. එතනදීත් අපිට Referral යොදාගන්න පුලුවන් ඒ Advertise Referrals.



තවත් ගැටලු තියෙයිනම් කමෙන්ට් විදියට දාන්න.. එහෙනම් ඔබ සැමට සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා..

AdBrite වලින් වැඩ කිරීම

 

මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ ලසිදුගේ බිලෝග් එකේ තියන කමෙන්ට් දැකලා.. කට්ටියට ගොඩක් ගැටලු තියනව වගේ හිතුන නිසා… මුලින්ම කියන්න ඕන මේක හොර සයිට් එකක් නෙවේ. ඒකට බලපත්‍ර එහෙම ගොඩක් ලැබිලා තියනවා.. මෙන්න බලන්න.. තව විස්තර ඕන නම් පහල ලින්ක් වලට ගිහින් බලන්න.. හැබැයි සිංහල නම් නෙමෙයි.  😉 මේ ලිපියෙන් මම Adbrite වල සියලුම දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා..

දැනටමත් Adbrite Account එකක් නැති කට්ටිය පලමුව උඩින්ම තියන පිංතුරය ක්ලික් කරලා ගිහින් Publishers කෙනෙක් විදියට register වෙන්න…

http://www.adbrite.com/mb/how-advertisers-brand-safe.php
http://clicktoverify.truste.com/pvr.php?page=validate&url=www.adbrite.com&sealid=102
http://www.networkadvertising.org/
http://www.export.gov/safeharbor/


AdBrite වලින් අපිට ලබා දෙන Ads වර්ග කීපයක් තියනවා..

 1.Banner Ads
 2.Text Ads
 3.Full page Ads
 4.Inline Ads

    මේවා ගැන විස්තර ඒ ඒ Ads වර්ග දාන හැටි කියනකොට කියන්නම්. දැන් අපි මේ Ads වර්ග අපේ Blog එකට හෝ Website එකට දානහැටි අන්තිම එකේ සිට බලමු.  🙂 මුලින්ම පොඩි මාර්ගෝපදේෂනයත්.

    පලමුව Account එකට log වෙමු..

    Account එක හදා ගත්තට පස්සේ www.adbrite.com වලට ගිහින් උඩ කෙලවරේ තියන Sign in වලට යන්න. Username Password දීලා  Sign in button එක Click කරන්න.

    Log වුනාට පස්සේ පහල විදියට පෙනෙයි. එතන ‍For Publishers කියන තැන ක්ලික් කරාම අපේ Dashboard එකට යන්න පුලුවන්..

    Dashboard එක මේ වගේ…

    Dashboard කියන කොටසේ තමයි අපේ විස්තර තියෙන්නේ.පිංතුරය කුඩානම් ක්ලික් කරලා විෂාල කරගන්න. නිල් පාටින් රවුම් කරලා තියන තැනින් වැඩ පටන් ගන්න පුලුවන්.. අලුතින් Ads දාන්න හරි පරන Ads වෙනස් කරන්න හරි පරන Ads වල Code එක ගන්න හරි Manage ad zones කියන තැනින් පුලුවන්. Manage ad zones හරහා අලුතින් Ads දානවානම් Manage ad zones වලට ගිහින් Set up a new ad zone වලට යන්න ඕනා.. නැත්නම් Shortcut එකක් විදියට Dashboard එකේ තියන Create new Zone වලට ගියත් එකයි.. මේ වගේ තමයි පෙනෙන්නේ..

    ඔන්න දැන් අර මම කලින් කියපු Ads වර්ග ටික දකින්න තියනවා..

     Inline Ads  දැමීම

      Inline Ads කියන Ad වර්ගයෙන් වෙන්නේ අපේ සයිට් එකේ Type කරලා තියන Text ඒ ගොල්ලන්ගේ දැන්වීම් ප්‍රචාරය කිරීමට මාර්ගයක් විදියට යොදා ගැනීමයි. කොට්න්ම කියනවනම් ‍Ads ඇතුලත් වෙලා තියන Text එකකට Mouse එක Point කලාම Popup එකක් විදියට ඇඩ් එක පෙන්නනවා. උදාහරනයක් විදියට එතන inline ads ඉස්සරහා තියන rollover කියන තැන යටින් ඉරි දෙකක් ඇදලා තියන තැනට Mouse එක Point කරලා බලන්න.

    මේ ඇඩ් දාන්න
    Banner and/or text ads, Full page ads කියන තැන් වල තියන හරි ලකුණු ඉවත් කරන්න ඕනා. හේතුව පසුව කියන්නම්. Inline ads කියන තැනයි පහල තියන
    I will not have incentives to click on ads.
    I will not place my ad zones on sites that include pornographic content. තැන් වලටයි හරි ලකුණු දාලා (NEXT) ක්ලික් කරන්න..

    (පියවර 02)ඊගාව පියවරේ දී පහත ලෙස විකල්ප දෙකක් ලැබෙනවා.

    Include all available ads (but never adult ads) හා Limit to family-friendliest ads only

    මේකෙන් Include all available ads කියන්නේ දැනට ලබාගත හැකි Ads අප සාදන Ad zone එකට ඇතුලත් කරන්න කියන එකයි.අනික ඉතින් මොක වුනත් ඒකේ අනිත්පැත්ත වෙන්න එපායෑ.. නේ…

    (NEXT) ක්ලික් කරන්න..
     මෙතනට ඔබගේ වෙබ් අඩවියේ විස්තර දෙන්න.

    1.  Import info from one of your existing sites: (optional) කියන තැන අතහරින්න. පලමු අවස්ථාව නිසා

    2. Name of your site: වෙබ්/බ්ලොග් අඩවියේ  නම
    3. Site URL: ලිපිනය
    4. Description of site: වෙබ්/බ්ලොග් අඩවියේ විසිතරය
    5. Name of ad zone: වැදගත් තැනක්.. Manage ad zones වල මෙම දැන්වීම හදුනා ගැනීමට නමක
    6. Keywords: මෙන්න පොට් එක.. අපිට Ad ලබා දෙන්නේ මෙතනට ඇතුලත් කරන Keywords වලට අනුවයි.. අපේ අඩවියේ ඇති දේවල් වලට අදාලව Keywords දාන්න.. 50 ක් දාන්න පුලුවන්. එක Keyword එකක් දාලා enter press කරලා අනික දාන්න. මේ විදියට එකකට යටින් අනිත එන විදිහට Keyword දාන්න.
    7. Choose a category : මෙතනින් අපේ බ්ලොගයේ category එක තෝරන්න..Main category (pick one) හා Secondary category (pick one) වලින් ලබා දෙන්න. මේක ලබා ගන්නේ AdBrite directory එකට දාන්න.

      මේ වගේ තියෙයි..

       

       (NEXT) ක්ලික් කරන්න..

    ලැබෙන කෝඩ් එක අපේ සයිට් එකට දාන්න.. මේක Inline Ads කොඩ් එක.


     Full Page Ads  දැමීම

    Full page ads කියන්නේ අපේ සයිට් එකට එන අමුත්තන්ට පිටුව පුරාම Ad පෙන්වීමක්.. මෙහිදී නිෂ්චිත visitors ලා ගනනකට පසු පැමිනෙන visitor ට Ads පෙන්නන්න කියලා දෙන්න පුලුවන්. Ad එකෙන් ඉවත් වීමට Skip Ad Click කරන්න.
      Manage ad zones වලින් (පිංතූරය 02)  Set up a new ad zone වලට යන්න. Full page ads කියන එකට විතරක් හරි දාන්න.I will not have incentives to click on ads., I will not place my ad zones on sites that include pornographic content.වලටත් හරි දාන්න. (NEXT) ක්ලික් කරන්න.. ඉහත (පියවර 02) අනුගමනය කරන්න. වෙබ් අඩවියේ විස්තර ඉහත පරිදි ලබා දෙන්න..

    මෙතනදි පොඩි Shortcut එකකත් තියනවා. ඒ තමයි.ඉස්සරලා අතෑරපු තැන (Import info from one of your existing sites) මෙතනින් කලින් හදපු Ad zone එකක් තෝරලා import දුන්නනාම ඒකට අදාල විස්තර ලබා ගන්නවා.Name of ad zone: අනිවාර්යයෙන්ම ලබා දෙන්න. හැබැයි අලුතෙන්ම සයිට් එකකට ඇඩ් දානවනම් අලුත් සයිට් එකේ විස්තර දෙන්න. තව විස්තර අවසානයේදී
     (NEXT) ක්ලික් කරන්න..
     (NEXT) ක්ලික් කරන්න..

     කොඩ් එක ගන්න. ( Ad එක customize කරන්න හැටි පහල තියනවා) මමනම් මේ වර්ගයේ Ads දැම්මේ නෑ . කියවන අයට බාදාවක් නේ.

     Banner Ads දැමීම
    banner ads කියන්නේ සාමාන්‍යයෙන් ලබා දෙන ඇඩ් වර්ගය… මේව අවශ්‍ය ආකාරයට හදාගන්න පුලුවන් වර්ණ වලින්. දැනට අපේ කැටගරිය යටතේ පිංතූර සහිත බැනර් ඇඩ් තිබුනොත් ඇතුලත් වේ.නැතිනම් Text Ads ඇතුලත් වේ. නැතිනම් Ads නොමැති අවස්ථාවට පනිවිඩයක් වැනි දෙයක් හෝ වෙනත් තැනකින් ලබා ගත් Ads දැමිය හැක.

    Manage ad zones වලින් (පිංතූරය 02)  Set up a new ad zone වලට යන්න. Banner and/or text ads වලට විතරක් හරියක් දාලා Banner & text ads තෝරන්න..I will not have incentives to click on ads., I will not place my ad zones on sites that include pornographic content.වලටත් හරි දාන්න. (NEXT) ක්ලික් කරන්න.. 

     මෙතන අපේ Ad එක හදාගන්න තැන.

    1. Pick a size  ඇඩ් එකේ ප්‍රමානය තෝරන්න
    2. Choose colors
    3. Ad content හා Auto approve ads පිංතුරයේ ආකාරයට යොදන්න.
    4. අන්තිමට තියන Headline හා Text කියන තැන් වල Ads නොමැති වෙලාවට පේන Text යොදන්න. (තියන ටිකම හොදයි) සිංහල දැම්මට වැඩ නෑ.. මගෙ සයිට් එකේ යට බලන්නකෝ‍‍‍‍…
    5.  (NEXT) ක්ලික් කරන්න..

    දැන් මෙතනදිත් අර කලින් කීව වගේ සයිට් එකේ විස්තර දෙන්න.. මේ සයිට් එකට කලින් ඇඩ් දාලා තියනවනම් කලින් දාපු ඇඩ් සෝන් එකෙන් Import කරන්න. Ad zone name දෙන්න. (Ad zone name තෝරා ගැනීම පසුව කියන්නම්.)

    (NEXT) ක්ලික් කරන්න..

      මෙතනදි ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් තමා ඇඩ් නැති වෙලාවට Your ad here කියලා වැටෙන එක. මෙන්න විසදුමක්. YES තෝරන්න. දැන් පහල තැනක් ලැබෙනවා.. එතනට වෙනත් ඇඩ් ලබා දෙන තැනකින් ලබා ගත්ත ඇඩ් කෝඩ් එකක් ලබා දෙන්න. geegain, adsense වගේ.. එතකොට අරවිදියට Advertise on this site ව‍ගේ පෙන්නන්නේ නැතිව අපි ලබා දුන් ඇඩ් කෝඩ් එකට අදාල ඇඩ් පෙන්නනවා.. හැබැයි වෙනත් තැනකින් ඇඩ් ලබා ගන්නකොට, දැන් අපි හදන Ad zone එකේ size එකටම ඇඩ්ස් ලබා ගන්න. නැත්නම් වැඩේ දෙල් වෙනවා.. මෙතන තියන
      $ eCPM
    කියන තැනට නම් ලබා දෙන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. කොහොම වුනත් මමනම් 0.5 ත් 2 ත් අතර ගනනක් තමයි දුන්නේ.

    (NEXT) ක්ලික් කරන්න.. කොඩ් එක ගන්න.




    Text Ads දැමීම

    Text ads වලින් අපිට ලැබෙන්නේ අකුරැ වලින් සමන්විත ads. අපිට මේවා ගේ පාට කලින් විදියටම හදන්න පුලුවන්. මේ පහසුකම ඇඩ්සෙන්ස් වල නැද්දකොහෙද..
     Manage ad zones වලින් (පිංතූරය 02)  Set up a new ad zone වලට යන්න. Banner and/or text ads වලට විතරක් හරියක් දාලා Text ads only තෝරන්න.I will not have incentives to click on ads., I will not place my ad zones on sites that include pornographic content.වලටත් හරි දාන්න. (NEXT) ක්ලික් කරන්න.. 

    මෙතනින් ඇඩ් හදාගන්න පුලුවන්..

    1. Number of ads කියන තැනින් පෙන්විය යුතු ඇඩ්ස් ප්‍රමානය ලබා දෙන්න.
    2. Text ad layout වලින් Vertical දුන්නොත් පහලට ඇඩ්ස් දිස්වේ.මේ විදියට

    3. Text ad layout වලින් ‍Horizontal දුන්නොත් කෙලින් තීරැවක් ලෙස ඇඩ්ස් දිස්වේ. Horizontal layout හි පහල පිංතුරයේ ඇති (5) න් දැක්වෙන්නේ. එක් තීරැවක හරහට දිස් වන ඇඩ් ප්‍රමානයයි. (උපරිමය 4 කි) මේ විදියට

     අනිත් ඒවාත් මේ පිංතුරයේ විදියට හදාගන්න.

    (NEXT) ක්ලික් කරන්න..
     මේ පියවරේදී කලින් විදියට සයිට් එකේ විස්තර දෙන්න..


    (NEXT) ක්ලික් කරන්න.


    මේකත් Next කරන්න.


    කෝඩ් එක ගන්න..



    Ad Zone එකක් Delete කිරීම, විස්තර බලා ගැනීම හා Full page ads වෙනස් කිරීම


    Manage ad zones වලට යන්න

    තිබෙන Ad zone වලින් delete කිරීමට අවශ්‍ය adzone එක ඉදිරියේ ඇති More ක්ලික් කරන්න. ලැබෙන මෙනුවෙහි

    Daily statistics හා
    Ad statistics විස්තර බලා ගැනීමටද
    Ad zone perferences වෙනස්කම් කිරීමට
    Get Ad code කෝඩ් එක නැවත ලබා ගැනීම
    View site profile සයිට් එකට ලබා දුන් විස්තර බලා ගැනීම‍ට
    Delete ad zone ඉවත් කිරීමට.

    Full page ads වෙනස් කිරීම

    Full page ads  සාදා ගත් පසු Manage ad zones හි එම zone එක ඉදිරියෙන් ඇති More click කර Full page ad header යන්න

    වෙනස් කරන්නේ මෙහෙමයි..

     මෙතන සෙල්ලම මේකයි. ඔය රතු පාටින් රවුම්කරලා තියන තැනට යටින් තියෙන්නේ අපේ ඇඩ් එක.. මේ ඇඩ් පිටුව වැහෙන්නම තියනවා.. 
    1 ස්ථානයේ අපිට අවශ්‍ය ලාංඡනයක් දැම්මහැකි.. ඒත වැටෙන්නේ කාගෙද මංද ලෝකය කියල තියෙන්නේ… අන්න එතනට
    3 ස්ථානයේ පසුබිම් වර්ණය
    3 ස්ථානයේ පසුබිමට පිංතුරයක් දාන්න පුලුවන්….
    4 ස්ථානයෙන් තමයි ඒ පිංතුරය ඉවත් කරන්නේ..
    5 ස්ථානයේ Ad එකින් ඉවත් වන button එක තෝරන්න.
    6 දැන් Save and continue කික් කොරන්ඩ…

    කලින් ඇඩ් කෝඩ් එක දාලා තිබ්බනම් ඒක අයින් කරලා අලුතින් තෝඩ් එක අරන් දාන්න. 

    තවත් පහසුකම්

    1. එක වරකට එක් ආකාරයක දැන්වීමක් පමණක් නොව කිහිප ආකාරයක දැන්වීම් ලබා ගත හැකි වීම. (පසුව කියන්නම් කීව හේතුව මේක තමා.. අපි මුලින්ම ආකාර කිහිපයක දැන්වීම් තේරැවොත් අපේ අඩවියට නොගැලපෙන විදිහේ Ads ලැබෙන්න පුලුවන්.)
    2. Adsense වල නැති පහසුකමක් වන Fullpage ads ලබාදීම
    3. AdBrite directoryයක් තිබීම. මෙහි අපගේ වෙබ් අඩවි පිලිබද විස්තර අඩංගු වේ..


    Tips & Tricks

    Import info from one of your existing sites කියන තැනින් import කරනකොට ඒ import කරන සයිට් එකේ වෙන දැන්වීමක් සදහා පමනක් import කරන්න. වෙන අලුත් සයිට් එකකට ඇඩ් දානවනම් පලමු වතාවේ ඒ සයිට් එකේ විස්තර ඇතුලත් කරලා දෙවන ඇඩ් එකේ සිට import කරන්න. මං හිතන්නේ මම කියන්න හදන දේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති..


    ad zone name එකක් දාන්නේ Manage ad zones කලාපයේ දී ඒ ඇඩ් එක හදුනාගන්න ලේසි වෙන්න.. ඒ නම අපිට තේරෙන විදියට සයිට් එකේ නමයි ඇඩ් සයිස් එක හෝ ස්ථානය දැම්මම ඇති.
        උදා:   Sinhala blog sidebar ad.
                 boosttips හි top banner   වගේ

    Ad zone එකක් Active වෙන්න පැය 24 ක් විතර යනවා.Active වුනාම e-mail එකක් එවාවි.

    ඉතින් තවත් දැනගන්න මොනවහරි තියනවනම් කියන්න..දන්නවනම් කියාදෙන්නම්… ප්‍රයෝජනවත් දෙයක් නම්___________ දන්නවනේ ඉතින්‍…………

    මම තව දවස් කීපයකින් Referral හා advertisers ගැනත් ලිපියක් දාන්නම්..

    නැවත හමුවෙමු…….